IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


බුලත් එපා කියා අලියාට බුලත් දෙයි.

ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවේ සන්ධාන සභාපති විජය  විතානගේ මන්තී‍්‍රවරයා අද එක්සත් ජාතික පක්‍ෂයට එක්විය. එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පිරිසිදු දේශපාලන ගමන ගැන ඇතිවු පැහැදීම නිසාත් තම  පක්‍ෂයෙන් තරුණ අදහස්වලට ඉඩ නැති නිසාත් එජාපයට එක්වූ බවත් ඉදිරියේදී බලංගොඩ ආසනයෙන් තරග කරන බවත් විතානගේ මහතා පැවැසීය. ඔහු  රනිල් වික‍්‍රමසිංහ මහතා අතින් අද එ.ජා.ප. සාමාජිකත්වයද ලැබීය. මහලේකම් තිස්ස අත්තනායක, රත්නපුර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍රන් වන රංජන් රාමනායක හා තලතා අතුකෝරාල යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්වූහ.  



අදහස් (0)

බුලත් එපා කියා අලියාට බුලත් දෙයි.

මාමා Tuesday, 17 July 2012 02:28 PM

ආණ්ඩුවෙ පිරිහීමේ ආරම්භයද මේ...??

:       0       0

නීලා, singapore Tuesday, 17 July 2012 07:49 PM

ගුත්තිල මූසිල තරගයෙන් මූසිලට වෙච්ච දේ ඔය කාට හරි වෙයි ඉදිරියේදී

:       0       0

පුරවැසියා Tuesday, 17 July 2012 02:29 PM

වෙනසකට ආරම්භයක්

:       0       0

සිසිර Tuesday, 17 July 2012 01:51 PM

මෙයාලා පාට මාරු කරහම අසරණ වෙන්නේ ගමේ ඉන්න ඡන්ද දායකයෝ

:       0       0

නිමල් Tuesday, 17 July 2012 02:05 PM

හරියට හරි ඔය තියෙන්නේ.....

:       0       0

ෆාරු Tuesday, 17 July 2012 02:48 PM

ඉතිං ඒකනෙ කවුරුත් කියන්නෙ..

:       0       0

නිශාද් ප්‍රීනා Tuesday, 17 July 2012 02:51 PM

පැත්ත මාරැ ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රධාන ලක්ෂණයක් වෙයි..

:       0       0

මහේෂ් Tuesday, 17 July 2012 07:32 PM

මාර වැඩේ දැන් ආණ්ඩුව ඉවරයි..

:       0       0

එලාරිස් Tuesday, 17 July 2012 03:00 PM

නියමයි.. නියමයි.. ඔහොම යං...

:       0       0

gona Tuesday, 17 July 2012 07:36 PM

මට නම් වචන නෑ මෙවට කියන්න දුක හිතෙනවා

:       0       0

සුරන් Wednesday, 18 July 2012 09:44 AM

ඇත්තටම තරුණයන් ගැන හිතන් නැති පාලනයක් මේක . තරුණ රැකියා මෑන් පවර් වලට විකුණලා තරුණයන් අනාත කරනවා .

:       0       0

රනිල් Tuesday, 17 July 2012 03:04 PM

ආණ්ඩු පක්ෂයේ ඉදල විපක්ෂයට එන්න තරම් ආත්ම ශක්තියක් තියන එකට මගේ අචාරය. අනිවාර්යෙන්ම වංචා, දුෂණ, චෝදනා නැතුව ඇති,නැත්නම් මෙ වෙනකොටත් රිමාන්ඩ් කරලා

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Tuesday, 17 July 2012 02:29 PM

දැන් තමයි මොලේ වැඩකරන්නේ....

:       0       0

පිලිපීනෝ Tuesday, 17 July 2012 02:33 PM

හුරුබුහුටි තරුණයෙක් නේද ???

:       0       0

එරංග Wednesday, 18 July 2012 10:10 AM

යූ.එන්.පී. එකේ කියන්න පුලුවන් පුද්ගලයෙක් අපේ පැත්තේ නම් නැහැ

:       0       0

අනුර එස් ලියනගේ - මුල්ලෙරියාව Tuesday, 17 July 2012 02:44 PM

--------- ඡය වේවා !! ඡය වේවා !! ඡය වේවා !!!

