
(නිමල කොඩිතුවක්කු)
කොරෝනා වසංගතය අවසන් වන තෙක් සාමාන්‍ය සේවා බස් ගාස්තුව මෙන් එකහමාර ගුණයකින් සහ අවම බස් ගාස්තුව රුපියල් 20 දක්වා තාවකාලික බස් ගාස්තු සංශෝධනයක් කඩිනමින් සිදුවිය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ලංකාදීපයට පැවසීය.
මෙම බස් ගාස්තු සංශෝධනය සහ කොරෝනා වසංගත සමයේ බස් කර්මාන්තයේ සිදුවිය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් යෝජනා ඇතුළත් යෝජනාවලියක් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට අද (04) දිනයේ භාර දුන් බව ද ඔහු සඳහන් කළේය.
ඒ අනුව එක් මගියකුට එක් ආසනයක් පමණක් හිමිවන ලෙස සෞඛ්යාරක්ෂිත වැඩපිළිවෙළක් මේ සමග යෝජනා කළ බව ද විජේරත්න මහතා සඳහන් කළේය.
මෙම සංශෝධන අනුව අර්ධ සුඛෝපභෝගී බස් ගාස්තු වල වෙනසක් නොකළ යුතු බවත් අධි සුඛෝපභෝගී බස් රථ ගාස්තුව මෙන් 1.25 ක ගාස්තුවක් අය කරන ලෙසට යෝජනා කළ බවත් හෙතෙම පැවසීය.
දුර ගමන් සේවා බස්රථ ගමනාන්තය දක්වා ප්‍රවේශපත්‍ර නිකුත් කළ යුතු අතර අතරමගදී මගීන් නංවා ගැනීම නොකළ යුතු වේ.
බස් රථ මගින් පිටුපස දොරින් ඇතුළු වී ඉදිරිපස දොරින් දොරින් පිටවිය යුතු අතර කොන්දොස්තර මහතා පිටුපස ආසනය අසල රැඳී සිටිය යුතු අතර ඔහු බස්රථයේ එහා මෙහා ගමන් කිරීම නොකළ යුතුවේ.
බස් රථ මගින් සහ බස් රථ සේවකයන් සෞඛ්යාරක්ෂිත මුඛ ආවරණ පැළදීම අනිවාර්ය අතර බස්රථ විසබීජහරණයට ද ලක් කළ යුතු වේ.
බස් රථ මගින් ද ආරක්ෂා කර ගනිමින් බස් රථ කර්මාන්තය පවත්වා ගැනීමේ අරමුණින් මෙම යෝජනා ඉදිරිපත් කළ බවද බවද ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කර්මාන්තය කරන අය ගැන සිතිය යුතුයි.
කාලෝචිතයි. සාධාරණ යෝජනාවක්. හැබැයි ඔය කියන ආකාරයෙන්ම ඉදිරියටත් වැඩේ යන්න ඕන. ඒ වගේම වැඩිපුර අරන් යන ඒක මගියෙකු වෙනුවෙන් රැපියල් 1000 ක දඩයක් ද නියම කරන්න. නැත්නම් මේගොල්ලන්ට මුල මතක නැහැ. එහෙම කරනව නම් තව කියක් හරි වැඩි කලත් කමක් නැහැ. දෙපැත්තම සාධාරණ වෙන්න ඕනා. ඒ වගේම ජනතාව වෙනුවෙන් කරන සේවයක්. ඒත පාඩු පිට කරන්න බැහැ. බස් සේවයට තව තවත් සහන දෙන්න. පුලුවන් නම් ඩිසල් වලිනුත් මිල ටිකක් අඩු කරන්න. ලිසිං වාරික ගෙවීමේ දී උපරිම සහන සලස්වන්න. පුද්ගලික බස් සේවය ආරක්ෂා කර ගත යුතු වෙනවා. පාර්ලිමේන්තුවේ ඉන්න අයට මේව අවශ්‍ය නැහැ. ඒ ගොල්ලන්ගේ විපාකෙ තමයි අපි කවුරැත් ගෙවන්නෙ. බස් කර්මාන්තය ආරක්ෂ කර නොගත හොත් සියලු දේ කඩා වැටෙනවා.
අවම ගාස්තුව 20? ඔයාලා වගේ ය හින්දා තමයි කොරෝනා වගේ වසංගත එන්නේ.
ඉස්සර තිබුන තාවකාලික NGO ටකරන් මඩු දැන් බලනකොට ස්ථිර මාලිගා වෙලා තියෙන විදිය මතකයට එනවා.... මිනිස්සුන්ට හෙන හතම වැදුනත් අපට මොකෝ අපේ බඩවියත රැකෙනවා නම්....
මම හිතන්නේ ඒක හොද ඉල්ලීම් ටිකක්...
