වර්ජනය කළ බස් සංගම් නියෝජිතයන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර අද උදෑසන පැවැති සාකච්ඡාවේ දී බස් හිමියන්ගේ ගැටළු විසඳීමට පාර්ශව කිහිපයක් නියෝජනයවන පරිදි කමිටුවක් පත්කළ බවත් එම කමිටුව සඳුදා (05) සිට ක්‍රියාත්මක වන බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි. අයවැයෙන් යෝජනා වූ රුපියල් 25,000ක දඩ මුදල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ සාකච්ඡාවේ දී එකඟ නොවූ බවත් බස් හිමියන්ගේ ගැටළු නව කමිටුවේ නිර්දේශ මත විසඳීමට එකඟවූ බවත් දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඩය නම් පස්සට ගන්න එපා, එහෙම කලොත් මේ අය මගීන්ගෙ ඔළුවෙත් නගීවි. (ර)
"කමිටුවක් පත් කිරීම" මගින් රටේ තියන ඕනෑම බරපතල ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් . (ර)
දඩය නම් පස්සට ගන්න එපා (ර)
වැරදි නොකර රිය පදවනවානම් දඩ ගෙවන්න වෙන්නේ නැහැ මිනි මරන්න ඉඩ දෙන්න එපා (ර)
වැරදි නොකර සිටීමට වටපිටාව සුදානම් කිරීම හොද ප්‍රවිශ්ටයක්. ත්‍රි වීලර් හෝ පෞද්ගලික බස් ජනතා ප්‍රසාදය ලත් ව්‍යාපාර නොවේ. වැරදි වලට උපරිම දඩ ගහන්න. දඩ අකුලාගෙන වැරදි කරන්න සිතාන ඉන්න අයට උඩ ගෙඩි දෙන්න එපා. (ර)
එතකොට කමිටු තීරණය ලැබෙන තුරු ඒගොල්ලෝ ස්ට්‍රයික් ද? (ර)
දඩය තවත් වැඩි කළ යුතුයි . (ර)
දඩය නම් පස්සට ගන්න එපා (නි)
යතුරුපැදිකරුවෙක් වැරදීමකින් මාර්ග නීතියක් කැඩුවොත් එයාට රුපියල් 25000 ක් ගෙවන්න වෙනවා. ඒක කෙනෙකුගේ මාසික වැටුප. එනිසා එවැනි දඩයක් ගෙවීමට අපට බැරි වෙනවා. එතකොට අපට හිරේ යන්නට සිදුවෙනවා. මේකද සාධාරණය? මේකද යුක්තිය? මේකද යහපාලනය? (නි)
බස් ටික රජයට පවරා ගන්න. කාඩ් සිස්ටම් එක ක්‍රියාත්මක කරන්න (නි)
ජනාධිපතිතුමා රටේ විනයක් නීතියක් ඇති කරන්න සෑහෙන වෙහෙසක් ගන්නවා කියලා බහුතර ජනතාව තවමත් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. විශේෂයෙන්ම බස්කරුවන්ට දවස් දෙකකට වඩා වර්ජනය එක දිගට කරගෙන යන්න බැරි බව පෙනි පෙනිත් ඔවුන් ඉදිරියේ දණ නැමීම අනුමත කරන්න අමාරුයි. දඩ මුදල් සංශෝධනය කරන කමිටුවට මහාමාර්ගය භාවිතා කරන අනෙකුත් අයගෙත් නියෝජනයක් තියෙන්න ඕනෑ. මොකද වැඩිපුර වැරදි කරන අයටම දඬුවමක් තීරණය කරන්න දෙන එක සදාචාරාත්මක නැහැනේ (නි)
දඩය නම් පස්සට ගන්න එපා. මේ නීතිය එපා කියන්නේ සාමාන්‍ය සිව්ල් ජනතාව නොවේ මාර්ග නීති උල්ලංගනය කරමින් මාර්ගයේ ගමන් කරන සියලු අනෙක් වාහන වලට මන් අහුරමින් හා පදිකයන් නොසලකා ජන ජීවිත බිලි ගනිමින් රථවාහන පදවන බස් හා ත්‍රීරෝද රථ රියදුරන් මේ අයට අවැසි ආකාරයට රටේ නීතිය ක්‍රියාත්මක කල යුතු නැත. දිනකට සිදුවන අනතුරු සැලකුවොත් වැඩිම ගානක් සිදුවන්නේ මේ දෙගොල්ලන්ගේ වරදින්. (ර)
