IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බෙලිඅත්තේ ඝාතනය සොයන්න පොලිස් කණ්ඩායම් 6ක්

(ගයාන් සූරියආරච්චි සහ යොහාන් භාසුර)

තංගල්ල උසාවියේ විභාග වෙමින් පවතින නඩුවක් සඳහා සාක්ෂි ලබාදීමට ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කර සිටි අපේ ජන බල පක්ෂයේ සභාපති  ඇතුළු පස් දෙනෙකු ඝාතනය සඳහා වෙඩි උණ්ඩ තිස් හයක් භාවිතා කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාවේ නිහල් තල්දුව මහතා පැවසීය.

කොට්ඨාස අපරාධ ස්ථානයේ පරීක්ෂණ නිලධාරීන් විසින් වෙඩි තැබූ ස්ථානයේ තිබී ටී 56 පතුරම් කොපු 36  හමුවී ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මෙම ඝාතනය පිළිබඳ විමර්ශන සිදු කිරීම සඳහා දකුණු පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් හයක් යොදා ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ඒ අනුව දකුණු පළාත් අපරාධ කොට්ඨාසය, තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය, තංගල්ල මූලාස්ථාන පොලිස් පරීක්ෂකවරයා යටතේ පොලිස් කණ්ඩායමක්, බෙලිඅත්ත පොලිසියේ විශේෂ පොලිස්‌ කණ්ඩායමක්, කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ පොලිස් කණ්ඩායමක්, සහ බුද්ධි නිලධාරීහු  සියලු දෙනාද මේ පිළිබඳ විමර්ශන සිදු කර බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මෙම ඝාතනය සංවිධානාත්මක අපරාධ කල්හි සාමාජිකයන් විසින් සිදු කර ඇති බවට පොලිසිය විශ්වාස කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.



අදහස් (2)

බෙලිඅත්තේ ඝාතනය සොයන්න පොලිස් කණ්ඩායම් 6ක්

Prabha Tuesday, 23 January 2024 12:06 AM

දැන් ඉතින් අතන මෙතන ගිහින් සාක්ෂි හොයන්න තමා වෙන්නේ

:       0       1

chandima Tuesday, 23 January 2024 07:18 AM

ඔය විදියටම අනික් පක්ෂ වල නායකයෝ යන වාහන වලටත් වැඩේ දුන්නා නම් මේ කල්ලියේම නමට වැටෙන්න ,පින්ගුත්තරට ලබන චන්දෙ නොතියාම දිගටම ඉන්න පුළුවන් ,ඒ විතරක්ද ?වැඩ බලන්නට ස්ථිර වෙන්නත් පුළුවන්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 118 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site