ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවේ සන්ධාන සභාපති විජය විතානගේ මන්තී‍්‍රවරයා අද එක්සත් ජාතික පක්‍ෂයට එක්විය. එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පිරිසිදු දේශපාලන ගමන ගැන ඇතිවු පැහැදීම නිසාත් තම පක්‍ෂයෙන් තරුණ අදහස්වලට ඉඩ නැති නිසාත් එජාපයට එක්වූ බවත් ඉදිරියේදී බලංගොඩ ආසනයෙන් තරග කරන බවත් විතානගේ මහතා පැවැසීය.
ඔහු රනිල් වික‍්‍රමසිංහ මහතා අතින් අද එ.ජා.ප. සාමාජිකත්වයද ලැබීය. මහලේකම් තිස්ස අත්තනායක, රත්නපුර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍රන් වන රංජන් රාමනායක හා තලතා අතුකෝරාල යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්වූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවෙ පිරිහීමේ ආරම්භයද මේ...??
ගුත්තිල මූසිල තරගයෙන් මූසිලට වෙච්ච දේ ඔය කාට හරි වෙයි ඉදිරියේදී
වෙනසකට ආරම්භයක්
මෙයාලා පාට මාරු කරහම අසරණ වෙන්නේ ගමේ ඉන්න ඡන්ද දායකයෝ
හරියට හරි ඔය තියෙන්නේ.....
ඉතිං ඒකනෙ කවුරුත් කියන්නෙ..
පැත්ත මාරැ ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රධාන ලක්ෂණයක් වෙයි..
මාර වැඩේ දැන් ආණ්ඩුව ඉවරයි..
නියමයි.. නියමයි.. ඔහොම යං...
මට නම් වචන නෑ මෙවට කියන්න දුක හිතෙනවා
ඇත්තටම තරුණයන් ගැන හිතන් නැති පාලනයක් මේක . තරුණ රැකියා මෑන් පවර් වලට විකුණලා තරුණයන් අනාත කරනවා .
ආණ්ඩු පක්ෂයේ ඉදල විපක්ෂයට එන්න තරම් ආත්ම ශක්තියක් තියන එකට මගේ අචාරය. අනිවාර්යෙන්ම වංචා, දුෂණ, චෝදනා නැතුව ඇති,නැත්නම් මෙ වෙනකොටත් රිමාන්ඩ් කරලා
දැන් තමයි මොලේ වැඩකරන්නේ....
හුරුබුහුටි තරුණයෙක් නේද ???
යූ.එන්.පී. එකේ කියන්න පුලුවන් පුද්ගලයෙක් අපේ පැත්තේ නම් නැහැ
--------- ඡය වේවා !! ඡය වේවා !! ඡය වේවා !!!
දැන් ඔය සින්දුව පරණයි වගේ...අලුත් සින්දුවක් නැද්ද ?????
කාලෙකට පස්සේ හොඳ කමෙන්ට් එකක්...
තරුන අදහස් වලට නියම තැන...නියමයි.
මොකද වෙන්න යන්නෙ කියලා බලමු.. මේවා දෙපැත්තටම හොද පාඩම්.. දෙපැත්තෙම නාකි ටික ඉන්නෙ.. තරැණයිනට තැනක් දෙන්නෙම නැහැ..
මේක වෙන්න බැරි දෙයක්
ඇත්තටම විපක්ෂ නායක තුමාට පිරිසිදු දේශපාලන ගමන තියෙනව ද?, තරුණ අදහස්වලට ඉඩදුන්න නම් බෙරුවල රැස්විමේ දි නගරික මන්ත්‍රිවරයට ගහයිද? ඔහු තරුණ අදහස් වලට ඉඩදෙනවා නම් අද සජිත් නායකයා......විජය විතානට පෙරමුණෙන් නාම යෝජනා දිලා නැතිව ඇති.... මිණිස්සු මෝඩ නෑ මහත්තයෝ
රන්ජන් ඔයවගේ තැන්වලට එනකොට ටිකක් වැදගත් විදිහට ඇදලා ආවනම් තමයි හොද නේද?
අපරාදේ, මේ කොලු පැටියා දුවන කෝච්චියකට බෙල්ල තියලා නේද?
@ සිසිර,,,, අද වගේ ඉස්සෙල්ලම පාට මාරු කරනවා දැක්කේ ?
විපක්ෂ නායකතුමා ශක්තිමත් කරන්න කට්ටිය එකතු වෙන්න....
හරිදේ කරන්න හරි තැන ඉදලා.....ජය වේවා..
තිසා, ඇදුමෙන් මිනිස්සු මනින්න බැහැ.. කොන්ඩෙ පාටකරගෙන තරැණ පෙණුම අරගෙන සමහරැ කරන විනාශ පේනවා නේද?
කට්ටියගෙ අදහස් දැක්කම නිකං ප්‍රාදේශිය සභා මන්ත්‍රීකෙනෙක් විපක්ෂෙට ගියාට මුළු ආණ්ඩුවම පෙරළුනාවගේනෙ.. පව් කියලත් හිතෙනවා ලබන සතුට දැක්කම.
එහෙනම් වන් ෂොට්
පෙරේරා මහත්තයෝ, ප්‍රාදේශීය සභා වල, ශාඛා සමිති වල ඉන්න මිනිස්සු තමයි මහා ලොකුවට ජීවත් වෙන ඇමතිලාව හදන්නේ. පාර්ලිමේන්තු විසුරවපුවහම ඔය ලොකු ලොකු ඇමතිලා ඉස්සෙල්ලාම එන්නේ ඔය ප්‍රාදේශීය සභා වල, ශාඛා සමිති වල ඉන්න මිනිස්සු හොයාගෙන
ඇයි මන්ත්‍රීතුමා මේ දුක හොයා ගෙන යන්නේ? ගිහි සැප ඇති වුණාද?
