කොළොන්නාව ඉන්ධන ගබඩාවේ සිට කොටගල ඉන්ධන ගබඩාව දක්වා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ ලංකා ඛණිජ තෙල් නිතිගත සංස්ථාවට අයත් බවුසරයක් අද (26) හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලි අප්පුව මංසන්දිය අසලදී මාර්ගය හරහා පෙරළී ඇත.
ලීටර් 33000 ක් තෙල් තිබූ බව කියන එම තෙල් බවුසරය පෙරළීමෙන් එහි තිබූ ඉන්ධන විශාල ප්‍රමාණයක් පිටතට ගලාගොස් ඇති අතර ප්‍රදේශයේ ජනතාව එම ඉන්ධන රැස් කරගත්හ.
පිටතට ගලා නොගිය බවුසරයේ තිබූ ඉන්ධන කොටසක් කොටගල ඉන්ධන ගබඩාවේ සිට පැමිණි බවුසර 03 කින් රැගෙන යාම සිදු කෙරිණි.
ජායාරූප - ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක
ජායාරූප - රංජිත් රාජපක්ෂ









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බවුසර් පෙරලෙන එක කීප පාරක්ම වුණා. හැබැයි රියදුරාට කවදාකවත් කරදර වෙලා නැහැ (නි)
අනතුරට හේතුව අඩු පළපුරුද්ද සහ නොසැළකිල්ල කියායි සිතෙන්නේ (නි)
අනතුරක් වූ පසු වහාම එම ප්‍රදේශය පොලීසියෙන් අනාරක්ෂිත ප්‍රදේශයක් හැටියට සලකුණු කරලා සාමාන්‍ය මිනිස්සු එතනින් අයින් කරන්න ඕනේ. තෙල් කියන්නේ වහ ගිනි ඇවිලෙන සුළු දෙයක්...අපේ ලංකාවේ සාමාන්‍ය ජනයාව ඒ ගැන දැනුවත් කරනවා නම් වැඩ හොදයි (හේ)
කොටගල දුම්රිය ස්ථානයක් තිබියදී දුම්රියන් ප්‍රවාහනය නොකර කරන මේ විකාර වැඩ වහාම නවත්වන්න. මෙම ඉතා දිග බවූසර් නිසා පාරේ අනවශ්‍ය තදබදයක්ද ඇති වේ. (ම)
බලාගෙන ගියාම, අනතුරක් වුණත්, එය වාසි ලබාගත හැකි ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරගන්න තරම් දක්ෂ ජාතියක් අපි (නි)
දුම්රියෙන්ද ඉන්ධන ප්‍රවාහනය වෙනවා. පවතින ඉල්ලුම නිසා මේ ආකාරයටත් සෑම තැනකටම ඉන්ධන ප්‍රවාහන කරනවා. (නි)
මිනිසුන්ට තමයි ඒකෙන් වාසි වුණේ (නි)
මෙවන් විශාලත්වයක් ඇති තෙල් ප්‍රවාහන බවුසර් හැටන් - අවිස්සාවේල්ල පාරේ යන්න අමාරුයි. මේ සඳහා තරමක් කුඩා බවුසර් තමා හොඳ. (නි)
වර්ණන්, ඔබ 100%ක් හරි. කොළඹ ඉඳලා සද්දන්ත බවුසර් මඟින් ඉන්ධන රට පුරා ගෙනයාම ඉතා අනුවණ, වියදම්කාරී, මහාමාර්ග වල තදබදය වැඩිකරන දෙයක්. දුම්රිය මගින් රට තුළ අදාළ ප්‍රදේශයේ ප්‍රධාන ඉන්ධන ගබඩාවට ප්‍රවාහනය කරලා, එතැන සිට බවුසර් මගින් ප්‍රවාහනය කිරීම තමා කාලෝචිත. (නි)
