
(ඩයනා උදයංගනී)
රට අරාජිකත්වයට පත්කරමින් ලේ විලක් බවට ගෙනයාම වහා නැවැත්වීම සඳහා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ජනතාවගේ ඉල්ලීමට හිස නමා එම ධූරවලින් ඉල්ලා අස්විය යුතු බවත්, බලලෝභීත්වයට කිසිලෙසක ආයුෂ නොමැති බව මතක තබාගෙන කටයුතු කරන්නැයි තමා පාලකයන්ට තරයේ අවධාරණය කරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ශ්‍රී ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු නොවූ ඛේදවාචකයක් සිදුවෙමින් පවතින බවත්, බලය හමුවේ උන්මත්තකත්වයට පත්වුණ සුළු පිරිසක් විසින් මේ රට සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට කටයුතු කරන බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.
එම නිවේදනයේ මෙසේ ද සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිසේන හීනෙන් බයවෙලා වගේ. බලලෝභිත්වය තිබෙන්නේ ජෙපන්නට සජබයින්ට සහ ඔබට.
එහෙනම් මොන මගුලකටද මිනිහො කොටියි, රනිලුයි, ජෙප්පොයි , මුස්ලිම් අන්තවාදීනුයි එක්ක එකතුවෙලා බලයට ඇවිත් රට කෑවෙ...
බමුණා වගේ බයියන් තවත් රටතුළ ඉන්නවා. රටට මෙච්චර වෙලත් ‘‘අපිට ගෝඨා ඕනේ‘‘
මොලේ කචල්ද? තමුන් ඔය පක්ෂයේ ලොක්කා වෙලා ඉන්නේ බලලෝභයෙන් නොවේද? ඔවා දෙනු පරහට තමා සම්මතේ හොඳ ‘‘හිටන්‘‘...
බල ලෝභියා බල ලෝභය ගැන කතා කරයි.
සමාජ ප්‍රතිචාර professional media තත්ත්වයට ගෙන ඒමේ උත්සාහයට ලංකාදීපයට මගේ ප්‍රණාමය!!!
මෛත්‍රීපාල සිරිසේන..! අඩුම ගානේ මේ මොහොතෙ ඉඳල වත් මෝඩ කතා කීම නවත්වන්න
එහෙනං, ඇත්ත.
බලලෝභී නැත්තම් මොකද බොල, ජනපති වෙලා, නැවත මන්ත්‍රී වුනේ...!
බලලෝභීන් කියන්නේ ඔහෙලාටම තමයි...!!!