:       0       0

රොශාන් Tuesday, 17 July 2012 02:47 PM

දැන් ඔය සින්දුව පරණයි වගේ...අලුත් සින්දුවක් නැද්ද ‍?????

:       0       0

මන්ගි Tuesday, 17 July 2012 02:49 PM

කාලෙකට පස්සේ හොඳ කමෙන්ට් එකක්...

:       0       0

කෝෂිත Tuesday, 17 July 2012 03:28 PM

තරුන අදහස් වලට නියම තැන...නියමයි.

:       0       0

තව නාකියෙක් Tuesday, 17 July 2012 03:40 PM

මොකද වෙන්න යන්නෙ කියලා බලමු.. මේවා දෙපැත්තටම හොද පාඩම්.. දෙපැත්තෙම නාකි ටික ඉන්නෙ.. තරැණයිනට තැනක් දෙන්නෙම නැහැ..

:       0       0

රනිල් Tuesday, 17 July 2012 03:09 PM

මේක වෙන්න බැරි දෙයක්

:       0       0

රෝලංකා Tuesday, 17 July 2012 03:50 PM

ඇත්තටම විපක්ෂ නායක තුමාට පිරිසිදු දේශපාලන ගමන තියෙනව ද?, තරුණ අදහස්වලට ඉඩදුන්න නම් බෙරුවල රැස්විමේ දි නගරික මන්ත්‍රිවරයට ගහයිද? ඔහු තරුණ අදහස් වලට ඉඩදෙනවා නම් අද සජිත් නායකයා......විජය විතානට පෙරමුණෙන් නාම යෝජනා දිලා නැතිව ඇති.... මිණිස්සු මෝඩ නෑ මහත්තයෝ

:       0       0

තිසා Tuesday, 17 July 2012 03:54 PM

රන්ජන් ඔයව‍ගේ තැන්වලට එනකොට ටිකක් වැදගත් විදිහට ඇදලා ආවනම් තමයි හොද නේද?

:       0       0

කෝලිත Tuesday, 17 July 2012 09:14 PM

අපරාදේ, මේ කොලු පැටියා දුවන කෝච්චියකට බෙල්ල තියලා නේද?

:       0       0

කින් බෙනට් Tuesday, 17 July 2012 08:36 PM

@ සිසිර,,,, අද වගේ ඉස්සෙල්ලම පාට මාරු කරනවා දැක්කේ ?

:       0       0

පැට්‍රික් Tuesday, 17 July 2012 03:32 PM

විපක්ෂ නායකතුමා ශක්තිමත් කරන්න කට්ටිය එකතු වෙන්න....

:       0       0

සමන් Tuesday, 17 July 2012 03:34 PM

හරිදේ කරන්න හරි තැන ඉදලා.....ජය වේවා..

:       0       0

කෙවින් Tuesday, 17 July 2012 04:29 PM

තිසා, ඇදුමෙන් මිනිස්සු මනින්න බැහැ.. කොන්ඩෙ ‍පාටකරගෙන තරැණ පෙණුම අරගෙන සමහරැ කරන විනාශ පේනවා නේද?

:       0       0

පෙරේරා Tuesday, 17 July 2012 09:49 PM

කට්ටියගෙ අදහස් දැක්කම නිකං ප්‍රාදේශිය සභා මන්ත්‍රීකෙනෙක් විපක්ෂෙට ගියාට මුළු ආණ්ඩුවම පෙරළුනාවගේනෙ.. පව් කියලත් හිතෙනවා ලබන සතු‍ට දැක්කම.

