(නිමන්ති රණසිංහ)
කොළඹ යශෝධරාදේවි බාලිකා විද්‍යාලයට තවත් සිසුන් පිරිසක් සමග පැන තිදෙනකුට පහරදී ආරක්ෂක කුටියට හා ප්‍රධාන දොරටුවට හානි කළැයි අත්අඩංගුවට පත් කොල්ලුපිටිය මහානාම විද්‍යාලයේ 12 වැනි වසරේ සිසුවා ලබන 31 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (22) නියෝග කළේය.
යශෝධරා දේවි බාලිකා විදුහලේ විදුහල්පතිනිය කළ පැමිණිල්ලක් මත ගොතටුව පදිංචි එම සිසුවා කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදාළ නැනේ .... මාතෘකාව සහ සටහන
එතකොට, බාලිකා පාසලට කඩාවැදුන අනිත් මදාවි 49 දෙනාට මොකද කරන්නේ?
අනිත් මදාවි 49 දෙනාට මොකද කරන්නේ?
ඔය කොලුවා කොහොමහරි නිදහස් වෙනවා....අනිත් උනුත් කරදරයක් නැතිව නිදහසේ ආයෙමත් චන්ඩිකම් කරගෙන යනවා...අර කොලු හමුදාවක් ආ වෙලේ පොලිස් රාලහාමි ගේට්ටුව ඇරිය හැටි දැක්කානම් ????? අර ඉස්සර කොටි හමුදාවට යටත් උනු පොලිස් උදවිය වගෙයි රාලහාමි ක්‍රියා කරේ.....
මේ වගේ ළමයි හොද පවුල් වල නේ කොහොම හරි හොර ලේඛන හදල හරි මෙයාල ලොකු පාසල් වලට දානවා එත් මෙයාලගෙ වනචරකම් ඇරෙන්නෑ. මුන් ඔක්කොමට උපරිම දඩුවම් දියයුතුයි. මෙයාල ළමයි නෙවි අපරාධ කාරයෝ.
ඔය දඬුවම මදි , ඔය ඉස්කෝලෙට අඩුම ගානේ අවුරුද්දක්වත් බිග් මැච් ගහන එක තහනම් කරන්න ඕනේ
මහානාමයේ අසංවර හැසිරීම ගැන බලධාරීන් නිහඩවීම එබඳු ක්‍රියාවලට අනුබල දීමක් ඕමල්පේ සෝභිත හිමි බොරැල්ල යශෝදරා බාලිකා විදුහලට පෙරේදා (21 වැනිදා) කොළඹ මහානාම විද්‍යාලයීය සිසුන් සිය ගණනක් කඩාවැදී ඉතා අශෝභන ලෙස හැසිරීම පිළිබඳව බලධාරීන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ නම් එය එබඳු අශෝභන සිදුවීම්වලට දක්වන අනුග්‍රහයක් යෑයි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන අනුශාසක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ඊයේ (22 වැනිදා) "දිවයින" ට පැවසූහ. එහෙයින් මහානාම විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය මේ සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳවත්, අධ්‍යාපන ඇමැතිතුමා ප්රමුඛ එම අමාත්‍යාංශය සහ පොලිසිය ගන්නා ඉදිරි පියවර පිළිබඳවත් දැඩි අවධානයෙන් බලා සිටින බව අවධාරණය කළ උන්වහන්සේ බලධාරීන් නිසි පියවර නොගන්නේ නම් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට කිසිලෙස පසුබට නොවන බවද කීය. විනයක් නොමැතිව ගොඩනඟන අධ්‍යාපනයෙන් ප්‍රතිඵලයක් නොමැති බව මෙම සිදුවීමෙන් සනාථ වූ බවත් පැවසූ සෝභිත හිමියෝ පාසල් අධ්‍යාපනය තුළ ක්‍රීඩාව සංවර්ධනය වීම අනිවාර්ය වුවත් අද සිදුව ඇත්තේ ක්‍රීඩාවේ නාමයෙන් විනය පිරිහීම යෑයිද කියා සිටියහ.
මිට කලින් රෝයල් එකෙන් බාලිකා පාසල් වලට පැන්නම ඔය නීති කොහෙද තිබ්බේ ?
අනේ මේ අහිංසක චූටි ළමයි කරන හුරතල් දේවල් වලට ඇයි මේ පත්තර කාරයින්ට ඩෝන් ගිහිල්ල තියෙන්නේ. ඒ අයට ඔය වයසේ හුරතල් ළමයි නැද්ද?ඔය නොදරුවෝ චුට්ටක් වෙන්ට මධුපානය කරලා ඉන්නට ඇති... ඔය වගේ හුරතල් සොඳුරු ක්‍රියාකාරකම් පත්තරවල දමලා ප්‍රසිද්ධ කරන එක මාධ්‍ය අපචාරයක්....
මෙයත් තවත් 'සමයං' කෙනෙක් වෙයිද ?
කවුුරු හරි දන්නවානම් ඔය වනචරයන්ගෙ නම් ටික පත්තරේට දාන්නකො. පුළුවන්නම් පදිංචි ගමත් පළකරන්න. අපිට හිතාගන්න පුළුවන් අම්මල තාත්තල මේ වනචරයන්ව ඉස්කෝලවලට දාන්න කොයිතරම් බොරු කන්දරාවක් කියන්න ඇද්ද කොයි තරම් පගා ගහන්න ඇද්ද කියල. මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. ලෝකෙ තියෙන ඉහලම ඉස්කෝලෙට ගියත් වනචරයි වනචරයාමයි. ජාන වලින් ආපු වනචරකම මකන්න බෑ.