වැඩ වර්ජනය කළ බස් සංගම් සිකුරාදා රාත්‍රී වර්ජනය අවසන් කළ බවත් අද උදේ 7.30ට මෛත්‍රීපාල සිරිසේන ජනපති හමුවී සාකච්ඡා කරන බවත් ජනාධිති කාර්යාල ආරංචි කියයි. වර්ජනය අවසන්කරතොත් සාකච්ඡා කිරීමට ජනපති සූදානම් බව බස්නාහිර මහ ඇමැති ඉසුරු දේවප්‍රිය මහතා වර්ජක සමිතිවලට ඊයේ රාත්‍රියේ දැනුම් දුන්නේය. ඒ අනුව ඔවුහු වර්ජනය අවසන් කළහ. බරපතල මාර්ග නීති කඩවීම් හතකට රුපියල් 25,000.00ක දඩ ගැසීමට එරෙහිව වර්ජනය ඇරඹූ බස් සංගම් කියා සිටියේ පෙර පැවති රුපියල් 550.00 දඩය මෙලෙස වැඩි කිරීම අසාධාරණ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලිත කේ මහත්තයෝ දැන්වත් යථාර්තයට මුහුණ දෙන්න. ඔයා ජීවත්වෙන්නේ ලංකාවෙනෙ. පුද්ගලික බස් සහමුලින්ම අයින් කරහම රස්සාවල් වලට යන මිනිස්සු යන්නේ කොහොමද? ඊයේ එක දවසට මිනිස්සු කොච්චර දුක් වින්දද. (ර)
මොනව අඩු කලත් ජංගම දුරකථන කනේ ගහගෙන රථය පදවන රියදුරන්ටයි, වමිපැත්තෙන් ඉස්සර කරන්න යන රියදුරන්ටයි, තනි ඉර හෝ ඉරිදෙකම කපල ඉස්සර කරන රියදුරන්ටයි. දඩය 100000ක් වත්කලයුතුයි. එසේ කිරිමට රජයට ශක්තිය ධෙෙර්‍යය ලැබෙවා. (ර)
යන්තම් හරි පාසල් අධ්‍යාපනයක් ලබා තිබෙන ඕනෑම කෙනෙකුට තේරෙනවා මාර්ග නීති තියෙන්නේ හැමෝගෙම ජිවිත ආරක්ෂාවට කියලා. පුද්ගලික බස් ත්‍රීරෝද වලට වෙනම නීතියක් නැහැ. වැරදි විදියට මාර්ගයේ යන පදිකයින්ටත් දැඩි දඩ ගහන්න ඕනෑ දියුණු රටවල වගේ. ඒ රටවල් දියුණු වුණේ මෙවැනි නිවැරදි ක්‍රියාකලාප නිසා (නි)
දඩය නම් අඩු කරන්නම එපා. අහිංසක ජනතාවගේ ආරක්ෂාව ගැන හිතන්න. (ර)
දඩය නම් අඩු කරන්න එපා. (නි)
එයාලම වර්ජන කරනවා. එයාලම අවසන් කරනවා (නි)
රජයේ ප්‍රවාහන සේවය කඩිනම් කළා නම් පෞද්ගලික බස් උවමනා නැහැ. දඩය නම් අඩු කරන්න එපා (නි)
මොවුන්ට ගහලා පන්නලා දාලා, බලපත්‍ර තහනම් කළයුතුයි (නි)
බුද්ධිමත්, දුප්පත් හැඟීම් දන්නා බුද්ධිමතුන්ට රටක් ඉතා ලස්සනට පාලනය කළ හැක. සියලු සම්පත් ඇති පොහොසත්, සුඛෝපභෝගී ජිවිතයක් ගත කරන වංචාකාරී පුද්ගලයින්ට හරි නීතියක් ගෙන එන්නට නුපුළුවන. වර්තමාන ජනාධිපතිතුමා දුප්පත් මිනිසා ගැන දන්නා නිසාත්, දුප්පත්, පුංචි 3 වන ලෝකයේ රටක් වන ලංකාවට ඔබින නීතියක් ක්‍රමයක් ඔබ අපට ජනතාවට ගෙනදේවි. හෙට දින අප කව්රුත් බලාසිටිමු. (නි)
මේ එන නත්තලට, අලුත් අවුරුද්දට වාහන දඩ, බදු වෙනුවෙන් රටේ වගකිවයුත්තන් ඔබලාට හොඳ තෑග්ගක් විදිහට හිත හැදෙන වචනයක් දෙයි. (නි)
ජනාධිපතිතුමනි, ඔබතුමාට ගොඩක්ම පින් මේ ප්‍රශ්නය යහපත් විදියට විසඳලා මිනිසුන්ගේ ජන ජීවිතය යථා තත්වයට ගන්න. (නි)
අපරාදෙ! බයක් සැකක් නැතිව පාරේ ගමන් කළේ එක දවසනේ. අපි සීටීබී වැඩිකරන්න කියලා වර්ජනයක් කරමුද (නි)
වමෙන් ඉස්සර කිරීම බරපතලම වරදක්. අනතුරු වැඩි එ් නිසයි. එ්කේ දඩය 50000/=වත් කරන්න. පාරේ නීතිය අකුරටම ඉටු කරන අයට එ්කේ බලපෑමක් නැහැ. අනතුරුත් නැහැ.