:       0       0

අමිල කටුනායක Tuesday, 17 July 2012 04:37 PM

එහෙනම් වන් ෂොට්

:       0       0

නියතපාල Tuesday, 17 July 2012 09:48 PM

පෙරේරා මහත්තයෝ, ප්‍රාදේශීය සභා වල, ශාඛා සමිති වල ඉන්න මිනිස්සු තමයි මහා ලොකුවට ජීවත් වෙන ඇමතිලාව හදන්නේ. පාර්ලිමේන්තු විසුරවපුවහම ඔය ලොකු ලොකු ඇමතිලා ඉස්සෙල්ලාම එන්නේ ඔය ප්‍රාදේශීය සභා වල, ශාඛා සමිති වල ඉන්න මිනිස්සු හොයාගෙන

:       0       0

සමන් Tuesday, 17 July 2012 04:54 PM

ඇයි මන්ත්‍රීතුමා මේ දුක හොයා ගෙන යන්නේ? ගිහි සැප ඇති වුණාද?

:       0       0

වාවා Wednesday, 18 July 2012 11:33 AM

මෝඩ වැඩක්ද මන්දා....

:       0       0

ෂා Tuesday, 17 July 2012 05:04 PM

තානාන්තර දාලා විපක්ෂයට එනවානම් අනිවාර්යයෙන්ම පිරිසිදු දේශපාලනය කරන්න හිතලා ඇති... ජයවේවා..!!

:       0       0

වේළුසුමන Wednesday, 18 July 2012 11:57 AM

පිරිසිදු දේශපාලනය ? විතානගේ පොඩ්ඩා මං ගැන අහල නැතුව ඇති - ගෝනවල සුනිල්

:       0       0

නිමල් අල්ගේවත්ත Tuesday, 17 July 2012 05:20 PM

අපේ ඈයෝ හිතන් ඉන්නේ බුලත් වගාවට ඉහෙන් බහින ලෙඩක් නෑ කියලා. නමුත් ඉතිං ඔන්න බබෝ බුලත් වලටත් ලෙඩේ බෝ වෙලා. හැමදාමත් නත්තල් නෑ මෙයා.

:       0       0

සමීර Thursday, 26 July 2012 12:05 AM

මෙවන් පක්ෂයකට මාරු වූයේ කිමද? (නි)

:       0       0

රට වැසියෙක් Tuesday, 17 July 2012 04:48 PM

සිසිර, අද කාලේ අපි වගේ ඡන්ද දායකයොත් අමාරුවේ වැටිලා ඉන්න වෙලාවක එතුමා කරන වැඩේ හරි කියල මම හිතන්නේ.ආණ්ඩු පක්ෂයේ ඉදල විපක්ෂයට එනවා කියන එක අද කාලේ හරි පුදුම දෙයක්.මම එතුමාට සුභ පතනවා.

:       0       0

පිලිපිනෝ Tuesday, 17 July 2012 05:38 PM

විපක්ෂය සමග එක්උණ සරත් පොන්සේකට මොකද උනේ? අනේ මන්ද දැන දැන වලේ වැටෙනවා කියන්නෙ ඕකට තමයි..

:       0       0

කිරිමාටින් Wednesday, 18 July 2012 11:42 AM

සියදිවි නසා ගන්නද යන්නේ ඔබතුමා?

:       0       0

අභිමන් සුවිසල් Tuesday, 17 July 2012 05:04 PM

මෙන්න 2012 වසරේ ලොකුම බොරුව..... සන්ධානයේ තරැණයන්ට තැකක් නැත.. යූඑන්පී. හි තරුණයන්ට තැනක් ඇත... ඔය මන්ත්‍රීතුමාට අඩු අං විතරයි මයෙ හිතේ...

:       0       0

අනුර Tuesday, 17 July 2012 05:04 PM

පවු අනේ. යූ.එන්.පී. එක එන්නේ නැහැ ඩියර්.

:       0       0

ලාල් ගලබඩ Tuesday, 17 July 2012 11:27 PM

ලාල් ගලබඩ ඉතාලියේ සිට... විපක්ෂ නායක තුමා ඒ කාලේ දුන්නු, මල්ලිලාට බ්‍රේස්ලට් එකත් දාගෙනමයි ගිහින් තියෙන්නේ, ඊළගට නාමයෝජනා ඉල්ලා ගෙන එන්නේ චුයින්ගම් කන සීයා කෙනෙක්.

