13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ප්‍රජාතන්තවාදී ලෙස බලය බෙදාහැරීම සිදුකරන ලෙස ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
විශේෂයෙන්ම දෙමළ ජනතාවට සම අයිතිවාසිකම් ලබා දිය යුතු බවට තම නියෝජිත පිරිසක් ලංකාවේ රජයට දැනුම් දුන් බවද එම පක්ෂය කියා සිටී.
ඉන්දීය අගමැතිගේ ලංකා සංචාරයෙන් පසුව භාරතීය ජනතා පක්ෂයේ විධායක කමිටු සාමාජික එල්.ගනේෂන් ඇතුළු පිරිසක්ද මෙරට පැමිණි අතර සිය සංචාරය ගැන ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම පක්ෂය මේ බව කියා ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කරයි.
එමෙන්ම කාන්තාවන් 80000 ක් පමණ යුද්ධයෙන් පසු වැන්දඹුවන් බවට පත්ව ඇති හෙයින් ඔවුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ඔවුනට වෘත්තීය පුහුණුවක් ලබා දිය යුතු බව භාරතීය ජනතා පක්ෂ නියෝජිතයෝ කියා සිටිති. මෙම නියෝජිතයෝ පිරිස අමාත්‍ය රාජිත සේනාරත්න , රාජ්‍ය අමාත්‍ය ඩී.එම් . ස්වාමිනාදන් හමු වී සාකච්ඡා කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියානු ව්‍යාප්ත වාදය කියන්නේ මේකට තමා. (නදී)
අපරාදේ අපේ කොල්ලො ගොඩක් 2009 ඉස්සෙල්ල මැරුනේ . මෙහෙම වැඩ දැන් දකින්නද (බ)
මං අහන්නේ මේ අයට මේ හැටි කැක්කුම් අල්ලන්නේ මේ අය තාමත් ඒ රටේ පුරවැසියෝලුද ? (හේ)
සෑම් කියන්නා වගේ ඉන්දියාව කියන්නේ හඳටත් යන බඩ ගිහිල්ලත් මැරෙන පාර පොදු වැසිකිලිය කර ගත්තු ජනතාවක් වෙසෙන රටක්. හැබැයි ඉතින් තමන්ගේ රටේ ජනතාව බලා කියා ගන්නවත් පුළුවන්කමක් නැති වුණාට මොකද අනුන්ගේ රටවල අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගහන්න නං හොඳ හැකියාවක් තියෙනවා. (නදී)
කරුණාකරලා තමුන්ගේ වැඩක් බලාගන්න. අපි අපේ වැඩ කරගන්නන්. ඉන්දියාවේ ගොඩක් ඉන්නේ දුප්පත් මිනිස්සු. ඒ අය ගැන බලන්න. (නදී)
මෝධි ආවා ගහන්න අප්පුඩියක් (නදී)
එයාලා එහෙ ඉඳන් කියන්නෙත් එයාලගේ ලොකුම ලොකු තැන අපේ පාර්ලිමෙන්තුවටම ඇවිත් කියලා ගිය දේම තමයි. නිවට ඇම්බැට්ටයා දැක්කම එළුවාත් නිකට පානවලුනේ (නදී)
හැබෑටම මේ කට්ටියට මොකද අපේ රටේ පදිංචි දෙමළ ජනතාව ගැන මෙච්චර කැක්කුමක් තියෙන්නේ? (නි)
දැන් මට හිතෙනවා අපි රැවටිලා ඡන්දය දුන්නාවද්දෝ කියලා. (නි)
මෙහි සිටින දෙමළ ජනතාවට ඉන්දියාවේ සිටින දෙමළ ජනතාවට වැඩ අයිතිවාසිකම් ඇත. සිංහලයාට හා සමානවම අයිතිවාසිකම් ඇත. එහෙත් ඉන්දියාවේ දෙමළ ජනතාවට සෙසු ප්‍රාන්තවල එවැනි අයිතිවාසිකම් නැත. අඩුම වශයෙන් දිල්ලි ගුවන් තොටුපොළේ හෝ දෙමළ භාෂාව නැත. එබැවින් බිජේපිය කළයුත්තේ ප්‍රථමයෙන්ම ඉන්දියාවේ දෙමළ අයිතිවාසිකම් ලබාදීමයි.මේ සියල්ලටම හේතුව සිංහලයි කියන දේශපාලකයන්ගේ බලපෙරේතකමය. (නි)
එක එක අය කියන විදිහට බෙදාගෙන බෙදාගෙන යනකොට අපිට ඉතුරුවෙන දෙයක් නැතුව යයි. කාටහරි කියන්න පුලුවන්ද එතකොට අපි කරන්නේ මොනවද කියලා. ඔය වෙලාවට තමයි හිතෙන්නේ අපි මැරුණත් යුද්ධය තිබුනා නම් හොදයි කියලා. මොකද එතකොට ඔය කවුරුත් කට අරින්නේ නැහැනේ. ඇත්තටම රැවටිලා නොවෙයි මුලාවෙලා. (නි)
බැසිල් මහත්තයා කිව්වා වගේ නරකද වැසිකිලි ප්‍රශ්ණය විසදා ගත්තොත්. හදට රොකට් යවනවා ඒ උනාට ඉදගන්නේ රේල් පාර අයිනේ (නදී)
ඉන්දියාව කියන්නේ ලෝකයේ දුප්පත් රටක්. වැසිකිලියක් පාවිච්චි කරන්ඩ දන්නැති අය එමටයි. ලෝක සෞඛ්‍ය සංවිදානයෙන් ඔවුන්ට උගන්වනවා නමුත් ඔවුන්ගේ දේශපාලන න්‍යාය කරන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රශ්ණ වලට විසදුම් සොයන එක. (නදී)
ස්වාධීන රටක අපේ තීරණ අපට ගත හැකි. එම තීරණ කාහටත් යහපත් සාධාරණ තීරණ වීමට අප වග බලා ගනිමු. (බ)
බම්බුව තමයි අත්සන් ගහල යෙර්ස් කියලා ඕක දේවි (නදී)