කුරුණෑගල, අනුරාධපුර, මඩකලපුව, මාතර, ගාල්ල, පේරාදෙණිය, කොටගල, හපුතලේ, බදුල්ල යන දුම්රිය ස්ථාන වලට යාබදව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රාදේශීය ඉන්ධන ගබඩා පිහිටා තිබෙනවා. මේ සෑම ඉන්ධන ගබඩාවකටම දුම්රියෙන් ඉන්ධන ප්‍රවාහනය කළහැකිය. නමුත් උඩරට මාර්ගයේ රඹුක්කනින් ඔබ්බට දුම්රිය ධාවනයේදී අමතර එන්ජිමක් අවශ්‍ය වෙනවා. දුම්රිය දෙපාර්තුමේන්තුව සතු එන්ජින් ප්‍රමාණවත් නොවන නිසා තමා බව්සර් මගිනුත් ඉන්ධන ප්‍රවාහනය කරන්නේ. නමුත් අදටත් 40%-50% පමණ සැළකියයුතු ඉන්ධන ප්‍රමාණයක් ඉන්ධන ගබඩා වෙත දුම්රියෙන් ප්‍රවාහනය කෙරෙනවා. (නි)
අපි කොච්චට නොදියුණු ජාතියක්ද කියලා මේ වගේ දේවල් වලින් ඔප්පු වෙනවා. මෙතන ආරක්ෂාව පිළිබද කිසිම පිළිවෙතක් නැහැ. හදිසියේ මෙතන ගිනි ගත්තොත් මොකද වෙන්නෙ? තේ වත්තක් ළඟ තියෙන්නෙ. කඩන තේ කොලවල තෙල් තියෙන්නෙ පුලුවන්. ඒවා අනික් දලු එක්ක මිශ්‍ර වෙලා රසය වෙනස් වෙන්න පුල්වන්. තෙල් අනික් බවුසරයට මාරු කරනකොට කිසිම ආරක්ෂක පිළිවෙතක් නැහැ. අඩුමගානෙ ගිනි නිවන හමුදාවෙන්වත්, ගිනි නිවන උපකරණයක්වත් නැහැ (නි)
වංගුව නිසා රියදුරුට රථය පාලනය කරගන්න බැරිවෙන්න ඇති. නැත්නම් හේතුව අධික වේගය (නි)
තවම අපි නොදියුණු යුගයක ජීවත්වෙන්නේ මේ වැඩ දිහා බලද්දී. ආරක්ෂක පිළිවෙත් අතින් බින්දුවේ ඉන්නේ. හැබැයි ඉතින් සියලු දේ දන්නවා හැමෝම බලාගෙන යද්දී. (නි)
අනේ මන්දා මෙහෙමත් නොසැළකිළිමත්කමක්? (නි)
මෙච්චර හොඳට පාරවල් හැදුවේ ඇයි? පරණ විදියට අබලන් පාරවල් තිබුනා නම් මෙහෙම වෙන්නේ නැහැනේ. මහින්ද මහත්තයට පිස්සුද මන්දා. (නි)
වර්ණන්, දුම්රියෙන් ඉන්ධන ප්‍රවාහනය කරන්න පුලුවන් නම් හොඳයි. හැබැයි ප්‍රශ්න ගණනාවක් තියෙනවා විසඳගන්න. ඉන්ධන ප්‍රවාහන කරන දුම්රිය ගමන් කරන්න වෙන්නේ ඉතාම හෙමින්. ඒ වගේම මගී ප්‍රවාහනයට තියෙන දුම්රියට ඉන්ධන ප්‍රවාහන ටැංකි සම්න්ධ කරන්නත් බැහැ. දුම්රියකින් ප්‍රවාහනය කරනවා නම් එවැනි ටැංකි කීපයක් එකවර යවන්න වෙනවා. ඒ තරම් ඉන්ධන ප්‍රමාණයක් ගබඩා කරන්න පහසුකම් හදන්නත් ඕනෑ. කියන තරම් ප්‍රායෝගික නැහැ දුම්රියෙන් ඉන්ධන ප්‍රවාහනය (නි)
බොහෝ අනතුරු වලට හේතුව නිදිමත සහ නොසැළකිල්ල (නි)
වර්ණන් කියනදේත් හරයක් තියෙනවා.තෙල් ගබඩාව තිබෙන්නේත් දුම්රිය ස්ථානයට යාබදව (නි)
ආරක්ෂාවට කිසිම පොලිස් නිලධාරියෙක් පෙනෙන්නවත් නැත. ගිනිනිවන හමුදාවක්වත් නැත (නි)