(මහින්ද නිශ්ශංක)
ඉන්ධන මිල සුත්රයට අනුව ලබන 10 වැනිදා ඩීසල් ලීටරයක මිල රුපියල් 4 කින් වැඩිකරනු ලැබුවහොත් බස් ගාස්තු මිලද ඊට පසුදා සිටම වැඩි කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමින්ගේ සංගමය පවසයි.
මෙහිදී දැනට රුපියල් 12 ක් වන අවම බස් ගාස්තුව වැඩි වීමක් නොවන බවන බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්රියන්ජිත් මහතා පැවසීය.
අද කොළඹදී පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බදු ගහලා වාහනයක් ගන්නත් බෑ. පොදු ප්රවාහනය එන්න එන්නම වියදම් සහිත වෙනවා. අපට ඉතින් මෙහෙම වෙලා මදි...
සත 50කින් වෙන්න ඇති....
ලෝකයේ තියෙන එකම එක, බස් හිමියන්ට බය ආණ්ඩුව මේ ශ්රී ලංකාවේ රජයයි.. මම මේ රටේ ජනාධිපති නම් පුද්ගලික බස් හිමියන්ට අනතුරු හැඟවීම් 2 ක් කරනවා. නැවත නැවතත් ඔවුන් රජයට තර්ජනය කරන්න ගත්තොතින් දවසක... උදාවත් සමගම.. ඒ කියන්නේ රෑ 12 ට රටේ තිබෙන සියලුම බස් රජයට පවරාගන්නට ' ගැසට් ' එකක් නිකුත් කරනවා.. ඒ සමගම - ඒ මොහොතේම හමුදා සාමාජිකයින් සහ පොලිසිය ලවා බස් සියල්ලම පවරාගන්නවා. අනිවාර්යයෙන්ම ඔවුන්ට වන්දියක් ගෙවනවා. කිය කියා හිටියොත්.. තත්වය දරුණු වනවිට බස් හිමියන් බස් වල වටිනා කෑලි ගලවලා බස් ' කොට උඩ ' තියනවාලු. ඒ නිසා වහාම මේ ක්රියාවලිය කල යුතුයි. ඒ වගේමයි බස් හිමි දේශපාලුවන්ටවත් නොදැනෙන්න මෙය සිදුකළ යුතුයි. තර්ජන ඒවි. මානව හිමිකම් කාරයෝ කෑගසාවි. උපවාස කරාවි. රටක් ගොඩ නැගීමට නම් ප්රබල ප්රවාහන ජාලයක් තිබිය යුතුමයි. කෙසේ වෙතත් කුඩා දූපතක් වන අපේ රටේ භාණ්ඩ ප්රවාහනය සඳහා හොඳම ක්රමය රට වටා පිහිටුවන දුම්රිය ජාලයක් බව, මිය ගිය ආචාර්ය ඒ.එන්.එස් කුලසිංහ මහතා කීවා මට මතකයි.