ජූනි පළමු වැනිදා සිට බස් රියදුරන් ලෙස සේවය කිරීමට අවසර ලබා දෙන්නේ රියදුරු බලපත්‍රය හා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තුමේන්තුව ලබා දෙන සහතිකය ලැබු රියදුරන්ට පමණක් බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා කියයි.
මෙය ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය හා පෞද්ගලික අංශ දෙකටම අදාළ බවද ඒ මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ආරම්භයක්. එ්ත් අනතුරු අවම කරගන්න නම් තව බොහෝ දේ තියෙනවා කරන්න. අනතුරු හුඟාක් වෙලා තියෙන්නේ රියදුරා බීමත්ව ඉඳලා, පාරේ රේස් ගිහිල්ල හෝ නින්ද ගිහිල්ලා. රියදුරන්ට තමන්ගේ රාජකාරිය හරියට කරන්න නම් නිරවුල් මනසක් සහ හොඳ සෞඛ්‍ය තත්වයක් තිබිය යුතුයි. දවසකට වැඩ කරන පැය ගණන සීමා කිරීම මගින් අධික වෙහෙස නිසා සේවය කරන අතරේ නින්ද යාම අවම කරගන්න පුළුවන්. ලෙඩ රෝගවලට නිවැරදි ප්‍රතිකාර ලබා ගැනීමට හැකි වෙන විදියේ රක්ෂණ ක්‍රමයක් ඇතිකිරීමෙන් මේ සේවයේ ගුණාත්මකබව දියුණු කරන්නත් පුළුවන්. හොඳ වැටුප් ක්‍රමයක් ඇතිකිරීම මඟින් එකිනෙකා පරයා පාරේ රේස් යාම අවම කරගන්නත් පුළුවන් වේවි. ඒවගේම සේවය අතරතුර බීමත්ව සිටී නම් ඔවුන් වහාම සේවයෙන් අස්කිරීමත් කළයුතුයි. (නි)
ඕකටත් අභියාචනාධිකරණයට ගියා නම් හරිනේ! (නි)
කලකට ඉහතදී වාහන එළවා මිනීමරන්නත් ලයිසන් දෙන කාලයක් තිබුනා. ඔය කරන්න යන වැඩේ අකුරටම කෙරුවොත් මාර්ග අනතුරු බොහෝසෙයින් අඩුවේවි (නි)
හරියට කරනවා නම් හොඳ දෙයක් (නි)
හොඳයි. ඒත් සහතිකයක් විතරක් මදි. විනය ඇති කිරීමට කෙටිකාලීන හෝ පාඨමාලාවක් අනිවාර්ය කරන්න. රජයටත් ගාණක් හොයාගත හැකියි. (නි)
හොඳ වැඩක්. හැබැයි බස් අනතුරු සිද්ධවෙන බොහොම වෙලාවට රියදුරු ආසනේ ඉඳලා තියෙන්නේ ලයිසන් නැති මිනිහෙක්. නැත්නම් කොන්දොස්තර. අර ඉස්සර තිබුන හොඳම රියදුරු තෝරනවා වගේ රියදුරන් ගැන, කොන්දොස්තරවරුන් ගැන (රියල්ටි ෂෝ වල වගේ) අපේ ටෙක්ස්ට් පණිවුඩ ලබාගෙන ලකුණු දෙන ක්‍රමයක් හැදුවොත් නරකද? දැන් කවුරු අතෙත් සෙල්ෆෝන් තියෙනවනේ. බස් එකේදිම ඡන්දෙ දෙන්න පුළුවන්. (නි)
ඉතා හොඳයි. ඔවුන්ට නිල ඇඳුමක් දීම වගේම බුලත්විට කෑමත්, ජංගම දුරකතන පාවිච්චියත් නතර කළයුතුයි (නි)
ඉන්දියාවෙන් ගෙන්න හදන සැලැස්ම ? (ර)
මේක නම් බොහොම හොඳ දෙයක් (නි)
ඔය සහතිකය ගත්තම නම් ඒ අයගේ ගති වෙනස් වෙයි නේද? වාහනය දුවවන්න විතරක් මදි මනුෂ්‍යයින්ට කතාකරන හැටිත් ඉගැන්විය යුතුයි. හොඳ උගත්කමක් තියන අය පමණක් මේ තනතුරට බඳවාගත යුතුයි (නි)
හොඳ කාලෝචිත තීරණයක්. නමුත් පගාවට මේ සහතික නිකුත් නොකරන්නත් වගබලාගත්තොත් හොඳයි (නි)
හොඳ අධ්‍යාපනයක් ඇති අයට පමණක් බලපත්‍ර දෙන්න (නි)
මේ නීතිය නිසා රථවාහන අනතුරු අඩුවේවිද? අනතුරු අඩු කිරීමට කළයුත්තේ මහමඟ අමනයන් සේ රථ පදවන රියදුරන්ට දැඩි දඬුවම් දියහැකි නීති පැනවීම සහ එදා පුද්ගලික බස් සේවාව අැරඹීමට පෙර තිබුනා සේ සෑම නගරයකම වේලා සටහන්කරුවන් තබා අතිධාවනකාරී රියදුරන් පාලනය කිරීමය. ටික කලක් යනවිට මෙම බලපත්‍රයත් පගාවට දීමේ ක්‍රමයක් මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයේ දූෂිත නිලධාරීන් සොයාගනීවි. උසස් පරිපාලන නිලධාරීනුත් බබාලා වෙන්න හදනවා (නි)
මේකටත් ජනතාව අපහසුතාවට පත්කරන්න ගැමුණු පාරට බහීවි. (ර)
ශ්‍රී ලංකන් ලොජික්ස්...! ලංකාවේ වෛද්‍යවරයෙක් වෙන්න අවශ්‍ය සුදුසුකම් තීරණය කරන්න ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නොහැකිය. ඒත් බස් රථ රියදුරකු වීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තුමේන්තුවේ අවසරයක් අවශ්‍ය වීම හොඳය. ඉතින් බස් වලට ලයිසන් විතරක් මදි. ඒත් දොස්තර වීමට සයිටම් උපාධිය ප්රමාණවත්ය. ශ්‍රී ලංකාවේ මිනිසුන්ගෙ මානසිකත්වය ඇත්තටම තේරුම්ගන්න අමාරුයි. (නි)
සහතික නිකුත් කරන අයට බස් පැදවීමේ විශිෂ්ට දැනුමක් තිබිය යුතුය (බ)
ඇයි බස් විතරක් ? ත්‍රි වීල් වලටද අනිවාර්ය කළ යුතුයි. විනය හික්මීම හා වගකීම මගී ප්‍රවාහනයට අවශ්‍යම කාලයයි. දියුණු රටවල මගී ප්‍රවාහනය දුටුවම අපේ රට ගැන කලකිරෙනවා...(බ)