අයැවැයෙන් රුපියල් 25000 දක්වා වැඩි කළ දඩ මුදල පෙර තිබු රුපියල් 550 දක්වා අඩු කරන තෙක් අඛන්ඩව දිගටම වැඩ වර්ජනය කරන බව බස් හිමියෝ කියති.
මේ අතර අද පොළොන්නරුවේ පෞදගලික බස් පහක් ධාවනය වු බව වාර්තා වෙයි.
අයැවැයෙන් රුපියල් 25000 දක්වා වැඩි කළ දඩ මුදල පෙර තිබු රුපියල් 550 දක්වා අඩු කරන තෙක් අඛන්ඩව දිගටම වැඩ වර්ජනය කරන බව බස් හිමියෝ කියති.
මේ අතර අද පොළොන්නරුවේ පෞදගලික බස් පහක් ධාවනය වු බව වාර්තා වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ගේ ධාවන පත් අවලංගුකර, රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. මොකද මේ අයයි ත්‍රීවීල් අයයි තමා වැඩියෙන් වැරදි කරන්නේ (නි)
ඕකට ඉතින් ඒගොල්ලන්ටම අඛණ්ඩ උපවාසයක් තමා කරන්න වෙන්නේ (නි)
නීතිගරුක පුරවැසියනි, මිනීමරන්න ලයිසන් දෙන්න එපා. දඩ මුදල වැඩි කරන්න රජයට බලකරන්න. ඔබගේ අනාගත සුබසිද්ධිය සඳහා එක්වන්න. (නි)
රජයේ හොඳ දියුණු ප්‍රවාහන සේවයක් තිබුනා නම් මෙහෙම ආඩම්බර බලන්න ඕනෑ නැහැනේ. දැන්වත් කල් නොයවා සැපපහසු ප්‍රමිති බස් සේවයක් හදන්න. ඇමතිවරු පිට රට සවාරි ගියාම එයාලට පෙනෙන්නේ නැද්ද ලෝකේ තියෙන දියුණු ප්‍රවාහන ක්‍රම. චාරයක් නැති ප්‍රයිවට් බස් මේ රටට මහා විනයක් සහ ඇණයක්. මේ රට කවද හැදෙයිද? නීතියක් අලුතින් ගෙනෙන්න බැරි එකම රට. (නි)
වැඩිම වුණොත් ඉරිදා හවස් වෙනකන් තියෙයි. සඳුදා ඕලෙවල් පිට දාලා වැඩේ ඉවරයි (නි)
මෙම දුෂ්කර අවස්ථාවේදී විකල්ප ප්‍රවාහන ක්‍රම ගැන සිතමු. හමුදා සහ පොලිස් ට්‍රක් රථ මගින් මගීන් ප්‍රවාහනය කරමු. බොහෝ කාර් සහ වෑන් වල යන්නේ රියදුරා විතරයි. කැමති අයට මුදල් ගෙන හෝ නොගෙන මගීන් ගෙනයන්න තාවකාලීකව අවසර ලබාදෙන්න. (නි)
දඩයක් කියන්නේ දිනපතා, සතිපතා හෝ මාසිකව අනිවාර්යයෙන් ගෙවිය යුතු රක්ෂණ, ෆිනෑන්ස්, එහෙම නැත්නම් බලපත්‍ර ගාස්තු වගේ දෙයක් නොවෙයි. වරදට දඬුවමක්. මෙයින් පැහැදිලිවම තේරුම් යන්නේ පුද්ගලික බස් රියදුරන් දැන දැනම මේ වැරදි සිදුකරන බවත්, ඉදිරියේදීත් ඔවුන්ට මේ වැරදි කිරීමට අවසර තිබිය යුතු බවත් නේද (නි)
දඩය දහ ගුණයකින් වැඩිකළත් මොකද වැරදි නොකරනවා නම් (නි)
සැම දියුණු රටක්ම මාර්ග නීති කැඩීම් වලට උපරිම දඬුවම් නීතිගත කර ඇත. ඒ මාර්ග අනතුරු අඩු කිරීමටය. රියදුරන් වැරදි කරනවා යනු වෙනත් අහිංසක ජීවත අනතුරට පත් කිරීමයි. ඕස්ට්‍රේලියාවේ දුරකථනය භාවිතා කරමින් රිය පැදවීමේ දඩය ශ්‍රී ලංකා රුපියල් 50,000 කට වැඩිය. බස් හිමියන්ගේ උවමනාවට මෙම දඩය වෙනස් කළයුතු නැත (නි)
අනේ අපට මොකද..... ඔන්න ඔහේ ස්ට්‍රයික් කරපුවාවේ. එදාවේල ටුවර්ස්ලාට ඔය නාටකය දිගටම නටන්න බැහැ (නි)
මේ අයට විරුද්ධව කටයුතු කළයුතුයි. ලංගම බස් වලට අලාභහානි කරන එකට මොනවාහරි කළයුතුයි. (නි)
