
(රංජිත් රාජපක්ෂ)
නුවරඑලිය සිට පිට පළාත්වලට සහ සහ කෙටි දුර ලංගම, පෞද්ගලික සියලු බස් නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මහතා ප්‍රමුඛ කණ්ඩායමක් අද සවස හදිසි පරික්ෂවකට ලක් කළහ.
නුවරඑලිය පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින්ගේ ද සහයෝගය ඇතිව මෙසේ වාහන හදිසි පරික්ෂාවට ලක් කෙරිණ.
මෙම පරික්ෂාවේදි මගී ප්‍රවාහනට නුසුදුසු තත්වයේ තිබූ බස් රථ 12ක් පමණ හඳුනා ගත් බව ජාලිය බණ්ඩාර මහතා පැවැසීය. එම බස් රථ දින 14ක් ඇතුළත සුදුසු තත්වයට පත් කළ යුතු බවට දැනුම් දී මගී ප්‍රවාහයෙන් ඉවත් කර ඇත.
මගී ධාවන කටයුතුවල නිරත වූ ලංගම, පෞද්ගලික බස් රථ කිහිපයක සුක්කානම ආශ්‍රිතව අඩුපාඩු රැසක් තිබූ බවත් ඇතැම් ලංගම බස්වල හැරවීමට දැඩි අපසුව තිබූ බව ද වැටලීමට එක් වූ නිලධාරීහු පවසති.
ඇතැම් බස් රථවල හදිසි දොරටුවල දැඩි දෝෂ තිබූ බවත් ඒවා ක්‍රියාතමක තත්ත්වයේ නොතිබූ බව ද නිලධාරීහු පැවැසීය. බොහෝ බස් රථවල පිටුපස රෝද වල දෝෂ තිබූ බව ද වැටලීම සිදු කළ නිලධාරිහු පැවැසූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට තවම නොතේරෙන දේ තමා මොනවද මේ හදිසි වැටලීම් කියන්නෙ කියල. රටේ ප්‍රතිපත්තියක් විදිහට පොදු ප්‍රවාහනයට සම්බන්ධ වාහන සියල්ල( බස්, පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන්, ටැක්සි....) සියල්ලටම පොදුවේ බලපාන නියාමනයන් තිබිය යුතුයි. එහෙම පසුබිමක හදිසි වැටලීම් අවශ්‍ය නෑ. මේ කාරණා ලක්කාව විදිහට අමුතුවෙන් කල්පනා කර, ක්‍රියාවට නැංවිය යුතු දේවල් නොවෙයි, බොහෝ රටවල සාර්ථකව ක්‍රියාත්මක වන දේ.....
විසි තුන්දෙනෙක් නිකරුණේ මියගිහින් තවත් සැලකිය යුතු පිරිසකට තුවාල වුණාට පස්සේද නිලධාරින්ගේ බලධාරීන්ගේ ඇස් ඇරුනේ, බීරී අලි. ඒ වගේම බර වාහන රියැදුරන්ගේ රුධිර පරිස්සාවක් අඩුම තරමෙන් අවුරුද්දකට වතාවක්වත්, කරන්න එතකොට මත්ද්‍රව්‍ය භාවිතාකර රිය පදවන අය ඒ පිළිබඳව අවධානය යොමුකරන්න උත්සාහ කරයි...
මාලිමාව ආන්ඩුවකාලේ වුන නිසා මෙවැනි දේවල් පටන් ගත්තෙ. අවුරුදු ගානක් මිනිස්සු මේ විදියට මග මැරුනා. කලින් හිටපු ගොබ්බ රැල. කිසිම දෙයක් කෙරුවද නිතිය අතට ගන්නෙ උන්ගේ වාහනයක් හැප්පුනෝත් විතරයි. වාහනත් අබලන් මෙවැනි අනතුරු වෙන්න. කදුකර. පලාත් වලට වීශේශයෙන්. වේගය සීමාකරන්න. වාහන තද බදයක් ආවත්. 40 වැඩිය ඉහලින්. පදවන්න බැරි වේන්න ඒ පාලන. වේගය. රියදුරන්ට පේන්න. සන්ච්‍ය බෝඩ්. හදන්න. මීට වැඩිය වේගෙන් යන අයට. දඩ මුදල්ත් පෙන්වන්න. වේගය පාලනය කෙරුවේ නැත්නම් හැමදාම මෙවැනි දේවල් වෙනවා සියලුම වාහනවලට. එක නීතිය ක්‍රියාත්මක කරන්න. කොලබත් ඒවගේ. පාසල්. පිහිටා ඇති. ප්‍රදේස. රෝහල්. අවට පාරවල වේගය. 25. ඉට වැඩිය වෙගේන් යන්න බැහැ. අනතුරුවැඩි ඒකයි. බලන්න ඇවිත් ඇමරිකාවේ. මේ නිතිය නිසා වාහන ගමන්කරන්නෙ. ඉතාමත් සෙමින්. අඩීයෙන් අඩියට. හැමතැනම කැමරා. ගෝබ්බයෝ. අදිවේග හැදුවා. රියදුරන් සත්තු වගේ දුවන්නෙ කිසිම පාලනයක් නැහැ. උපරිම වේගෙන් රිය පදවන්නෙ. ජනතාවත් පුරුදු වෙලා තියෙන්නෙ මග මැරුනත්. වේගෙන් රිය පදවන්න