ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති වව්නියාව නව බස් නැවතුම්පොළ විවෘත කිරීමේ උත්සවය සදහා දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් තිදෙනෙකු හැර සෙසු නියෝජිතයින් සියලු දෙනාම සහභාගී වීම ප්‍රතික්ෂේප කළ බව එම සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී සෙන්දිල්නාදන් මයුරන් මහතා පැවසීය.
අද පැවැති කටයුත්තට උතුරු මහ ඇමති සී වී විග්නේෂ්වරන් මහතා සම්බන්ධ කර නොගැනීමත්, පළාත් ප්‍රවාහන අමාත්‍යවරයාට මෙම උත්සවය සදහා නිල ඇරයුමක් නොකිරීමත් මත මෙම උත්සවය සදහා සහභාගී නොවීමට උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් තීරණය කළ බව ද හෙතෙම කීවේය.
උතුරු මහ ඇමතිවරයා විදේශගතවී සිටින බැවින් ඔහුගේ පැමිණීමෙන් පසු මෙම බස්නැවතුම්පල නැවත විවෘත කිරීමක් සිදුකරන බවද හෙතෙම සදහන් කළේය.
කෙසේ වෙතත් වව්නියාව නව පෞද්ගලික බස්නැවතුම්පල ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාද් බදියුඩීන්, උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද(16)පෙරවරුවේ විවෘත කෙරිණි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංහිදියාව, සංහිදියාව තනි අතින් අප්පුඩි ගැසීම තාමත් මේක තේරුම්ගන්න බැරි එක පුදුමයක් එයාලගේ ඉලක්කය සපුරගන්න හදනවා මිසක් මෙයාලගේ සංහිදියාව එයාලට විහිළුවක් දේශපාලන වාසිතකා මෙයාල උලමෝ වගේ ඉන්නවා (බ)
රජයෙන් කළ හොඳ වැඩක් (නි)
මෙහෙමත් විහිලුවට පත්වෙච්ච ආණ්ඩුවක් මගේ ජීවිතයට දැකලා නැහැ.ලොක්කෝ කතාකරන්නේ ගැලරියට වෙනකොට පොඩි එවුන් ගැන මොන කතාද? (නි)
වර්ජනය කරා වගේම මේ බස් වලත් යන්න දෙන්න එපා ඒ අයට.(හේ)
ඔය එක එක්කෙනා රටින් බැහැරව ගියාම මහජන අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්න අපේ රජය බලබලා ඉන්න ඕනෑ නැහැ. මේවා මහජන අවශ්‍යතාවයන්. මෙච්චර කරද්දී තමයි කියන්නේ ඒ අයට ඕනෑ දේවල් දෙන්නේ නැහැ කියලා. මෙහෙව් අය තමා තම ජාතිය වෙනුවෙන් මරහඩ තලන්නේ, කිඹුල් කදුළු හලන්නේ. ජනතා අවශ්‍යතාවයන් ඉටු කරදෙන්න කිසිම බේදයකින් තොරව අපේ රජය කටයුතු කිරීම අගය කරමු. (නි)
බස් නැවතුම්පොළක් විවෘත කරන්න මෙමච්චර ලොකු උත්සව ඕනෑද? (නි)
බස් නැවතුමට ගිය මුදල වගේ 10 ගුණයක් උත්සවේට යන්න ඇති .(ම)
අපේ සිංහලයෝ එකිනෙකා පාගන්න උත්සාහ කරද්දී, අනිත් රටවැසියෝ එහෙම නොකර තමන්ගේ වර්ගයා නඟාසිටවන්නයි කටයුතු කරන්නේ. ඕකයි වෙනස (නි)
ඕක විවෘත කරන්න දමිළ ජනතා නියෝජිතයින් මොකටද? (නි)
විග්නේශ්වරන්ලා ජාතීක සමගියට බාධාවක් කියලයි මට නම් හිතෙන්නේ. ඔහොම බැහැ ඉස්සරහට යන්න (නි)
සුදු අලියෙක් වුණ පළාත්සභා දැන්වත් අහෝසිකරලා දාන්න බැරිද? මහජන මුදල් නේද වැයවෙන්නේ? (නි)
මරු කට්ටිය ඇවිල්ලා ඉන්නේ. සමහරු නම් දකිද්දිත් අප්‍රියයි අපිට. (නි)
සිරි, මතක නැද්ද මීටවඩා විහිලුවට ලක්වුණ ආණ්ඩුවක්? (නි)
අපේ ඇමතිවරු සමඟ අසුන්ගන්න එයාලට ලැජ්ජද දන්නෙ නැහැ (නි)
විහිළු කරන දේශපාලකයෝ ඉන්න එකම ආණ්ඩුව තමා අද පවතින්නේ. එ්ක අද පොඩි ළමයෙකුට පවා තේරෙනවා.මේ සිද්ධියේ සැඟවුණු අරුත තමා උතුරේ දෙමළ ඊළාම් සිහිනය තවම දකිනවා කියන එක (නි)