වැඩ වර්ජනය කරන පෞද්ගලික බස් වල මාර්ග බලපත් තහනම් කරන්න. (නි)
ඉතාම අසාධාරණ වර්ජනයක්. ඔවුන්ට ඔලුව නමන්න එපා. (නි)
පුදුමයි මොවුන් රුපියල් 550 ක්වත් ගෙවන්න ලෑස්තියි කියන එක සහ වැරැද්ද පිළිගන්න එක. ඊළඟ වර්ජනයෙන් වැරදි කළාට දඩ ගහන්න එපා කියාවි. (නි)
රජයක් වශයෙන් මේ වගේ අවස්ථා වලට මුහුණදීමට වැඩපිළිවෙළක් ඇති කළයුතුයි. එතකොට ඔය කවුරුවත් නටන්නෙ නැහැ. එදාවේල හොයාගන්න දඟලන ත්‍රීවීල් කට්ටියත් මේකට එකතුවෙලා. ලැජ්ජාවේ බැහැ (නි)
වැරදි කරන්නේ නැත්නම් මොකටද දඩගෙවන්නේ මොකටද ඔයතරම් බයවෙන්නේ. (නි)
බමුණු, කාර් වල යන අය වැරදි කරන්නේ නැහැ කියන්නේ කොහොමද? අර දියවන්නාව පැත්තට එක හුස්මට පිබගෙන යන වාහන වල අයට ජිවිතේට අහපු නැති සුද්ද සිංහලත් කියාගෙන ඉරි කපාගෙන අහස යානාවටත් වඩා වේගෙන් යන්න හදන අයටත් මේ නිතිය මේ විදියටම බලපානවා නම් අපි කැමතියි (ර)
මෙතන අදහස් දාලා තියෙන හැම කෙනෙක්ම එකම පැත්තයි දැකලා තියෙන්නේ. මේ අය මම හිතන්නේ අඩුම ගණනේ යතුරු පැදියක්වත් තියෙන අය නොවෙයි වෙන්න ඇති. නෝනා මහතුනේ, පහුගිය කාලේ පී. එච්. අයි. මහත්තුරු ඩෙංගු බලන්න ගෙවල්වලට ඇවිල්ලා ලොකු මුදල් දඩ ගැහුවා. ඩෙංගු වල දඩය රු. 50000ක් 75000ක් විතර කළොත් මේ අදහස් දාලා තියෙන අය එම නීතියත් හොඳයි වැරදි නොකර ඉමු කියලා නිහඬව ඉන්නවද. වාහන වල දඩ ගෙවන්න ඕනෑ වාහන වල අයනේ නේද. දැන්වත් ඔය පිටසක්වල ලෝක වලින් බැහැලා ඇවිල්ලා මේ පොළවේ පය ගහලා ජීවත්වෙන්න. (නි)
මේ යහපාලන සර්ව පිත්තල ප්‍රෝඩාව මහා ඔලුවෙන් අනුමත කරමින් ඡන්දය දුන් බහුතර ලක්වැසි නුඹලාට විඳවන්න වෙයි. (නි)
පුද්ගලික බස්, ත්‍රීවීල්, වෑන්, යතුරුපැදි දිහා විතරයිනේ පොලීසිය බලන්නේ. එ්කයි ගැටලුව (නි)
ශත 5ක්වත් අඩු කරන්න එපා. 250000 දක්වා වැඩි කරන්න. (නි)
සාරා පුද්ගලික බස්, ත්‍රීවීල්, වෑන්, යතුරුපැදි දිහා විතරයි බලන්න ඕනේ කාර් වල යන මහත්වරු රේස් යන්නේ වත් වමෙන් ඉස්සරහ කරන්නේවත් නැත. (ර)
වාහන වල දඩ ගෙවන්න ඕනෑ වාහන වල අයනේ නේද. ඔව් නැතුව පාරේ හිටගෙන ඉන්න අය නොවෙයි. වාහන වල යන්න වාහන නීති අනුගමනය කරමින්. ඔබල නීතිකඩල අමරුවේ වැටුනට අපට කමක් නැත. නමුත් ඔබලාගේ මාර්ග නීති කැඩීමෙන් අනික් රියදුරන්ට කරදර වෙනවනම් ඒවා වලක්වා ගැනීමට තද නීති ආවාට කමක් නැත. පුද්ගලික බස්, ත්‍රීවීල්, වෑන්, යතුරුපැදි කාරයින් කරන මාර්ග නීති කැඩීම නිසා වාහන වල යන අපිටයි කරදර. (ර)
ඊයේ දවසේ ජනතාව කොපමණ දුක් වින්දාද? මෙයට විසදුමක් සොයාගන්න (ර)
මේ අදහස් දාලා තියෙන අය එම නීතියත් හොඳයි වැරදි නොකර ඉමු කියලා නිහඬව ඉන්නවද. වැරදි කලොත් එගොල්ලොමනේ ගෙවන්නේ අපිට මොකෝ විජේපාල මහතාට මොකෝ? (ර)
දඩය 550 කරන්න කියන්නේ අපිට ඒ වරද කරන්න ඉඩ දෙන්න කියලනේ.? (ර)