:       0       0

ආනන්ද Tuesday, 17 July 2012 11:00 PM

තරුණයින්ට තැනක් දෙන නිසයි කියන්නේ යන්නේ

:       0       0

‍‍කෝර‍ලේ Wednesday, 18 July 2012 11:50 AM

නව ‍වෙනසක ආරම්භය බවයි ‍පෙනී යන්නේ.... ජය..ජය.. ජය.. ජය‍වේවා!!!

:       0       0

නියතපාල Tuesday, 17 July 2012 05:13 PM

රණසිංහ ප්‍රේමදාස ජනාධිපති කියන්නේ අපුර්ව නායකයෙක්. එතුමා විශේෂිත පුද්ගලයෙක්.ප්‍රේමදාසගේ පුතා කියන එක රටේ නායකයා වෙන්න තියන එකම සුදුසුකම නෙවෙයි.

:       0       0

ජනක Tuesday, 17 July 2012 05:33 PM

එහෙනං හොර බොරු නැති කෙනෙක් වෙන්න ඇති මොකද දූෂණ චෝදනා තියෙනවානම් කිසිම දාක මේවගේ තීරණයක් ගන්නෙ නැහැ...

:       0       0

ජගත් Tuesday, 17 July 2012 05:35 PM

හොද තීරණයක්.රටේ හොද වෙනසක් වෙයි කියලා ඉදිරියේදී බලාපොරොත්තු තබා ගනිමු.සුභ පැතුම්!

:       0       0

ආනන්ද Tuesday, 17 July 2012 06:15 PM

අනේ මෙහෙම සුපිරිසිදු නායකයෙක් ඔය කියන මහත්තය ඉපදුනේ ඊයේ වෙන්න ඇත.

:       0       0

අනුෂ්ක Tuesday, 17 July 2012 05:37 PM

එක පක්ෂයකින් චන්දෙ ඉල්ලලා පැත්ත මාරු කරන එක වැරදියි.

:       0       0

නිපුණ Tuesday, 17 July 2012 05:48 PM

ෂුවර් එකටම මොහුට දැන් දිගට හරහට දූෂන චෝදනා ඒවි. මොකද දැන් අනිත් පැත්තෙනෙ

:       0       0

මධු Wednesday, 18 July 2012 01:11 AM

රනිල් කියන්නේ හොද නයකයක් . ජය වේවා !

:       0       0

මංගල Thursday, 26 July 2012 07:59 AM

මෙයාට පිස්සුද මන්දා. (නි)

:       0       0

ආනන්ද ජයරත්න Tuesday, 17 July 2012 06:42 PM

අපේ අනුරාධපුරේ එක්කෙනෙකුත් ඔය පිරිසිදු එක්කෙනාට එකතුවෙලා දැං අනාගෙන ගෙදර ඉන්නවා..

:       0       0

මනොහරෙන් Wednesday, 18 July 2012 01:48 AM

මම මේ ආණ්ඩුවේ පිරිහීම නොවෙයි රටේ ජනතාව කියන අයගේ පිරිහීම .

:       0       0

ජගත් Tuesday, 17 July 2012 07:05 PM

පනින එක තමයි හොද.එතකොට හැමදාම හොදම හොදයි

:       0       0

තරුෂ Tuesday, 17 July 2012 07:15 PM

කීයක් විතර තිබුනද දන්නෑ බ්‍රිෆ් කේස් එකේ

:       0       0

niranjan Tuesday, 17 July 2012 07:17 PM

ජනතාවට දැන් නිදහසෙ ඉන්න පුලුවන්" මෙ වගෙ අය යු.ඵන්.පි.යට තමයි සුදුසු ...

:       0       0

ඕපාදුප ප්‍රනාන්දු පදොව Wednesday, 18 July 2012 02:40 AM

යුගයක අවසානයේ අරම්බයද ?

:       0       0

ජයලත් Tuesday, 17 July 2012 06:48 PM

......විජය විතානට පෙරමුණෙන් නාම යෝජනා දිලා නැතිව ඇති.... මිණිස්සු මෝඩ නෑ මහත්තයෝ මෙ සැරෙ මෙයා ගෙදර අරින්න ගුටි කාපු යු.ඵන්.පි කට්ටිය ලක ලැහැස්ති වෙලා ඉන්නෙ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 60 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 47 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 194 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site