
(චමින්ද වැවතැන්න,රුවන් පතිරණ සහ ජයරත්න විල්ලර)
කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ වරකාපොළ තුල්හිරිය ඇගළුම් කර්මාන්තපුරය ආසන්නයේ දී අද දහවල් බස් රථයක ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් දෙදෙනකු මිය ගොස් සිව් දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වරකාපොළ පොලිසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ කළුතර බේරුවල චීනකොටුව කන්ගනන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 10 ක පිරිමි දරුවකු හා ත්‍රිරෝද රථයේ රියදුරුවරයා බව පොලිසිය කියයි.
අනතුර සිදු වන අවස්ථාවේදී ත්‍රිරෝද රථයේ හය දෙනකු ගමන් කර ඇත.
රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී වයස අවුරුදු 10 ක පිරිමි දරුවා සමග ත්‍රිරෝද රථයේ රියදුරුවරයා මිය ගොස් සිටි බවත් සෙසු තුවාලකරුවන් සිිිව් දෙදෙනා වැඩිදුරටත් ප්‍රතිකාර සදහා කෑගල්ල මහ රෝහලට මාරු කර යවා ඇති බවත් පොලිසිය කියයි.
ත්‍රිරෝද රථයේ පිරිස කළුතර බේරුවල සිට කුරුණෑගල ප්‍රදේශයේ හිතවතකුගේ නිවසකට ගොස් ආපසු කළුතර බලා ගමන් කරමින් සිට ඇති බවත් පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ පාරවල්වල නිසි ඉඩකඩ වෙන් නොකිරීම මෙවැනි අනතුරු සිදුවීමට මූලික හේතුවයි. මේ ක්රමය නිසි පරිදි සිදුකළොත් 99%ක්ම මාර්ග අනතුරු වැළැක්විය හැකියි.
විනීත රියදුරන්ගේ විනීත රියපැදවීම "කරණකොට ගෙන" විනීත ප්රථිඵල ලබාගෙන ඇත...
මිනී මරන්න ලයිසන් අරගෙන ඉන්න බස් රථ රියදුරන් මර්දනය කිරීමට පියවර ගත යුතුයි...
බස් එකක හැප්පුණොත් ත්රි රෝද රථයක් නෙමෙයි... රෝද 4 ක් වුණත් චප්ප වෙනවා. බස්වලට වේග සීමා නැහැනේ... අපි නගරයක කිමී 50කට වඩා වේගයෙන් ගියොත් දඩ. ඔහොම යං..!
හැමදාම අහන්න ලැබෙන ඉතාම කණගාටුදායක ප්රවෘත්ති..!