(යොහාන් භාසුර)

රටේ මහජනතාව සිය පරමාධිපත්‍ය බලය මහ පාරට ගෙනාවම තන්හාව සහ බල පෙරේතකමට බලය බදාගෙන හිටිය පුද්ගලයන්ට අතහැරීමට සිදුව ඇති බවත් 69 ලක්‍ෂයේ ජනවරම දිහා විවෘතව සහ අවංකව නොබලා ජනවරම වැරදියට අර්ථකතනය කර එය පවුල් දේශපාලනයට ලැබුණු වරම් ලෙස සැළකූ බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (4) පැවසීය.

වගකිව යුතු දේශපාලන පක්‍ෂ සහ බලවේග සියලු දෙනාට මේ තකතීරු පාලනය වෙනුවට අන්තර්කාලීන දැයහිතකාමී පාලනයක් පිහිටුවා ඒ පාලන මගින් මේ අටේ ආර්ථික මුහුණදී සිටින බරපතන ඛේදවාචක තත්වය වෙනස් කිරීමේ වගකීමක් ඇති බව කී විමල් වීරවංශ මහතා දේශපාලන අස්ථාවරභාවය නැති කර මේ රටට නිරෝගීව හුස්ම ගන්න තත්වයට ගෙන ආ යුතු බව ද සඳහන් කළේය.  

රට හොඳ තත්වයකට ගෙන පොදු ජනතාවට අභිමත පාලනයක් නිර්මාණය කරගැනීම සඳහා අවස්ථාව සළසා දීම සියලු දෙනාගේ වගකීම බව ද වීරවංශ මහතා වැඩි දුරටත් කීය.  

ආණ්ඩුවේ පක්‍ෂ 11 සන්ධානය සහ වෘත්තීය සමිති නායකයන් බොරැල්ලේ පිහිටි ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේදී අද (4) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී එසේ පැවසීය. 

(ඡායාරූප: ගයාන් අමරසේකර)