
(අංජුල මහික වීරරත්න)
බලශක්ති වෙළඳපොළ තුළ ශක්තිමත් රාජ්ය පංගුවක් පවත්වා ගනිමින් ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
එම කාර්ය ඉටුකිරීමේදී පසුගිය දෙවසර තුළ සාර්ථක ප්රගතියක් අත්කරගෙන තිබෙන බවත්, මේ වන විට ශ්රී ලංකාව තුළ ශක්තිමත් සහ ජනතාවට බරක් නොවන බලශක්ති වෙළඳපොළක් ගොඩනැගෙමින් තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) ජෙට් A-1 නළ මාර්ග පද්ධතියද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට (CPC) සහ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමට (CPSTL) අයත් නව තෙල් ටැංකි ගබඩා පද්ධති දෙකක ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට අද (02) පෙරවරුවේ එක් වෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd