(නිමල කොඩිතුවක්කු)
කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ බස් ගාස්තු වැඩි කිරීමේ කිසිදු සූදානමක් නොමැති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
පවතින තත්වය හමුවේ බස් ගාස්තු සංශෝධනයක් සිදු කරන ලෙසට බස් සංගම් ඉල්ලීම් කර ඇතත් බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ප්‍රවාහන අමාත්‍යංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී දිලුම් අමුණුගම මහතා මේ බව පැවසීය.
බස් සංගම් වල ඉල්ලීම් පිළිබදව එම සංගම් හා සාකච්ඡා කරමින් යම් එකගතාවන් වලට පැමිණ ඇති බවත් ඉදිරි සතිය තුල කොවීඩ් ප්‍රවාහන ප්‍රතිපත්ති මාලාවක් සකසන බවත් දිලුම් අමුණුගම අමාත්‍යවරයා කීවේය.
සෞඛ්‍ය අංශ වල උපදෙස් පරිදි කොවීඩ් 19 ප්‍රතිපත්තියට අනුව බස්රථ ධාවනය කිරීමේදී මගීන්ගේ සුරක්ෂිත බව පිළිබදව වැඩි අවධානයක් යොමුකරන බවද ඔහු සඳහන් කළේය.
කොවීඩ් ප්‍රවාහන ප්‍රතිපත්තිය අනුව බස්රථ ගාස්තුවෙහි සුළු වෙනසක් සිදුවිය හැකි වුවත් කොවීඩ් තත්වයෙහි තුරන් වීම පිළිබද තහවුරු කළ පසු බස්ගාස්තු යළි පෙර තිබූ අයුරින්ම අය කෙරෙන බවද රාජ්‍ය අමාත්‍යරයා පැවසීය.
පවතින තත්වය හමුවේ මගීන් පිළිබදව මෙන්ම බස්රථ හිමියන් පිළිබදව ද සාධාරණ ලෙස විමසිලිමත් විය යුතු බවත්, ඒ අනුව දෙපාර්ශවයම අපහසුතාවයට පත් නොවන ලෙස තීරණ ගත යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසීය.
උසස්පෙළ විභාගයෙන් පසු ඇදිරිනීතිය ඇති ප්‍රදේශ වල බස් රථ ධාවනය සිදුවන්නේ ද යන්න මෙහිදී මාධ්‍යවේදීන් නැගූ පැනයට අමාත්‍යවරයා පවසා සිටියේ උසස් පෙළ විභාගය අවසන් වූ පසු ඇදිරිනීතිය ඇති ප්‍රදේශවල බස්රථ හා දුම්රිය ධාවනය අත්හිටුවන බවයි.
ඇදිරිනීතිය තිබියදීත් බස්රථ හා දුම්රිය ධවනය කරනු ලැබුවේ උසස් පෙළ විභාගය නිසාම බවත් එම විභාගය අවසන් වූ පසු ඇදිරිනීතිය පවතින කාලය තුළ බස්රථ හා දුම්රිය ධාවනය කිරීමට හේතුවක් නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
බස් ගාස්තු වැඩි කරන්නේ නැහැ
කුමාර Thursday, 05 November 2020 12:57 PM
(කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්තිය අනුව බස්රථ ගාස්තුවෙහි සුළු වෙනසක් සිදුවිය හැකි වුවත්...........) ඒ කියන්නෙ බස් ගාස්තු වැඩි කරන්නෙ නෑ කියන කතාව බොරුවක්.
Puppa Thursday, 05 November 2020 01:23 PM
මෙයා වෙන්නැති බස්වලට සල්ලි දෙන්නෙ ඩීසල් ගහන්න .
VIPULA Friday, 06 November 2020 06:22 AM
බස් ගාස්තු නියම කරන්නේ බස් එකේ ඉහෙන් කණින් එල්ලන් යන විදිහ බලලා නෙවෙයි.