‘ජනවාරි අට වැනිදා මෛත්‍රීපාල සිරිසේන මහතා දිනවා මහින්ද රාජපක්ෂගේ දේශපාලනයට තිත තබා භීෂණය දූෂණය අවසන් කළත් රාජපක්ෂ පරාජය බාර ගන්න බැරිව යළි බලයට එන්න හදනවා. ඒ කාලයේ අපට මොන තරම් තර්ජන ගැටළු තිබුනාද? අපේ දේශපාලන කටයුතුවලට ඉඩ දුන්නේ නැහැ. සුදු වෑන් සංස්කෘතිය නිසා ජනතාව ජීවත්වුණේ බියකින්. ‘ යැයි ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා මීරිගම දී පැවසීය.
විජයවර්ධන එසේ කීවේ අද (1) දහවල් කොට්ට්ල චාන්ස් පැලස් උත්සව ශාලාවේ පැවැති මීරිගම ආසනයේ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරින්ගේ හමුවක් අමතමිනි.
බෝරුක්ගමුව ආලෝකාරාමාධිපති ගින්නැලියේ ආයුපාල හිමියන් පිරිස පංච ශීලයේ පිහිටුවීමෙන් අනතුරුව මහා සංඝරත්නය සෙත් පිරිත් දේශනා කර මෙම හමුව ඇරැඹීය.
රාජ්‍ය ඇමති විජයවර්ධන මහතා -
‘කිසිවකුගේ මතවාදයක් ඉදිරිපත් කරන්න අවස්ථාව දුන්නේ නැහැ. ජනවාරි අට වැනිදා වෙනසින් පසු අනෙක් අයට මෙන්ම මහින්ද රාජපක්ෂටත් තම මතවාදය ඉදිරිපත් කරන නිදහස ලැබී තියෙනවා. අපි දින සියයේ ආණ්ඩුව හැදුවේ ඉක්මනින් මැතිවරණයට යන්නයි. එහෙම ගිහින් ශක්තිමත් ආණ්ඩුවක් හදන්නයි. දින සියයෙන් ටිකක් ඔබ්බට ගියත් දීන සියයේදී ජනතාවගේ මූලික ගැටළුවලට සහනයක් දෙන්න අපට පුළුවන් වුණා. බඩු මිල අඩු කලා. රාජ්‍ය සේවක වැටුප් වැඩි කළා. විශ්ව විද්‍යාල සිසුවාගේ මහපොල දීමනාව පවා වැඩි කරන්න පුළුවන් වුණා.
තව තවත් ගැටළු ජනතාවට තියෙන බව අපි දන්නවා. ඒ සියලූ ගැටළුවලට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකින් ඉදිරියේදී සහන දෙන්න පුලූවන් බව අපිට විශ්වාසයි. දින සියයේ අ ඇමතිවරු ලෙස අපි කටයුතු කළේ මහින්ද රාජපක්ෂගේ නිලධාරීන් එක්කයි. ඒ අය කටයුතු කළේ එක එක චක්‍රලේඛ පෙන්වමින් වැඩ නොකෙරෙන තැනටයි. සුලූතර බලයක් ඇති ආණ්ඩුවක් වශයෙන් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත්තේ හරිම අමාරුවෙනුයි. රටට හිතැති පාලනයක් සමග ඉදිරියට යන්න එක්සත් ජාතික පක්ෂයට බහුතර බලය තියෙන ආණුඩුවක් අත්‍යවශ්‍යයි. ඒ සදහා ඉදිරි මැතිවරණයේදී ගමින් ගමට ගිහින් අපේ ජය තහවුරු කර ගනිමු.
මහින්ද රාජපක්ෂ බලයට එන්න තියෙන කෑදර කම නිසා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරනවා. විනාශ කරනවා. එතුමාට පරාජය බාරගෙන හොද විශ්‍රාම දිවියක් ගත කරන්න තිබුණා. අවුරුදු ගණනක් තිස්සේ බලය බදාගෙන ඉඳලා දැන් බලය අත අරින්න බැරි වෙලා ඉන්නවා. කෝටි ගණන් කොමිස් සල්ලි සාක්කුවට දමා ගත් හොරු රැලට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකින් දඩුවම් ලැබෙයි කියා බයෙන් රාජපක්ෂ පුම්බන්න හදනවා.
පානීය ජල ගැටලූවකට විසදුම් ඉල්ලු වැලිවේරියේ ජනතාවට වෙඩි තියලා ජීවිත ගණනක් විනාශ කළා. තමන්ගේ අර්ථ සාධකය රැක ගන්න ගිය කටුනායක සේවක පිරිස්වලට වෙඩි තියලා රොෂේන් චානක මරා දැම්මා. මහින්ද රාජපක්ෂ උද්ඝෝෂණ කිරීමේ ජනතා අයිතිය නැති කර දැම්මා. එහෙව් පුද්ගලයෙක් යලි ගේන්න පිරිසක් වලි කනවා. මේවා සියල්ලට තිත තියන්න ඕනෑ.
