බලපිටියේ ව්‍යාපාරිකයකු වන එම් ඩබ්ලිව් ප්‍රදීප් (42) මහතා අද උදේ අම්බලන්ගොඩ දී පැහැරගත් හඳුනා නොගත් පිරිසක් ඔහුගේ රුපියල් තිස් තුන් ලක්ෂයක රන්මාල හතරක් හා බ්‍රෙස්ලටයක් ද, රුපියල් ලක්ෂ හත හමාරක් ද කොල්ලකා ඉංගිරියේ දී දමා ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
සුදු වෑන් රියකින් පැමිණි මේ පිරිස තමා මාරා දැමීමේ කොන්ත්‍රාත්තුවක් මත පැහැර ගත් නමුත් රන් බඩු ඇති නිසා ඒවා ගෙන මුදා හරින බව කියා ගෙදර යෑමට බස් ගාස්තු ද දී අතහැර දැමූ බව දෙදෙරු පියකු වන ව්‍යාපාරිකයා කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ආයේ ඔය වගේ දේවල් සිද්ධ වෙන්න පටන් ගෙන.මරන්නේ නැතුව මඟ දාලා ගිය එකට සතුටු වෙන්න ඕනේ.(හේ)
පේනවා නේද ප්‍රජාතන්ත්‍රවාදය පරිහරණය කරන හැටි.කෙනෙක් නිදහසේ ජිවත් වෙන්න බලද්දී තව කෙනෙක් එකට හරස් කපනවා.නීති දැඩි කළ යුතුයි මේවාට.සෞදි රටේ වගේ නීති ගෙන්න ඕනේ අපේ රටටත්.(හේ)
සුදු වෑන් පාලනය පරදන ඡන්දේ කවදාද ?(හේ)
දැන් සුදු වෑන් කරන්නේ කවූද දන්නේ නෑ.(හේ)
වෙස්සන්තර රජතුමාගේ නෑදෑයෙක්ද ? (දිල්)
මිනිස්සුත් සල්ලි තියන බව පෙන්නන්න රත්ත්‍රන් පුරෝගෙන ඉන්නවා. ඒවා දැක්කම හොරු නිකන් ඉදිද.? (ර)