
(යොහාන් භාසුර)
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සිය අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ අද (16) පස්වරුවේ පැමිණිල්ලක් කළේය.
එම ප්‍රචාරයන් හේතුවෙන් සිය කීර්තිනාමයට සහ ආණ්ඩුවට දැඩි හානියක් වන බව ද ඒ මහතා පැමිණිල්ලෙන් පවසා තිබේ.
අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පේරාදේණිය විශ්වවිද්‍යාලයෙන් සිය උපාධි සඳහා නිකුත් කළ සහතික පත්‍රය ද මාධ්‍යයට ඉදිරිපත් කළේය.
ඒ මහතා ඉංජිනේරුවරයෙක් නොවන බවත් ඔහු උපාධිය සම්පූර්ණ කර නොමැති බවත් සාමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දින කීපයේදී දැඩි ප්‍රචාරයක් ක්‍රියාත්මක විය.
(ඡායාරූපය: සුමුදු හේවාපතිරණ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අර සාමාන්‍ය පෙළ අසමත් පුටානෝ අරිගතෝ ගොසයිමස් කියන ඒවා එච්චර ගණන් ගන්න එපා. අධිනීතිඥයකු වෙන්න බැරි එකෙකුත් ඉන්නේ...
සුදුසුකම් සහිත පුද්ගලයන්ට අපහාස කිරීම වරදක්. මේක දැන් විහිළිවකට අරන්. මෙවැනි ප්‍රචාර සිදුකරන්නන්ට උපරිම දඬුවම දෙන්න.
කිසිම උගත්කමක් සුදුසුකමක් චාරයක් නැති හොරකම් වංචා දූෂණ වලට නම් දරාපු දූෂිත දේසපාලුවන්ට දැන් කරකියා ගන්ඩ දෙයක් නැතිව යි ඉන්නේ. ජනතාව මාළිමාව කෙරෙහි තිබූ විස්වාසය නිසයි ඔවුන්ව බලයට පත් කෙරුවේ. හිටපු හොර දූෂිත දේසපාලුවෝ රටට කරපු විනාසේ ලෝකෙම දන්නවා .
කසිප්පුකාරයෝ, එතනෝල්කාරයෝ, කුඩු මුදලාලිලා, කුඩ්ඩෝ, මාල හොරු, ක්ෂනික කෝටිපතියෝ, අච්චු ලැබූ කප්පම්කාරයෝ සහ මිනීමරුවෝ, බැංකු හොරු, කපුටෝ සහ මයිනෝ හිටපු පාර්ලිමේන්තුවට ඔබතුමන්ලා ආභරණයකි…අපි කළ වෙනස ගැන සතුටුයි නිහතමානීව.
ඉදිරියට යන්න අපි ඔබ සමගයි.