කුඩු, කැසිනෝ, එතනෝල් කරුවන්ට යලි බලය දෙන්න එපා. පක්ෂ බේදයකින් තොරව සමස්ත ජනතාවට සේවය කරන්නට අපි ඉදිරිපත් වෙනවා. ගතවූ දින සියය තුළ අපි ජාත්‍යන්තරව කොපමණ දුරකට ආවාද? එදා අපට හිටියේ චීනය විතරයි. අද එහෙමද බොහෝ රටවල් අප සමග එකතු වෙලා ඉන්නවා. අපේ රට හදන්න සම්පත් ලබා දෙන්න ලෝක ප්‍රජාව සූදානම්ව ඉන්නවා. ‘




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දට සාස්තරකාරයෙකුගෙන් හොඳ "අනාවැකියක්" ලැබිලා වගෙයි ආයෙත් බලයට එන්න වලිකන්නේ!!හැබැයි මහින්ද මහත්තයෝ, අපේ පුරුවේ පවකට ඔබට ආයෙත් බලයට එන්න ලැබුනොත්, යද්දී අරගෙන ගිය ෆයිල් ටික ගෙනෙන්න අමතක කරන්න එපා.... (නි)
සනුකි,රාජකීය අනාවැකිකරුගේ කාලය සරුද?මහින්දට "කිරි ගහට " ඇන්නා වගේ අනාවැකි කියපු, ගාල්ලේ එක්කෙනා වගේ ඕවා කියන්න ගිහිල්ලා වරද්දා ගන්න නම් එපා. (නි)
හොඳ කෑමක් කාපු කෙනෙක්නේ ඒකේ රස දන්නේ.එතකොටනේ තව තව කන්න හිතෙන්නෙත්. (නි)
ඇමතිතුමා, ඔබතුමා ජා ඇල මිනුවන්ගොඩ, මීරිගම ,පැත්තේ සැරිසරන්නේ බියගම පැත්ත ගැන බලන්නේ නැද්ද? (බ)
මේ අයට මහින්ද හැර වෙන කතාකිරීමට දෙයක් නැද්ද? තමුන්ගේ පක්ෂයේ ප්‍රතිපත්ති , රට හදන්නේ කොහොමද කියලා? මේකෙන් තේරුම් යන්නේ මහින්දට කොච්චර බයද කියන එක. හැරිසන්, අකිල, හරින්,දැන් මෙයා. අනේ අප්පේ තියෙන බයක තරම.ජනතාව තීරණය කරාවි මහින්ද ඕනෑද නැද්ද කියලා.අධික රුධිර පීඩනය වගේ දැන් ජවිපෙ අයට. (නි)
සනුකි හා දම්මික හීනෙන් බයවෙලා වගේ. සිහින දකිනවා තාමත්. 29 පාරක් සිහින දැකලත් තාම වැඩිවෙලා නැහැ නේද? 30 වෙනි පාරටවත් අපි බලමු සිහිනෙන් ඇහැරවන්න ඔයාලව. (නි)
දම්මිකගේ 5% බොරු වෙන්නේ මෙහෙමයි. ගිය ඡන්දෙදි මුළු ඡන්ද ගණන ආසන්නව මිලියන 12. ඒකෙන් 5% කියන්නේ ඡන්ද ලක්ෂ 6ක් වගේ. මාතරට ආපු සෙනඟ දැක්කා නම් ඡන්ද ලක්ෂ 6 කජ්ජක්ද? ජේවීපී එකට 9% කියන්නේ ආසන්නව ඡන්ද ලක්ෂ 11.කවදද අප්පේ මේගොල්ලෝ ඡන්ද ලක්ෂ 10 අරන් තියෙන්නේ.. (නි)
මේ රටේ හොඳ සිංහල බෞද්ධයෝ 74% ක් ඉන්නවා. පන්සලට දේශපාලනය ගෙනල්ල කරන කැත වැඩේ ගැන මේ අය ඉන්නේ පුදුම කලකිරීමකින්. ඒ වගේම මාලිගාව අවට රේස් තියපු එකටත් ගොඩක් අය ඉන්නේ කලකිරීමෙන්. (නදී)
සනුකි කියන විධියට රටේ ජනතාවගෙන් 54% ක් එජාපයට විරුද්ධයි. ඉතින් එ් ගොල්ලෝ බලයට එනවා කියන්නේ ප්‍රජාතන්ත්‍රවදයට විරුද්ධ දෙයක්නේ. මහින්දට 5%ක් ලැබෙන කොට අපි රතිඥ්ඥා පත්තු කරලා ජය සමරනවා. (නදී)
අයියෝ බණ්ඩාර, ගල් පැලෙන බොරු කියන්න එපා.මාතරට ලක්ෂ 6 ක් ආවලු. පාසලක පිට්ටනියකට පාසල් ළමයි ටික ගෙනාවත් ඒක පිරෙනවා. පාසලක ළමයි ඕනෑ නම් 4000 ක් වැඩිම ඉඳීවි. මාතරට 3000 කට වඩා ආවේ නැහැ. (නි)
