(අකිල බද්දෙවිතාන)
කොළඹ රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් නියමු ව්‍යාපෘතියක් ලෙස අත්හදා බැලූ බස් රථ සඳහා ප්‍රමුඛතා මංතීරුව හඳුන්වාදීමේ වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මක කරන්නේ ද යන්න සම්බන්ධයෙන් අද (20) සවස තීරණය කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් සමග එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවත් දැනට ලැබී ඇති වාර්තා අනුව බස් රථ සඳහා රාජගිරිය මංසන්ධියේ සිට ආයුර්වේද මංසන්ධිය දක්වා ක්‍රියාත්මක කළ ප්‍රමුඛතා මංතීරු වැඩපිළිවෙළ සාර්ථක බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග සැලසුම් නියෝජ්‍ය අධ්යක්ෂ සමන් විදානපතිරණගේ මහතා පැවසීය.
පසුගිය මාර්තු 12 වැනිදා සිට සතියක කාලයක් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණු අතර මුල් දිනවලදී වෙනත් වාහන බස් මංතීරුවට ඇතුළු කළද ක්‍රමයෙන් එම වැඩපිළිවෙළට නැඹුරුවූ රියදුරන් විනයක් සහිතව ධාවනය කළ අයුරු දැකිය හැකිවූ බවද ඒ මහතා කීවේය. එමෙන්ම සතියේ දිනවල පෙරවරුවේ වෙනදා එම පෙදෙසේ ඇතිවන රථවාහන තදබදය අවම මට්මක පැවැති බවට තමාට බොහෝ පිරිසක් දැනුම් දුන් බවද ඒ මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නගරයක වෙනම බස් මන්තිරුවක් ඇති කරන්නේ වාහන තදබදය නැති කරන්නටම නොවන බව ස්වීඩනයේ වසන මම හොඳටම දනිමි. මෙයට තවත් ප්‍රධාන අරමුණ දෙකක් තිබේ. ඉන් එකක් වන්නේ රාජකාරි කටුතු සඳහා සහ පාසල් ළමුන් සඳහා හෝ වෙනත් කටුතු සඳහා යන යට කලට වෙලාවට යාම ස්ථිර කිරම සඳහාය, අනිත් කරුණ වන්නේ ඒ මගින් තම වාහන වලින් ගමන් කිරීම අවම කර ගැනීම සහ වාහන වලින් පිටකරන විස වායුව අවම කර ගැනීමය.. මෙය පරිසරය ආරක්ෂා කිරීමේ ක්‍රියාවලියකි.
මේක හරියට ක්‍රියාත්මක කිරීමට නම් පොදු ප්‍රවාහන සේවය වේගවත් කළ යුතුය. ඒ සදහා උදාහරණයක් විදියට පාර්ලිමේන්තු මාර්ගයේ නම් මාලඹේ සිට කොටුව, කොල්ලුපිටිය දක්වා අධීවේගී මංතිරුවක් තිබිය යුතුය.
ඇත්තටම හොද වැඩක්. ඒ වගේම බස් වලට තවත් බස් එකකට ඉස්සර කිරීම තහනම් කරන්න ඕන. බස් තීරුවේ පමණක් ගමන් කරවන්න ඕන.
ත්‍රී වීල් කාරයන්ට බයේ මේ ක්‍රමය නවත්තන්න එපා. අනිකුත් පාරවල් වලටත් හඳුන්වා දෙන්න
වැඩපිළිවෙළ හොදයි මර්ගය අවහිර කරගෙන ධාවනය කරන බස්රථ වලට අනිවාර්යයෙන්ම දඩ පනවන්න ඔන.පදිකයන් ගමන්කරන වෙගයෙන් ධාවනය කරන බස්රථ ලංකාවේ සුලබව දැකිය හැකියි.අනෙක් කරුණ වන්නේ බස්රථ නැවතුම්පොළවල් මර්ගයෙන් පිටත ස්ථානවල පිහිටුවීමට කටයුතු කලයුතුය.නැතිනම් බස්රථ ධාවන තිරුවෙම නැවැත්වීම නිසා දැඩි රථවාහන තදබදයක් ඇතිවිම නොවැළැක්විය හැකි කරුණකි.
මෙම නිතිය ත්‍රීවිල් සදහාද ක්‍රියාත්මක විය යුතුය. ඔවුන්ගේත් විනය සදිමටන්ම මෙම දේ අනිවාර්ය කළ යුතුය. (ම)