ඩෙංගු මදුරු උවදුර ගැන  ලොකු මිනිසුන්  දැනුම්වත් කිරීමට නයිනමඩම ශාන්ත මරියා ප්‍රාථමික විදුහලේ කුඩා දරු දැරියෝ අද එක් වුහ.

කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයට පැමිණි මේ දරුවෝ පැයක් පමණ  පුවරු ඔසවාගෙන වැඩිහිටියනට පැවසුයේ ඩෙංගු මාරයා දෙස ඇස් ඇර බලන ලෙසයි.