- බණ්ඩාරවෙල හපුතලේ මාර්ගයේ උඩ කහගල දී වෑන් රියක් පෙරළීමෙන් කාන්තාවක් මියගොස් හතර දෙනකු දියතලාව රෝහලට ඇතුලත්කරන ලද බව පොලිසිය කියයි.
- හම්බන්තොට මිරිජ්ජවිල දී දර කැඩීමට කැලයට ගිය කාන්තාවක් (82) වල් අලි ප්‍රහාරයකට ලක්ව සඳුදා රාත්‍රී මියගියාය.
- ආණමඩුවේ මහ උස්වැව දී යතුරුපැදියක් හා ලොරියක් අනතුරට ලක්වීමෙන් තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
- ඇල්පිටියේ පිටිගල දී බෑණාගේ පහරදීමෙන් 70 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
- බම්බලපිටියේ සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමණාකාරවරිය ඇතුළු කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
- නවීන කාරයකින් ප්‍රවාහනය කරමින් තිබූ කසිප්පු ලීට 438ක් සමග සැකකරුවන් තිදෙනකු මොරටුව කොරලවැල්ලේ දී අත්අඩංගුවවට ගත් බව පොලිසිය කියයි.
- පොතුවිල් ධාරම්පලාව රක්ෂිතයේ නිදන් සෙවීමේ යෙදී සිටි හත් දෙනකු අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
- පල්ලම විජයකටුපොත දී අනවසර මත්පැන් නිෂ්පාදනයේ යෙදී සිටි කාන්තාවක් කසිප්පු බෝතල් 50ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෙජි මහතා කිවුවා වගේ හැමදාමත් මේ පුවත්ම තමයි (නි)
රට වැද්දන්ගේ යුගයට පියනගනවා. මෙහෙම ගියොත් ලෝකෙන් රට කොන්වෙන දවස වැඩි ඈතක නැහැ. මේ සේරටම මුල රටේ පවතින දේශපාලන සදාචාරය. මෙය වහාම වෙනස් විය යුතුයි (නි)
මේ රට ගැන පහත් ලෙස හිතන මිනිසුන් ලෝකයේ වෙන රටවල වෙන දේවල් දන්නේ නැහැ. (නි)
දැන් අපේ රටෙන් හැමදාම අහන්න ලැබෙන්නේ මේ වගේ පුවත්. (නි)
ඔව් එය සත්‍යයක්. අද දවසේ අහන්න, දකින්න, කියවන්න ,තියෙන්නේම 95% ක්ම කපල කොටලා පුච්චලා මිනීමැරීම් කොල්ලකෑම්,සහ මාර්ග අනතුරු. නීතියේ තරම නෙමෙයි ද ඒ ? (අ)
රටක් වශයෙන් පිරිහීමට පත්වෙන්නේ මිනිසුන්ගේ ආකල්පයන් ක්‍රියාවන් පිරිහුනාමයි. ඒවාගේ ප්‍රතිවිපාක තමයි හැමදාම අපි මේ කියවන්නේ. තව ටික දවසකින් අපේ රටටත් ආසියාවේ සෝමාලියාව කියයිද දන්නෙ නැහැ (නි)
හොඳට කියවලා බලන්න මේ මිනිසුන් සිල් පද පහම කඩලා. පානාතිපාතා,අදින්නාදානා, මුසාවාදා, කාමේසුමිච්චාචාරා, සුරාමේරය . (දී)
වෙන රටවලත් ඕනෑතරම් මේ වගේ දේවල් වෙනවා. හැබැයි වැරදිකරුවන්ට නිසි දඬුවම් ලැබෙනවා. මෙහෙ වගේ බේරිලා ඉන්න බැහැ.ඒකයි වෙනස. (නි)