කමිටුවේ නිර්දේශයෙන් දඩ තවත් වැඩිවේවායි පතමි. (ර)
ආණ්ඩුව ගත්ත හොඳම තීරණයක් මේක. (ර)
අපි දකිනවා රට රටවල්වල ජීවිත හානි සහ මාර්ග අනතුරු අඩුකරගෙන තියෙන්නේ, මාර්ග නීති තද කිරීමෙන් සහ දඩය වැඩිකිරීමෙන්. ඒත්, අපේ රටේ වගේ, ඒ නීතිවලට විරුද්ධව පෙළපාලි සහ ස්ට්‍රයික් කරන්න තරම් ඒ අය මෝඩ නැහැ. මොකද ඒ අයට වැටහීමක් තියෙනවා, මේ වගේ නීතිවලින් වෙන්නේ තමන්ට වගේම මුළු මහත් සමාජයටම වෙන්නේ සෙතක් කියල.(බ)
වමෙන් ඉස්සර කිරීම හැර අනෙක් වැරදි පිළිබඳව කිසි ගැටළුවක් නෑ. ඒ වැරදි වලට යෝජිත දඩ මුදල ගැනත් එකගයි. පොඩ්ඩක් හිතල බලන්න. බොහොමයක් වාහන යන්නෙ දකුණු පැත්ත බදු අරගෙන වගේ. ඉබි ගමනින්. බැරිම තැන තමයි වමෙන් ඉස්සර කරන්න වෙන්නෙ .හැබැයි මෙහෙම වම් පැත්තෙ ඉඩ තියාගෙන දකුණෙන් වාහන යනකොට වම් පැත්තෙනුත් වාහන ගමන් කරන්න වෙනව එහෙම යනකොට ඉස්සර කරන්නත් වෙනව. එහෙමනම් කරන්න තියෙන්නෙ අර හයිවේ වල වගේ හැම පාරකම වමෙන් විතරක් ගමන් කරන්නත් ඉස්සර කිරීමට පමණක් දකුණු පැත්තෙන් යන්න නීති හදන්න ඕනේ . ඒ වගේම දකුණෙන් ඉබි ගමනින් යන ඉස්සර කරන්න ඉඩ නොදෙන වාහන වලටත් රු 25000 දඩේ ගහන්න ඕනේ . (ර)
ලෝකයේ බොහොමයක් දියුණු රටවල් මාර්ග නීති කඩ කරන අය සඳහා කරන ලද වැරැද්දේ ස්වභාවය ට අනුව දඩ මුදලකට අමතරව (ඍණ)ලකුණු දෙන ක්‍රමයක් අනුගමනය කරනවා. වැරැද්ද කළ මොහොතේ (උදා: බීමත්ව රිය පැදවීම වැනි) වුනත් රියදුරු බලපත්‍රය අහෝසි කිරීමට මාර්ග පොලිස් නිලධාරීන්ට හැකියාව තියෙනවා. (බ)
ජනාධිපතිතුමනි මේ ගත් තීරණය වෙනස් කරන්න එපා.. (ර)
පෙරට තිබූ අඩිය පස්සට නං ගන්න එපා . මාසයක් උනත් වර්ජනය කරපු දෙන්. අපි ලංගම බස් වල අමාරුවෙන් හරි යන්නන් . රජය ඩිපෝ වලට මීට වැඩිය බස් ගෙනත් දීල ලංගම ය ශක්තිමත් කරන්න .(ර)
එතකොට මේ නීති ලංගමට නැත්තේ අයි? (ර)
වැරදි කරන්න අවසර ඉල්ලන එකම රට ශ්‍රීලංකාව ලැජ්ජාවේ බැහැ බස් සංගම සහ අනිකුත් සංගම මේ වර්ජනයට සහය දුන් සහ මහජනතවට හිරහැර වන ලෙස ක්‍රියාකළ සියලුදෙනාටම අපගේ විරෝදය. (ර)
ජනාධිපතිතුමනි, එක දවසක ලංගම ලබාපු ලාභය ඉතා ඉහලයි. තවත් බස් 2000 ක් ගෙනත් සියලු මාර්ගවලට එක්කර ලංගමය දියුණු කරන්න. මාර්ග නීති කඩන අයගේ දඬුවම අඩු කරන්න එපා. ඉන් අනර්ථයක් වෙන්නේ මහා මග යන ජනතාවට සහ නීතියට අනුව වාහන පදවන ජනතාවටයි. සමහර බස් මාර්ගවල ලංගම බස් යොදවන්නෙම නැහැ . 356 බස් මාර්ගය එහෙම එකක්, බස් වර්ජනයෙන් එම මාර්ගයේ ජනතාව අනාත වුනා. (හේ)
ජනාදිපති තුමනි එකඟ වෙන්න නම් එපා.. (ර)