රටේ මගී ජනතාව ගැන කිසිදු තැකීමක් නොකරන සාමාන්‍ය දිනයන්හිදී මගීන් දැඩි පීඩාවට පත්කරන ප්‍රවෙශ පත් නිකුත් නොකරන, සියලු අවහිරකම් හා මගියා පීඩනයට පත්කරන මේ මාෆියාවට යටනොවිය යුතුයි. රටේ ජනතාව මේ බස් ගැමුණුගේ මාෆියාවට වඩා අසරණ වී ඇත.
වටයක් කැරකිලා නටපන් ගැමුණු....
මුන්ට ඔනෙ සල්ලි විතරයි ... හම්බකරන මිනිස්සු ජීවත් වෙලා ඉන්න එපෑයැ... මිනිස්සු බස්වල යන්නේ නැති ගාණට පත්වෙනවා.
මේ කොරොනා අස්සේ මිනිස්සුන්ට බස්ගාස්තු තියා පැනඩොල් පෙත්නක් ගන්ඩ වත් කීයක් හරි හොයාගන්ඩ බැරුව ඉන්නේ, මස් රාත්තලමද හැමදාම ඉල්ලන්නේ, හිතක් පපුවක් නැහැ...
පිස්සුද හලෝ..?
"එක් මගියකුට එක් ආසනයක්,කොන්දොස්තර මහතා පිටුපස ආසනය අසල රැඳී සිටිය යුතු අතර ඔහු බස්රථයේ එහා මෙහා ගමන් කිරීම නොකළ යුතුවේ". කොරයි මේන් කියල.... මේ හදන්නේ කියක් හරි කඩාගන්න. දැන් ගොඩක් බස් නිකන් තියෙන්නේ ධාවනය වන්නේ නෑ කියලා මාධ්‍ය මගින් කිව්වා. මේ කියන්නේ වැඩකරන්නේ නැති අයටත් පඩි මහජනතාවට ගෙවන්න කියලද? 5000 දෙයි ග්‍රාමසේවක ලගට ගිහින් ගන්න...
හරියටම සතියකින් පස්සේ මේ සියළු දේවල් වලින් ක්‍රියාත්මක වෙන්නේ ගාස්තුව වැඩිවීම විතරයි. කිසිම ඉල්ලීමකට ඉඩ දෙන්න එපා. අර කලින් ක්‍රියාත්මක කරපු කෙටි පණිවුඩ ක්‍රමයෙන් දුම්රිය වෙන්කර ගැනීමේ පහසුකම පටන් අරන් ලංගම බස් ටික හරියට කාල සටහනකට ක්‍රියාත්මක කරන්න. ඒ විතරක් නෙවෙයි දුවන්නේ නැති ප්‍රයිවට් බස් ටික කිසිම වන්දියක් නොදී රජයට පවරගෙන ලංගම අතිරේක සේවකයන් යොදවා මහජනතාව වෙනුවෙන් ධාවනය කරන්න. මේ අයට ඕනේ මොන විදියකින් හරි එක්කෝ රජය අපහසුතාවයට පත් කරන්නයි. මේ ඉල්ලීම් නුදුන්නොත් ඒ අරමුණ ඉෂ්ඨ වෙනවා.. ඉල්ලීම් දුන්නොත් ලාබ ලැබෙනවා. අඩුම ගානේ දුවන්නේ නැති බස්වල බලපත්‍ර අහෝසි කර ලීසිං හා රක්ෂණ වාරික හරියටම නියම දිනට අය කරගන්න. එහෙම අයකර ගන්න බැරිව ප්‍රමාදවන හැම මාසයකටම පොලියක් අයකරන්න.
මෙතන යම් සාධාරනත්වයක් තිබෙනවා. නමුත් කල යුත්තේ ගාස්තු වැඩි කිරීම නොවෙයි. ඉන්ධන සහනාධාරයක් දෙන එක. බස් වලට චාරිකා සඳහා අවසර නැති නිසා එම සහනාධාරයෙන් වෙන රවුම් ගහන්න ලැබෙන්නේත් නැහැ.
මෙයා යහපාලනේ ගේන්න උඩින්ම වැඩ කරපු කෙනෙක්. මෙයාගේ කීමට බස් කාරයෝ ඔක්කොම සපෝට් කරා යහපාලනේට චන්දෙ දෙන්න. බස් ගැමුණු යහපාලනේ එක්ක අප්සෙට් වුණේ සයිටම් කේස් එකෙන් පස්සෙ... ඊට පස්සේ මෙයාම තමයි ඒ කාලේ බස් ස්ට්‍රයික් කරවලා මිනිස්සුන්ට එපා කෙරෙව්වේ. මෙයාලා ඒ කාලේ කරපුවා තමයි දැන් ඔය පල දෙන්නේ. කාට කාටත් ඔච්චරයි මහත්තයෝ. හිතවත් ගෑස් කම්පැණි දාලා මිනිස්සුන්ට ගෑස් නැති කෙරෙව්වා. දැන් ඇත්තටම මිනිස්සුන්ට කන්න නෑ. මේවා පලදෙන්න පටන්ගත්තා විතරයි. අපිත් බලාගෙන ඉමු.