IMG-LOGO

2025 මැයි මස 29 වන බ්‍රහස්පතින්දා


බලන් ඇස් ඇර ඩෙංගු මදුරු උවඳුර

ඩෙංගු මදුරු උවදුර ගැන  ලොකු මිනිසුන්  දැනුම්වත් කිරීමට නයිනමඩම ශාන්ත මරියා ප්‍රාථමික විදුහලේ කුඩා දරු දැරියෝ අද එක් වුහ.

කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයට පැමිණි මේ දරුවෝ පැයක් පමණ  පුවරු ඔසවාගෙන වැඩිහිටියනට පැවසුයේ ඩෙංගු මාරයා දෙස ඇස් ඇර බලන ලෙසයි.

 

 

 

 

 



අදහස් (0)

බලන් ඇස් ඇර ඩෙංගු මදුරු උවඳුර

අසෝකා Wednesday, 02 July 2014 05:12 PM

රට පාලනය කරන්න ඡන්දෙන් පත්වෙලා, රටේ මිනිසුන්ගේ සල්ලි වලින්ම පඩි අරගෙන, රටේ මිනිසුන්ටම ගෑස් දමන අය ඇස් වහගෙන ඉන්නකොට මේ දරුවන් කොහොම කෑගැහුවත් වැඩක් වෙයිද? (නි)

:       0       0

සංජිව Wednesday, 02 July 2014 10:49 AM

පුංචි දරුවන්ගේ උත්සාහය අගය කලයුතුය. වැඩිවියට පත්වෙන විට පාරවල් අවහිර කර උත්ගෝෂණ කරන පිරිසක් නොවේවා (දී)

:       0       0

දිලීප Wednesday, 02 July 2014 10:53 AM

ඩෙංගු හදා ගන්නනම් එපා (දී)

:       0       0

අතලේ සුමන හමි Wednesday, 02 July 2014 11:20 AM

ඩෙංගු මදුරුවාට දක්වන සැලකිල්ලම බලධාරීන් රජරට ප්‍රදේශයේ පැතිරෙන් මාරාන්තික වකුගඩු රෝගය සදහා නොදක්වන්නේ ඇයි ද කියන එකයි ප්‍රශ්නය. ඩෙංගු හැදුනොත් සුව කරන්න පුලුවන්. ඒත් වකුගඩු රෝගය හැදුනොත් මරණය නියතයි. ඒ නිසා රජරට වකුගඩු රෝගය පිළිබදවත් මේ වගේම අවධානය යොමුවේවා.(නදී)

:       0       0

සජී Wednesday, 02 July 2014 05:52 PM

මට හිතට නැඟුනු අදහසක් ඔබට පවසන්නම්. හිතා බලන්න, ලංකාව වැනි අධික වර්ෂාවක් තිබෙන, මතුපිටින් ගලායන ජල මුලාශ්‍ර බහුල රටක මදුරුවා කියන සත්ව විශේෂය වඳ කරන්න පුලුවන්ද කියලා. කවදාවත් එහෙම කරන්න හැකියාවක් නැහැ. අපි මුලික අවධානය යොමුකරන්න ඕනෑ, මදුරුවන් පාලනය කරන අතරතුරම, මදුරු දෂ්ටන වලින් වැළකෙන අන්දම ගැනයි (නි)

:       0       0

සුනිල් Wednesday, 02 July 2014 11:45 AM

මේ ඉල්ලීම දරුවන්ව උද්ඝෝෂණනවලට යොමුකරන පාසල් ගුරුවරුන්ට. කරුණාකරලා දරුවන්ව මහපාරට ගේන්න එපා මේ වැඩ වලට. මේ බොරු වැඩ දරුවන් ලවා කරවන්න එපා. දරුවන්ගේ ජීවිත අනතුරකට ලක් කරන්න එපා. ඔය මාර්ගවල සමහර රියදුරන් වාහන එලවන්නේ පාරේ ඉන්න ගමන් කරන උදවිය ගැන හිතල නොවේ. මතකනේ මේ ලඟදි මඩු වන්දනාවේ යමින් හිටපු කණ්ඩායමකට උන දේ? කරුණාකරලා ඔය උද්ඝෝෂණය පාසල් බිමේ ළමුන්ට ආරක්ෂාව තියෙන තැනක තියන්න. මහා පාරට දු දරුවන් ගෙනල්ල බොරුවක් කරලා දරුවන්ගේ ජීවිත අනතුරට ලක් වෙන විදියේ වැඩ කරන්න එපා. (නදී)

:       0       0

අචිනි Wednesday, 02 July 2014 11:51 AM

පුංචි පැටව් අපේ මල් වගේ (දී)

:       0       0

සෝමා Wednesday, 02 July 2014 12:18 PM

හොද ආදර්ශයක් පොඩි අයගෙන් (දිල්)

:       0       0

ධම්ම Wednesday, 02 July 2014 02:03 PM

"දුටු තැන මරා දමමු". දරුණු වචන නේ දරුවන්ට ලියලා දීලා තියෙන්නේ. (නදී)

:       0       0

හේමන්ත Wednesday, 02 July 2014 02:31 PM

මේ බබාලා මොනවා කියමින් කෑගසන්නේ දැයි දැනගන්න ආසයි. (දී)

:       0       0

සුනිල් Wednesday, 02 July 2014 03:34 PM

කිසිදු සැලකිල්ලක් නොමැතිව පාරේ යන මගීන් ගැන සැලකිල්ලක් නැතිව රියදුරන් වාහන එලවන රටක පුංචි දරුවන් මේ වගේ මහපාරට උද්ගෝෂණ වලට ගෙන එක හොඳ දෙයක් ද, දරුවන්ගේ ආරක්ෂාවට එක හොඳද කියල හිතුවොත් හොඳා (දී)

:       0       0

සෝබන Wednesday, 02 July 2014 03:52 PM

වැඩිහිටියන්ගේ අසමත් කම වසාගන්නට කුඩා දරුවන් යෝදා ගැනීම බාල අපරාධයක්. බෝර්ඩ් අල්ලා මදුරුවෝ නැතිරකන්න බැහැ එකට ජාතික වැඩ පිලිවෙලකුත්, එක ක්‍රියාත්මක කරන්න මුදලුත්, දේශපාලන කැපවීමත් අවශ්‍යයි. (දී)

:       0       0

පතිරණ Wednesday, 02 July 2014 03:57 PM

ළමයි ගාව ගත්තු එකනම් භයානකයි (දී)

:       0       0

නියම සිංහ Wednesday, 02 July 2014 04:03 PM

මේ ළමයින්ටත් දැන්ම ඉඳන් බෝඩ් උස්සන් ඉන්න පුරුදු කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 58 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 213 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 557 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site