දිවයින පුරා පැවති පෞද්ගලික බස් වර්ජනය අතරතුරදී පහරකෑමට ලක්වු මගීන් සහ ලංකා ගමනාගමන මණ්ඩල සේවකයින්ට වන්දි ප්‍රදානය කිරීම ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට ලංකා ගමනාගමන මණ්ඩල ප්‍රධාන කාර්යාලයේදී සිදු කැරිණි.
වන්දි ලැබු පිරිස අතර මගීන් සිව්දෙනකු, බස් රථ රියදුරන් 18 දෙනකු සහ කොන්දොස්තරවරයකු වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහරකෑමට ලක්වුවන්ට යම් සාධාරණයක් ඉටුකිරීම සුදුසුය. එහෙත් එම වන්දි මුදල් ගෙවීම සඳහා වර්ජනයට සම්බන්ධ සියලුම වෘත්තීය සමිතිවලින් අය කරගත යුතුය. මේ සඳහා නීතිමය හැකියාවක් පවතින්නේ නම් වර්ජකයන් නීතිවිරෝධී ක්‍රියාවල යෙදෙන්නේ නැත. හැම කුණු ගොඩකම බර දැනෙන්නේ අඩු අාදායම් ලබන ජනතාවට බව කවුරුත් තේරුම්ගත යුතුය. වර්ජකයන් මැරයන් කරන දේශපාලන හස්තද එදත් අදත් අපි දකින්නෙමු. (නි)
වර්ජනය නම් අති සාර්ථකයි. දැන් ඉතින් ගෙවපල්ලකෝ ගෙවපු බදු වලට දඩ. මේවා නම් අයකර ගන්නම ඕනෑ බස් හිමියන්ගෙනුයි, වර්ජනයට සහභාගි වුණ අයගෙනුයි (නි)
මෙම වන්දිය සහ ලංගම බස්ව වලට වූ අලාභය වර්ජනයට මුල්වූ බස් සමිතිවලින් අයකරගෙන වින්දිතයනට ලබාදිය යුතු ලෙස නීති රෙගුලාසි සම්මත කරගත යුතුයි වහාම. රජයේ දැඩි අවධානය යොමුවිය යුතුයි මේ ගැන. වර්ජනය ඔවුන්ගේ අයිතියක්. එසේ වුවත් වර්ජනය නොකරපු පාර්ශවයනට පහරදීමට, කඩාකප්පල්කාරී වැඩ කිරීමට අධිකාරී බලයක් තිබේද මේ අයට..? .මේ එක සමිතියක්වත් මේ වින්දිතයන් ගැන වචනයක්වත් කතාකළාද..? සොයාබැලුවාද...? (නි)
මේ වර්ජන අර ගර්ජන නිසා බැටකන අහිංසක ජනතාවට වන්දි ගෙවන්න කවුරුත් නැහැ. අනේද කියන්නේ! (නි)
ගුටිකෑවත් පාඩු නැහැ නේද? (නි)
මේ විදියට බස් වලට පහරදීපු මිනිසුන්ගෙන් නේද මේක අයකර ගන්න ඕනෑ. බස් වලට පහරදීපු දෙන්නෙක් විතරක් පානදුරේදී පොලිසිය අල්ලාගෙන තියනවා නේද. ඔය දෙන්නට ලංකාවේ පුරාම බස් 190 කට ගහන්න පුලුවන්ද? අන්තිමට මේ වන්දි ගෙවන්න වෙන්නේ මේ රටේ ඉන්න සියලුම ජනතාවට බදු හැටියට. (නි)
පුදුම රටක් , කාගේ සල්ලිද මේ ගෙවන්නේ. තව දවස් දෙකක් ඉඩ දුන්න නම් බල්ලෝ වගේ බස් කාරයෝ වැඩ. (බ)