
(මනෝප්‍රිය ගුණසේකර)
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය ලබන 12 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය රහස් පොලිසියට නියම කළය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් ලබන 12 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියම කළාය.
එසේ රිමාන්ඩ් බාරයට පත් කළේ අදාළව බාල ඖෂධ ගෙන්වු බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුු වන සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන්, ගණකධිිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර (ඇප මත මුදාහැර ඇත) සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රිියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය (විදේශගතවී), සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක (විදේශගත වී) සහ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර නමැත්තන් රිමාන්ඩ් බාරයට පත් කොට සිටී.
අද නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව සැකකරුවන් රිමාන්ඩ් බාරයට පත් කළ අතර සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය ලබන 12 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස රහස් පොලිසියට නියම කළ මහෙස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළ එදින දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා සිටින සැකකරුවන් එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චෝදනා ඔප්පු කරන තුරු කිසිවෙක් වරදකරු නොවන බවද , දඩුවම් නොලැබිය යුතු බවද දනිමි. එහෙත් මෙතෙක් සිදුවුයේ සැකකරු බලය හා ධනය හිමි කෙනෙක් නම් ඒ පුද්ගලයා විෂේශ වරප්‍රසාද ලැබීමයි. එහෙත් මේ ගරු විනිශ්චයකාර තුමිය නීතිය ඉදිරියේ සැවොම සමාන බවත් , එතුමියගේ අපක්ෂපාතිබවත් මේ නඩුවේදී මනාව ඔප්පු කර ඇත. ගරු විනිසුරු තුමියනි ඔබට මම සිරස නවා ප්‍රණාමය පුද කරමි.
රටේ බොහෝ දෙනෙක් මෙය සුළු කොට තැකූවද ඇත්තෙන්ම මෙය ඉතා බරපතල වරදකි. මිනිස් ජීවිත හිතාමතාම බිල්ලට ගැනීම කිසිඳු අයුරකින් සමාව දිය නොහැකි අපරාධයකි. එබැවින් මෙම චූදිතයින් වැරැදි කරුවන් වුවහොත් (මේ වනවිටත් වැරදිකරුවන් බව සනාථ වී ඇත) ඔවුන්ට මරණ දඬුවම පැමිණ වීම ඉතාමත් යෝග්‍ය බව කියමි.