ආසියානු රටක ප්‍රථම වරට පැවැත්වෙන වෘත්තීය බ්ලොග්කරුවන්ගේ සමුලුවට සහභාගී වීමට දිවයිනට පැමිණ සිටින ලොව විශිෂ්ඨතම බ්ලොග්කරුවන්ට ගුවනින් දකුණු පළාත් මුහුදු තීරය වඩා රවුමක් යාමට අවස්ථාව උදාවිය.
ඔවුන් වෙනුවෙන් මෙරට පැවැත්වු වැඩමුලු වලදී විවිධ දස්කම් පෙන්වු බ්ලොග්කරුවෝ 14 දෙනෙකුට මෙම අවස්ථාව හිමි විය.
ඇමරිකානු ජාතික ෆවෙල් වොල්කින් යානයේ ගුවන් නියමුවා විය. දිනුෂ පීරිස් සහායක නියමුවා විය. ඉතා දක්ෂ ලෙස යානය හසුරවමින් අඩි 400 ක් පමණ පහතින් ගමන් ගත් යානය ශ්‍රී ලංකාවේ සුන්දර වෙරළ තීරය හරහා දකුනු ලකේ සුන්දරත්වය පෙන්වීමට ගුවන් නියමුවෝ සමත් වුහ.
සමහර අවස්ථාවලදී වේගය අඩුකරමින්, පහත්කරමින්, ඇලකරමින් බ්ලොග්කරුවන්ට රිසිසේ එම දර්ශණ ඡායාරූප ගතකිරිමටද ගුවන් නියමුවෝ ඉඩ සැලසුහ.
යානය ඇලකරන අවස්ථාවලදී බ්ලොග්කරුවෝ උද්දාමයට පත්ව කෑ ගැසුහ.
ගුවන ගමන අවසානයේ ඔවුහු ගුවන් නියමුවන්ට ස්තුති කළේ ගුවන් නියමුවා ඉතා දක්ෂ ලෙස යානය පාලනය කළ අයුරු සිහිගන්වමිනි.
සිනමන් හොටෙල් ඇන්ඩ් රෙසෝට්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ වෘත්තීය බ්ලොග්කරුවනගේ සංවිධානය සමග එක්ව මෙම සමුළුව සංවිධානය කර ඇත.
























COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ රට මොනතරම් නම් ලස්සනද? (නි)
ලස්සන ලංකාවක් (නි)
අපේ රට ලස්සනයි. අපිට ආඩම්බරයි. නමුත් ලෝකෙ තියෙන ලස්සන එකම රට ලංකාව කියලම හිතන්න එපා. මෙහෙම සිතිවිලි වලින් අපි නොදැනිම මුලාවෙනවා . (නි)
ඉතාමත් ලස්සනයි. (නදී)
තවත් එක් සුන්දර අත්දැකීමක් වෙන්න ඇති මේ පිරිසට ගුවන් ගමන.අහසේ පියාසර කරන කුරුල්ලාගේ දෑසට මේ අලංකාරත්වය කෙසේ දිස්වෙනවා ඇත්ද?(හේ)
ලස්සන ෆොටෝස්. මෙතන ඉන්න වැඩිදෙනා කාන්තාවන් නේද? මන් හිතන් හිටියේ බ්ලොග්ස් වැඩිපුර කරන්නේ පිරිමි කියලා. (නදී)
ලංකාෙව් සිංහෙලන් බ්‍ෙලොග් ලියන ලිපි කියවන්න. (නදී)
ගාලු කොටුවේ ගල් බැම්මේ ඇත පේන සිතිජ ඉමේ .....බලන්න කොතරම් සුන්දරද කියා මේ ....අපේ රට (නි)
තංගල්ල ප්‍රාදේශීය සභාව ඔය පැත්තේ තමයි තියෙන්නේ (නි)
බොහොම සුන්දරයි වගේම, මේ වටිනා ජීවිත වල ආරක්ෂාව සම්බන්ධව ඉතාමත් සැළකිලිමත් වියයුතුයි.! (නි)
ලෝකයේ තිබෙන හැම රටක්ම ලස්සනයි .(හේ)
බලන්න දකුණේ ලස්සන (නි)
ප්‍රයෝජනවත් ලෙස සකස් කළ මේ වැඩ සටහනට අපේ ප්‍රණාමය. ශ්‍රී ලංකාව දිනේවා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ පාඩුව ලබන වසරේ කෝටි 350තට වඩා අඩු වේවා. (ගිය වසරේ කෝටි 3500 ලු).(හේ)
ඉෂාන්ගේ අදහස වටිනවා. (නි)
හරිම ලස්සනයි, ගොඩක් ස්තුතියි ලංකා දීපයට මේ පින්තූර පල කිරීම ගැන (නදී)
මේ ගොල්ලෝ බ්ලොක් ගලුත් හදනවද? (නදී)
කවුද මේ බ්ලොග්වරු කියන්නේ? කවුරුහරි මට කියලා දෙන්න (නි)
මේ සිනමන් එයාර් නේද? (නි)
ඉෂාන්, සහතික ඇත්ත (නි)
මේ සුන්දරකම බලාගන්න ලංකාවේ ජනතාවටත් දෙන්න. (ර)
ගොඩක් සන්තෝෂ හිතෙනවා මේක දැක්කහම. ඒත් දුක මේ සුන්දරත්වය අපේ අයම විනාශ කරනවා. අනාගතය බාරගන්න ඉන්න දරුවන්ට මේවා බුක්ති විඳින්න බැරිවෙන එකට ගොඩක් දුකයි. (නි)
මිනිසුන් බුද්ධිමත්ව රටවෙනුවෙන් වැඩකරනවා නම් අපේ රට ගොඩාක් ඉහළට ඔසවා තබන්න පුළුවන් (නි)
මගේ රට මොනතරම් ලස්සනද? හරිම ආඩම්බරයි. ලංකාදීපයට ගොඩක් ස්තුතියි. (නි)
ස්තුතියි ලංකාදීප. සුන්දර ෆොටෝ ටිකක් (නදී)
සුන්දර රටවල් අතරින් ලංකාව ඇති සුන්දරයි. හේතුව ලංකාව අපේ.(හේ)