මෝඩ වැඩක්ද මන්දා....
තානාන්තර දාලා විපක්ෂයට එනවානම් අනිවාර්යයෙන්ම පිරිසිදු දේශපාලනය කරන්න හිතලා ඇති... ජයවේවා..!!
පිරිසිදු දේශපාලනය ? විතානගේ පොඩ්ඩා මං ගැන අහල නැතුව ඇති - ගෝනවල සුනිල්
අපේ ඈයෝ හිතන් ඉන්නේ බුලත් වගාවට ඉහෙන් බහින ලෙඩක් නෑ කියලා. නමුත් ඉතිං ඔන්න බබෝ බුලත් වලටත් ලෙඩේ බෝ වෙලා. හැමදාමත් නත්තල් නෑ මෙයා.
මෙවන් පක්ෂයකට මාරු වූයේ කිමද? (නි)
සිසිර, අද කාලේ අපි වගේ ඡන්ද දායකයොත් අමාරුවේ වැටිලා ඉන්න වෙලාවක එතුමා කරන වැඩේ හරි කියල මම හිතන්නේ.ආණ්ඩු පක්ෂයේ ඉදල විපක්ෂයට එනවා කියන එක අද කාලේ හරි පුදුම දෙයක්.මම එතුමාට සුභ පතනවා.
විපක්ෂය සමග එක්උණ සරත් පොන්සේකට මොකද උනේ? අනේ මන්ද දැන දැන වලේ වැටෙනවා කියන්නෙ ඕකට තමයි..
සියදිවි නසා ගන්නද යන්නේ ඔබතුමා?
මෙන්න 2012 වසරේ ලොකුම බොරුව..... සන්ධානයේ තරැණයන්ට තැකක් නැත.. යූඑන්පී. හි තරුණයන්ට තැනක් ඇත... ඔය මන්ත්‍රීතුමාට අඩු අං විතරයි මයෙ හිතේ...
පවු අනේ. යූ.එන්.පී. එක එන්නේ නැහැ ඩියර්.
ලාල් ගලබඩ ඉතාලියේ සිට... විපක්ෂ නායක තුමා ඒ කාලේ දුන්නු, මල්ලිලාට බ්‍රේස්ලට් එකත් දාගෙනමයි ගිහින් තියෙන්නේ, ඊළගට නාමයෝජනා ඉල්ලා ගෙන එන්නේ චුයින්ගම් කන සීයා කෙනෙක්.
තරුණයින්ට තැනක් දෙන නිසයි කියන්නේ යන්නේ
නව වෙනසක ආරම්භය බවයි පෙනී යන්නේ.... ජය..ජය.. ජය.. ජයවේවා!!!
රණසිංහ ප්‍රේමදාස ජනාධිපති කියන්නේ අපුර්ව නායකයෙක්. එතුමා විශේෂිත පුද්ගලයෙක්.ප්‍රේමදාසගේ පුතා කියන එක රටේ නායකයා වෙන්න තියන එකම සුදුසුකම නෙවෙයි.
එහෙනං හොර බොරු නැති කෙනෙක් වෙන්න ඇති මොකද දූෂණ චෝදනා තියෙනවානම් කිසිම දාක මේවගේ තීරණයක් ගන්නෙ නැහැ...
හොද තීරණයක්.රටේ හොද වෙනසක් වෙයි කියලා ඉදිරියේදී බලාපොරොත්තු තබා ගනිමු.සුභ පැතුම්!
අනේ මෙහෙම සුපිරිසිදු නායකයෙක් ඔය කියන මහත්තය ඉපදුනේ ඊයේ වෙන්න ඇත.
එක පක්ෂයකින් චන්දෙ ඉල්ලලා පැත්ත මාරු කරන එක වැරදියි.
ෂුවර් එකටම මොහුට දැන් දිගට හරහට දූෂන චෝදනා ඒවි. මොකද දැන් අනිත් පැත්තෙනෙ
රනිල් කියන්නේ හොද නයකයක් . ජය වේවා !
මෙයාට පිස්සුද මන්දා. (නි)
අපේ අනුරාධපුරේ එක්කෙනෙකුත් ඔය පිරිසිදු එක්කෙනාට එකතුවෙලා දැං අනාගෙන ගෙදර ඉන්නවා..
මම මේ ආණ්ඩුවේ පිරිහීම නොවෙයි රටේ ජනතාව කියන අයගේ පිරිහීම .
පනින එක තමයි හොද.එතකොට හැමදාම හොදම හොදයි
කීයක් විතර තිබුනද දන්නෑ බ්‍රිෆ් කේස් එකේ
ජනතාවට දැන් නිදහසෙ ඉන්න පුලුවන්" මෙ වගෙ අය යු.ඵන්.පි.යට තමයි සුදුසු ...
යුගයක අවසානයේ අරම්බයද ?
......විජය විතානට පෙරමුණෙන් නාම යෝජනා දිලා නැතිව ඇති.... මිණිස්සු මෝඩ නෑ මහත්තයෝ මෙ සැරෙ මෙයා ගෙදර අරින්න ගුටි කාපු යු.ඵන්.පි කට්ටිය ලක ලැහැස්ති වෙලා ඉන්නෙ..