ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති ගොවි නියාමක රැස්වීමකට ඇරයුමක් නොමැතිව ගිය බව කියන එක්සත් ජාතික පක්ෂයේ ඇහැලියගොඩ සංවිධායක සිරිපාල කිරිඇල්ල මහතා තුවාල ලබා රෝහල් ගත කළ බව ඔහුගේ පුත් ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී හරිස් කිරිඇල්ල මහතා කියයි.
ජනපතිවරණය වෙනුවෙන් පැවැත්වූ රැස්වීමකට රජයේ නිලධරයන් කැඳවූයේ ඇයිදැයි ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහුට පහර දී ඇතැයි කියති.
පොලිසියට පැමිණිලි දෙකක් ලැබී තිබේ. එකක් කිරිඇල්ල මහතාගෙනි. අනෙක ගොවි නියාමක වරයකුගෙනි. කිරිඇල්ල මහතා කලහකාරී ලෙස හැසිරෙද්දී තුවාල සිදුවී ඇතැයි ගොවි නියාමක පොලිසියට කියයි. මහාට වක් පිහියකින් කපා තුවාල කළැයි කිරිඇල්ල මහතා පොලිසියට කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ කිරිඇල්ල (නදී)
"වැටත් නියරත් ගොයම් කා නම් - කාට පවසමි ඒ අමාරුව" කියල පැරණි පිරුලක් තියෙනවා, කිරිඇල්ල මහත්මය එ්ක අහල තිබුනානම් ඔහොම වෙන්නේ නැහැනේ. අපි නම් දැන් ඕවට අත දාන්නේ නැහැ. "ලනුව දිග තියෙන කම් ලු නේ ගොනා උනත් උලා කන්නේ" ලනුව කනුව වටේ එතුනාම ගොනා කනුව මුලම වැටෙනවානේ , අපි එතකම් බලන් ඉන්නවා.. (නදී)
එතුමා ජනතාව ගැන අවදියෙන් ඉන්න කෙනෙක්.අසාධාරණයක් වුණොත් කතාකරන කෙනෙක්. (නි)
මොකක්ද මේ වෙන්නේ මේ අසාදාරන කම් කරන්නේ පරදින්න තියෙන බයට. මොලයක් තියෙන කෙනෙක් නම් ඡන්දෙ දෙන්නේ නෑ. (නදී)
පවුලේ වැඩවලට පිට පවුල්වල අය යන්නේ නැහැ. (නදී)
කිරිඇල්ල මහත්තය මොකටද මෙහේ ගියේ (අ)
අනුන්ගේ රැස්වීම් වලට හොට දාන්න නොගිහින් තමන්ගේ රැස්වීමක් තියා ගත්තා නම් ඉවරනේ. ඕවා බොරු ෂෝ(නදී)
කිරිඇල්ලත් ඉස්සර හිටියේ සංධානයේ නිසා යන්න ඇති. මල්මාලවක් දාලා පිළිගත්තනම් හරිනේ (අ)