පික්පොකට් බලයක් නේද ආණ්ඩුවට තියෙන්නේ.ලැජ්ජයි. (බ)
ඇයි මෙයාලා මෙච්චර බය මහින්ද ඡන්දය ඉල්ලන්න එනවට? (නි)
තීක්ෂණ මගේ කොමෙන්ට් එකේ කොහෙවත් කියල නෑ මාතරට ලක්ෂ 6ක් ආව කියලා. කියල තියෙන්නේ මාතර සෙනඟ මෙච්චර නම් ලක්ෂ 6 කජ්ජක්ද කියලා. මාතර පිටිය පිරි ඉතිරි ගියා ජන ගඟකින්. ඕනෙනම් මගේ ගානේ අඩි කෝදුවක් දෙන්නම් සෙනග ගනින්න.(නදී)
ගහ දන්නා අපිට කොළ කඩා පෙන්වන්න එපා. (නි)
ඔය ගොල්ලන් ඉස්සෙල්ලම අලියාගේ ඇහැට තිත තියන්න ප්‍රැක්ටිස් කරලා එන්න.(නදී)
පිවිතුරු යහපාල කියන්නේ බන්දුල පෙරේරාම තමයි එයත් මහින්දට කඩේ යන එකනේ කරන්නේ.(නදී
අගමැති කම වැරදුනොත් අඩු ගානේ ප්‍රාදේශීය සභා සබාපති හරි කරවමු. (නදී)
මහින්දට නිදහස් පක්ෂය නැතුව 5% ක්වත් ගන්න බැහැ. එහෙම ගත්තොත් අන්න එදාට මම මේ ලංකාදීප පාඨක තීරුවේ ප්‍රතිචාර දාන එක නවත්වනවා. (නි)
අපි බය නම් නැහැ. (නදී
රසයට කොහොමද බලය අතහරින්නේ (නි)
ජයවේවා! (නි)
මහින්ද මහත්තයා මේ පාරත් පැරදුනොත් අපි කොහොමහරි බස්නාහිර මහා ඇමති හරි කරමු. (නි)
කියන්න එපා එකපාරක් හරිගියාට (ජනාධිපතිවරණ අනාවැකිය ) හැම අනාවැකියම හරියන්නේ නැහැ කියලා. ඡන්දේ ගැන මගේ අනාවැකිය : එජාපය 46%,නිදහස් පක්ෂය : 31%; ජනතා විමුක්ති පෙරමුණ :9% ; මහින්ද මහතාගේ පක්ෂය :5%; වෙනත්:9%. මේ පාරත් කිරිගහට ඇන්නා වගේ (නි)
මට තිබෙන ප්‍රශ්නය ඔච්චර කෑගහන පිවිතුරු යහපාලට ඇත්තටම එහෙම විශ්වාසයක් තියෙනවා නම් මෙතන රෑ එළිවෙනතුරු කඩේ යන්න ඕනෑද කියන එකයි (නි)
මෙච්චර කලබලවෙලා මොකද? (නි)
මහින්ද කණ්ඩායම උපරීම ඡන්ද 15% දක්වා එකතු කරාවි. ඊ ලඟට යන්න තියෙන්නේ පළාත් සබා හා ප්‍රාදේසිය සබා ඡන්දේ ඉල්ලන්යි. (නදී)
පරාජය දැකලා කට්ටිය බයවෙලා (නි)
පිවිතුරු යහපාල අයියේ, මේ දන්නෙ නැති නිසයි අහන්නේ.ඇත්තටම මහින්ද මෙදා පාර දිනයිද?එහෙම වුණොත් කඩේ යන ඔයාටත් හරියයි නේද? (නි)
මේ කියමන හැමෝටම වලංගුයි. පරාද වෙන හැමෝම ගෙදර යා යුතුයි (අ)
ලංකාවේ පොළවේ පයගසා ජීවත්වන සියළු දෙනාගේ පැතුම මහින්දයි (නි)
කලබල වෙන්න එපා.ඔහොම තමා. රට නැවතත් මහින්ද මැතිඳුට. ජය වේවා! (නි)
දැන් හොඳ කාලය ඉවරයි (නි)
දැන් යන්න සුදානම් වෙන්න සදහටම ගෙදර (නි)
දම්මිකයි, සනුකියි, දවල් වෙනකන් නිදාගෙනද කොහෙද.... නැගිටින්න නැගිටින්න... දවල් හීන දැක්කා ඇති. (ර)
යහපාල කියන්නේ .. ඔහු මහින්ද විරෝධියෙක්.. ඇත්තටම ඔහු කරන්නේ මහින්දට කඩේ යන බව පෙන්වමින් අනික් අයව කුලප්පු කිරීම... (බ)