මුදල් ඇමති රටේ සාමාන්‍ය තත්වය ගැන දන්නේ නැහැ/හිතන්නේ නැහැ. රියදුරකු වරදක් කළා නම්, ආණ්ඩුව ඔවුන්ව මංකොල්ලකනවා වගේ නීති ගේනවා වෙනුවට සතියක්/මාසයක් වගේ කාලයක් රියදුරු බලපත් තහනම් කිරීමක් කර ඔහු නැවත නැවත සිදුකරන්නේ නම් දඩ සහ බලපත් අවලංගු කිරීම වඩාත් සාධාරණයි. දඩ මුදල් නැතිවීමෙන් වන අඩුව පියවීමට පසුගිය රජයේ සමයේ වංචා කළ මුදල් මෙන්ම මේ රජයේ සමයේ මහා බැංකුවෙන් කළ වංචනික මුදල් අයකිරීමට අවශ්‍ය කටයුතු කරන්න. (නි)
එතකොට මේ අයගෙන් මඟීන්ට වෙන කෙණහිලිකම් ගැන සොයන්න කමිටුවක් නැද්ද (නි)
ජනපතිතුමනි, දඩය අඩු කරන්න එපා. පොලිසියත් පගාව ගන්න එකට පියවර ගන්න. (නි)
පෙරට තිබූ අඩිය පස්සට නම් ගන්න එපා. මාසයක් වුණත් වර්ජනය කරපුදෙන්. අපි ලංගම බස් වල අමාරුවෙන් හරි යන්නම්. මගේ අදහස සමහර දඩ තවත් වැඩි කළයුතුයි (නි)
ඔය කමිටුවෙන් දඩ මුදල් තව වැඩිකරන්න (නි)
තව වැඩිකල් ඕක අල්ලගෙන ඉන්න බැහැ. දැන් නියම පෞරුෂයෙන් වැඩ කරන්න කාලයයි (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
1948 පෙබ.4 දා සුද්ද මේ රට ලංකාකරණය කරලා මනාව ස්පර්ශ කළ හැකි සුවිශේෂී වූ පරිපාලන ක්‍රමයක් එක්ක බාර දුන්නා. එදා සිට අද දක්වා රට කළ ප්‍රභූවරුයි, නාමික ප්‍රජාතාන්ත්‍රිකයොයි, හැව ඇරපු සමාජවාදියොයි, හොල්මන් රජවරුයි අධ්‍යාපනය, සෞඛ්‍යය, ගමනාගමනය, විරැකියාව, ජීවන වියදම අවම කිරීම ආදී වූ මුලික අවශ්‍යතා ටිකෙන් ටික පියවරෙන් පියවර පරිහානිය කරා ඇදගෙන ඇවිල්ලා දැන් ගොඩ දා ගන්න බැරිම තැනට ඇවිල්ලා. (නි)
මමත් මඟියෙක්. ඒ දඩ මුදල සාධාරණයි (නි)
වාහනයක රියදුරෙක් නම් මෙහෙම කියන්නේ නැහැ. අපි දන්නවනේ පාරේ යනකොට පොලිස් මාමලාගේ වැඩ! (නි)
මමත් රියදුරෙක්. නමුත් දඩය ඉවත් කරනවාට මමත් විරුද්ධයි (නි)
දඩ වැඩිකිරීම ඉතාමත් සුදුසුයි. නමුත් ක්‍රියාත්මක කිරීමට පෙර ඒ සඳහා පොලිසියේ අත්තනෝමතික දඩ ලිවීමේ ක්‍රියාපිළිවෙතට තිත තැබිය යුතුයි. ඒ සඳහා ඩිජිටල් සාක්ෂි අනිවාර්ය කළයුතුය. (නි)
මේ රටේ මිනිසුන්ගේ හැසිරීම රටට නින්දාවක්. නීතියක් ගෙනෙන හැම වෙලාවේම පාරට බැහැලා පහත් විදිහට හැසිරෙනවා. මිනීමරන එක නවත්තන්න කොහෙන්හරි පටන්ගත් එක අගය කළයුතුයි. නමුත් පාරවල් වල මාර්ග සලකුණු, පදික වේදිකා සහ පොලිසියේ විනය වගේ දේවලුත් ඉක්මනින්ම හදන්න. පාරේ අනතුරු වලට හේතුවෙන හැමදේම අවම කරන එකයි සුදුසු. (නි)
දඩය නම් අඩු කරන්නම එපා. පුලුවන්නම් තව වැඩි කරන්න (නි)
පෝරකයට යන අයත් ඔයවිදියේ ඉල්ලුමක් කළොත් මොකද කියන්නේ. රජය රජ කරන්නේ දොස්තරලයි, කොන්දොස්තරලයි කියන විදියටද මන්දා !!! (නි)
මොන ප්‍රශ්නය ආවත් ආපස්සට නම් එන්න එපා (නි)