වමෙන් ඉස්සර කිරීම බරපතලම වරදක්. අනතුරු වැඩි එ් නිසයි. එ්කේ දඩය 50000/=වත් කරන්න. පාරේ නීතිය අකුරටම ඉටු කරන අයට එ්කේ බලපෑමක් නැහැ. නතුරුත් නැහැ. (නි)
අන්තිමට කොහොමහරි දුප්පත් මගියා මහ පාරේ දුක් වින්ඳා. කාගේ හරි ඡන්ද ගොඩ වැඩි කරගන්න කරපු දේ හරි වගේ (නි)
මහා පාරේ අවනීතිය රජ කරවන පුද්ගලික බස් සහ මුලින්ම ලංකාවෙන් ඉවත් කරන්න ඕනෑ. රජය ප්‍රවාහන සේවය හැකිතරම් ඉක්මනින් දියුණු කරන්න ඕනෑ (නි)
දඩය නම් අඩු කරන්න එපා. රජය ඔයතරම් බයද? (නි)
එදා යන්න බැහැ කිව්ව අය අද බයවෙලා පර්මිට් අයින් කරනවා කිවුවහම. (නි)
1980 ගණන් වල පෞද්ගලික බස් හදුන්වා දුන්නේ රජයට තනිවම බස් කර්මාන්තෙ කරන්න මුදල් නැති නිසා .එතකොට ලංගමය දියුණු කරන්න අද රටේ මුදල් තියෙනවද ? ගෙවුණු අවුරුදු දෙකට කිසිම අලුත් බසයක් ලංගමට දීල නැහැ . කිසිම දුම්රියක් හෝ පෙට්ටියක් ගෙන්වලා නැහැ. පාරේ පිච්චුනු විදුලි බුබුල මාරු කරන්න වත් සල්ලි නැති එකේ එකපාරට බස් 7000 විතර ගෙනෙයි කියල කට්ටියක් දවල් හීන බලනවා. (බ)
මේ අය එක්ක මොන සාකච්චාද? (ර)
දඩය නම් අඩු කරන්නම එපා.(ර)
බස් සංගම් වලට යට නොවිය යුතුය. දිනපතා පාරේ මැරෙන මිනිසුන්ට කව්ද වග කියන්නේ. විනයක් නැති නීතියට ගරු නොකරන මිනිසුන් මානව වර්ගයාටම ශාපයක්. (ර)
ඔය වැරදිවලට, දඩය 15,000ක් කරලා මාස 6ක් ඇපත් නොදී හිරේ දාන්න. නැතුව මේ අය හදන්න බැහැ. වැරදිකරන්න ( මිනී මරන්න ) ලයිසන් ඉල්ලන අසාධාරණ සහ අමානුෂික ඉල්ලීමක් ඔය. (ර)
වැඩිකළ දඩය අසාධාරණයි. (ර)
මේ අයට වර්ජනය කරන්න ඉඩ දෙන්න පෞද්ගලික බස් ඕනි නෑ ලංකාවට සී.ටී.බී එක දියුණු කරන්න මේක හොදම අවස්ථාවක් (ර)
හොඳ විදියට ප්‍රශ්නේ විසඳුවාට ස්තුතියි (ර)
දඩය රුපියල් 100000 දක්වා වැඩිකළ යුතුයි (ර)
පාලිත ලංකාව තවම නොදියුණු අසාර්ථක රටක් වෙලා තියෙන්නේ මිනිසුන්ගේ ඔය ආකල්ප නිසා....(ර)