IMG-LOGO

බොල්ගොඩ මාළු ඉබේ මැරේ

බොල්ගොඩ ගඟේ මාළුන් විශාල වශයෙන් මැරෙන්නට පටන් ගෙන ඇතැයි සෞඛ්‍ය නිලධරයෝ කියති.

කළුතර පැත්තේ සිට එන තෙල් පහරක් ඊට හේතුව දැයි ඔවුහු සොයති.

මළ මාළුන්ගේ සාම්පල රජයේ රස පරීක්ෂක වෙත යවා හේතුව සොයා ගැනීමට නියමිතය.

ගංවතුරත් සමග ජාකොටුවල සිර වූ මාළුන් ද මැරී ඇතැයි තව පිරිසක් කියති.

පරීක්ෂණවල නිගමන එන තුරු බොල්ගොඩ ගඟේ මාළු ආහාරයට ගැනීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

 



අදහස් (0)

බොල්ගොඩ මාළු ඉබේ මැරේ

ලකී Wednesday, 11 June 2014 10:20 AM

අපි ස්කොලේ යන කොට ඔය ගගෙන් හැමදාම නෑවා 1994-2000 ඊට පස්සේ ඔය ගග ඉවරයි. මාලු කඩ කාරයෝ ඔක්කොම ජරාව ඕකට දානවා මස් කඩකරයොත් එකමතමා කරන්නේ දැන් ගග දැක්කම දුකේ බැ අපේ මිනිස්සුත් ආකල්ප වලින් වෙනස් වෙන්න ඔනේ අපිත් අපේ දේ රැක ගන්න ඕනේ (දී)

:       0       0

ඉන්දික Tuesday, 10 June 2014 11:52 AM

කළුතර පැත්තේ ඉඳන් එන්නේ කොහොමද? ගඟ මුහුදට වැටෙන්නේ කළුතරින්. එතකොට වතුර ගලන්නේ කළුතර පැත්තට නේද? (දී)

:       0       0

කමල් Tuesday, 10 June 2014 11:59 AM

වාර්තාව එනවිට කළුතර පැත්තෙන් එනවා කිව්ව තෙල් පාර අතුරුදහන් වෙයිද (දී)

:       0       0

ප්‍රියන්ත Tuesday, 10 June 2014 06:45 PM

ලෝකය විනාශ වෙන්න පටන් ගන්නේ මෙහෙමද මන්දා? (නි)

:       0       0

උමේෂ් Tuesday, 10 June 2014 12:43 PM

පවු අහිංසක සත්තු! (නි)

:       0       0

උදාර Tuesday, 10 June 2014 12:43 PM

මේ ඉන්දික කියන කෙනා බොල්ගොඩ දැකලාවත් තියෙනවාද මන්දා. (නි)

:       0       0

සංජිව Tuesday, 10 June 2014 12:44 PM

බොල්ගොඩ ගග මුහුදට වැටෙන්නේ, පනදුරෙන්, එක අත්තක් එන්නේ කළුතර පැත්තෙන්, අනෙක් පැත්ත එන්නේ රත්මලාන පැත්තෙන්, දෙක එකතුවෙලා, පනදුරෙන් තමයි මුහුදට වැටෙන්නේ. (දී)

:       0       0

නුවන් Tuesday, 10 June 2014 12:55 PM

නිසි කළමනාකරණයක් නැති සංවර්දනය පරිසරය හා සතා සිව්පාව විනාශ කරනවා. (දී)

:       0       0

ඉලේපෙරුම Tuesday, 10 June 2014 01:01 PM

මාළු ටික ඉක්මනින් විකුණා ගත්තේ නැතිනම් මේක ලංකාව නොවෙයි (දී)

:       0       0

ඉනෝක Tuesday, 10 June 2014 01:03 PM

මිනිස්සු මැරෙන්න කලින් සොයා බලන්න (දී)

:       0       0

ඉන්දික Tuesday, 10 June 2014 01:05 PM

සංජිව, ඔයා හරි. මට වැරදුනා. (දී)

:       0       0

ලක්මාල් සම්පත් Wednesday, 11 June 2014 01:37 PM

ශ්‍රී ලංකාවෙ හැටි ඔහොමයි. අසරණ මාලු පවු! (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 10 June 2014 01:29 PM

ඔය අවට තියෙන කර්මාන්තශාලා වල අපද්‍රවය ටැංකි ඔක්කොම වැස්ස කාලෙට ගගට මුදාහරිනවා. මමත් ඉන්නෙ බොල්ගොඩ (දී)

:       0       0

ගයානි Tuesday, 10 June 2014 08:28 PM

කළුතර පැත්තෙන් තෙල් එනවා කිව්වේ? අනේ! තව විස්තර පළ කරන්නකෝ. (නි)

:       0       0

විතානගේ Tuesday, 10 June 2014 08:56 PM

බලන්න, මොනතරම් නම් අපරාධයක්ද? (නි)

:       0       0

සරත් Tuesday, 10 June 2014 11:52 PM

මේ වගකිවයුත්තන් මොනවාද කරන්නේ? මේවා සොයා බලන්නේ නැද්ද? (නි)

:       0       0

සෑම් Tuesday, 10 June 2014 03:26 PM

මට තේරෙන්නේ නැහැ. පස ධූෂණය වෙලා වකුගඩු රෝග. ගඟ අපිරිසිධු වෙලා මාළු මැරෙනවා. මේවා කෑවම මිනිස්සුන්ට නැති රෝග හැදෙන්න ඉඩ තියෙනවා. වගකිව යුතු බලධාරීන් මේවාදිහා බලල හරි නීතියකට වැඩ කරේ නැතිනම් අපේ රට වාසයට නුසුදුසු තත්වයකට පත්වෙනවා සිකුරුයි (දී)

:       0       0

අකිල Wednesday, 11 June 2014 03:49 PM

සෑම්, මේකට බලධාරීන්ට කරන්න දෙයක් නැහැ.අපේ අය තේරුම් ගන්න ඕනෑ පරිසරය ආරක්ෂා කරන්න.ඒ වුණාට බලධාරින්ටත් පුළුවන් මේවට නීති හදන්න. (නි)

:       0       0

සමන්ති Wednesday, 11 June 2014 05:58 AM

බොල්ගොඩ ගඟ විශාල ප්‍රදේශයක් වටා පැතිරෙනවා.මේ අවට කර්මාන්ත ශාලා (මොරටුව,රත්මලාන, පිළියන්දල , බොරලැස්ගමුව) බොහොමයක් තිබෙනවා. ජලය බැසයාම සිදුවන්නේ නැහැ (නි)

:       0       0

රෂික Tuesday, 10 June 2014 03:56 PM

ඔය තෙල් එන තැන කොහෙද බලල කතා කරන්න (දී)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 11 June 2014 07:52 AM

‍ඉස්සන් මඟුරන් ලොකු වැලිගොව්වන් මේ දැන් අල්ලපු මාලු.... සත දහයක් අඩු කරලා දෙන්නම් ගන්නවාද මැගි අක්කේ... (නි)

:       0       0

යසිරු Wednesday, 11 June 2014 08:31 AM

මේ මොකද වෙන්නේ ඒ ගමන? (නි)

:       0       0

අනුරුද්ධ Tuesday, 10 June 2014 05:17 PM

මේ ගඟ බේරාදෙන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 83 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 481 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 252 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site