මේ දඩය තවත් වැඩිකරලා ඒ මුදල් වලින් දේශපාලුවන්ගේ දීමනා තව තවත් වැඩි කරන්න! ඔය උඩින් අදහස් දාලා තියන මහත්තුරු කියන්නේ එහෙම වෙන්න ඇති. මෙහෙම දඩ ගැහීම හරිම අසාධාරණයි. ඊළඟට මේවට අනියම් වශයෙන් ගෙවන්න වෙන්නෙත් අපිටමයි කියන එක මේ උගතුන්ට තේරෙන්නේ නැහැ වගෙයි! (නි)
මෙතන මෙතරම් දඩ වැඩි කළ එක හරි කියල ප්‍රතිචාර දාන රියදුරන් අපිට පාරේ දැකගන්න ලැබෙන්නේ නැහැ . රියදුරෙක් අතින් වරදක් වෙන්නේ නැහැ කියල එක හෙලා කියන්න බැහැ.නීතියට වාහන පදවන රියදුරන් මෙතරම් පාරේ දැක ගන්න නැහැ.එක්කෝ මේ අය ඉන්නේ පිටරට නැත්නම් මගීන්. වරදක් කරලා වාහනේ පොලිස් මහතා නවත්තුවම ළගට යන්නේ ඔලුව කහ කහ . පුළුවන් අය කාටහරි දුරකථන ඇමතුමක් දෙනවා. බැරි එකා ගෙවනවා. හැබැයි බීමත් ව රිය පදවන එක විනාශ කාරී දෙයක් එහෙම කරන රියදුරු අවුරුදු පහක් පමණ වාහන පදවන එක නතර කරන නීතියක් ගෙන්න ඕනේ. (බ)
මේවාගේ නෂ්ට ගති තියෙන ප්‍රයිවෙට් බස්කාරයින්ගේ බස් ටික රජයට පවරාගන්නේ නැත්තේ ඇයි..,? මුන්ට ඕන ඕන විදිහට සෙල්ලම් කරන්න දෙන්න නරකයි.. (බ)
මෙතන මේ දඩය පස්සට ගන්න එපා දඩය තවත් වැඩි කරන්න කියලා අදහස් දාලා තියෙන අය අතින්නම් කවදාවත් කිසිම වරදක් වෙලා නැතුව ඇති නේද? ඉදිද්රියේදී වරදක් වෙන්නෙත් නැතුව ඇති නේද? ඔය ලෝක වලින් පොඩ්ඩක් එලියට ඇවිත් පොලවේ පය ගහලා ජීවත් වෙන්න. අපේ රටේ පාරවල් වල වේගෙන් යන්න බැහැ. නමුත් 180 වේගෙන් යන්න පුළුවන් වාහන දවස ගානේ ගෙන්වනවා. පාරේ ත්‍රී රෝද වැඩියි කියන ගමන් දවස ගානේ අලුත් ත්‍රී රෝද රථ ගෙන්වනවා. හැම ගෙදරකම වගේ ගැහැණු අය පදින යතුරුපැදි තියෙනවා. මේ හැම එකක්ම ගමන් කරන්න මේ රටේ තියෙන්නේ කලින් තිබුන පාරවල් ටිකම නේද. දඩ වැඩිකරන්න කලින් අපේ රටට ඔරොත්තු නොදෙන තරමට වාහන ගෙන්වන එක නවත්වන්න ඕන. මිනිස්සු අතින් වැරදි වෙනවා. මාව වරදවා හිතන්න එපා. මම මේ වැරදි කරන්න අනුබල දෙන්න හදනවා නෙවෙයි. මම කියන්නේ වරදට දඩුවම් දෙන්න ඕන. දඩ ගහන්න ඕන. නමුත් ඒවා අපේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට ඔරොත්තු දෙන විදියටයි ක්‍රියාත්මක කරන්න ඕනා. කරුණාකරලා යථාර්තය තේරුම් ගන්න. (ර)
හොඳ තීරණයක් ජනපතිතුමනි ඔබට ස්තුති (ර)
ජිවිත නිරපරාදේ විනාස වෙන්නේ මේ රියදුරන්ගේ නොසැලිකිලිමත් ධාවනය නිසා. එය දන්නේ රිය අනතුරු වලින් අකාලයේ මියගිය අපේම මිනිසුන්ගේ හිත මිතුරන් පමණි. මෙම නිතිය දැඩිව ක්‍රියාත්මක විය යුතුයි. (ර)
කමිටු පත්කිරීම මේ රටේ සාමාන්‍ය දෙයක්නේ (නි)
විජේපාල, වැරදීමකින් කොහොමද වමෙන් ඉස්සර කරන්නේ? වැරදීමකින් කොහොමද ඉරි කපන්නේ? බීලා එලවන්නේ? මේවා හිතාමතාම කරන වැරදි (නි)