(නිමන්ති රණසිංහ)
කොළඹ යසෝදරා බාලිකා විද්‍යාලයට ඇතුළු වී තිදෙනකුට පහර දී පාසලේ දේපලවලට හානි කළැයි රිමාන්ඩ් කර මාකොළ රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි කොළඹ ජනප්‍රිය පාසලක 12 වැනි වසරේ ශිෂ්‍යයා රුපියල් 50,000ක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද(24) නියෝග කළේය.
ක්‍රීඩාව ඇත්තේ පහත් අවශ්‍යතාවන් සන්තර්පනය කිරීමට නොව, විනයගරුක මෙන්ම ශික්ෂණයකින් හෙබි පුරවැසියකු බිහිකිරීමට බවත් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය. තම දරුවා කරන්නේ කුමක්දැයි දෙමාපියන් සොයා බැලිය යුතු බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා දෙමාපියන්ට තරයේ අවවාද කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද පාසල් විනය බින්දුවට බැස තිබෙන්නේ සිසු විනය උල්ලංගනය කරනවුන්ට නිසි දඬුවම් නොදීමයි. මෙවැනි විනය උල්ලංගනය කරනවුන්ගේ පසු පස ප්‍රදේශයට කෝටු පහර දෙකක් දීමෙන් මේ දේවල් දුර දිග නොයා නවත්වා ගත හැකියි.
මේ අයට ඔහොම කරල හරියන්නේ නැහැ. දැන්මම මතක හිටින දඬුවමක් දෙන්න ඕන.
මොකක්ද මේ අශිෂ්ට නහරකාරයාගේ විදුහල? ඇයි ඒකේ නම දාලා නැත්තේ? මොහු විදුහලෙන් වහාම අස් කල යුතුයි.!
කොලුකමට කරන දේවල් ගණන් ගන්න එපා!! ඒත් සීමාව ඉක්මවා කරන්න ගියොත් වැඩේ ජෝන් බාස්ට ගිහින් අධ්‍යාපනයත් අඩාල වේවි!! මුල්ගුරු
දඬුවම් දීල නතර කරන්න පුළුවන් දේවල් නෙවේ ඕව. ලංකාවේ ක්‍රමය හින්ද ඇතිවෙලා තියෙන අසහනයයි ඔය එලියට එන්නේ. කොහේ ගියත් තරඟය. පාසලෙත් තරඟය. දේශපාලනය කරලා ජනතාවට හොරෙන් තමාගේ සහ තමාගේ පවුලේ මඩිය තර කරගැනීම. මනුෂ්‍යයෝ හැටියට ජිවත් වෙන ක්‍රමයක් උගන්වන්නේ නැහැ. එක එක රටවල් වලින් ඇවිල්ල ඇඟිලි ගහනව. වරායවල් වල පාලනය 99 අවුරුද්දකට දෙනවා. පාසල් ළමයින්ගේ මනසට වැටෙන්නෙත් ඔය වගේ දේවල් තමයි. තවත් එකෙක්ගේ තැනකට හොරෙන් පැනල හරි විකාරයක් කරන්න. ලොකු තැන් පිරිසිදු කරන්නේ නැතිව කොහොමද පොඩි තැන් පිරිසිදු කරන්නේ. මෙන්න ලංකාවේ අනාගතය. අදට වඩා පිරිහුණු ලංකාවක් තම ඉදිරියටත් එන්නේ.