(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
ගෙවල් කුලී ,ජල සහ විදුලි බිල්පත් ගෙවීම පැහැර හැර සිටින මැති ඇමැතිවරුන්ගේ ඒ හිඟ මුදල් අය කර ගැනීම සඳහා මැදිහත්වී කටයුතු කරන්නැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර ඇත.
ජල සහ විදුලි බිල්පත් , ගෙවල් කුලී ගෙවීම පැහැර හැර සිටින මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කමිටු මාර්ගයෙන් සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසද එම ලිපියෙන් වැඩිදුරටත් දැනුම්දී ඇත.
මේ අනුව පාර්ලිමේන්තුවේ අදාළ අංශ මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාත්මක වනු ඇත.
ජල සම්පාදන හා ජලා පවහන මණ්ඩලය පවසන අන්දමට ජල බිල්පත් ගෙවීම පැහැර හැර සිටින මැති ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව 60 කට ආසන්නය.
මණ්ඩලය එම මැති ඇමැතිවරුන්ගෙන් අය කර ගැනීමට ඇති මුදල රුපියල් කෝටියකට අධිකය.
මේ අතර මැති ඇමැතිවරුන් දස දෙනෙකු පාවිච්චි කළ නිල නිවාස වෙනුවෙන් කුලී මුදල් ගෙවීමද පැහැර හැර ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසෙයි.
මේ ගෙවල් කුලී ගෙවීම් කරනු ලැබිය යුතු වන්නේ එම ඇමැතිවරුන් අයත් අදාල අමාත්‍යාංශ විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙහි වත්මන් ලේකම්වරයා සෘජුව කටයුතු කිරීම අගය කළ යුතු තත්වයකි. රටේ ඇමැතිවරුන් මෙලෙස ගෙවීම් පැහැර හරින විට සාමාන්‍ය ජනතාව ගැන කවර කතාද? මෙවන් පසුබිමක ඉදිරියේදී හෝ මැති ඇමැතිවරුන් වශයෙන් වැදගත් පුද්ගලයින් පත්කිරීමට පාලකයින් වගබලා ගත යුතුයි..!
ඉස්සරහින් අල්ලන්න තියෙන නහය බෙල්ල වටෙි අතදාලා අල්ලන්න කරන උත්සාහයක් වගේ. එහෙම කරකර ඉන්න කොට වැඩේ බාධාවකින් තොරවම ඉලාස්ටික්. ඔහොම යං...
ජනතා බදු මුදලින් යැපෙන මේ අය ජනතා සේවය අවංකවම නොකළවිට හදවතේ ගැස්මට වන දෙය මොන සක්කරයාටවත් නැවැත්විය නොහැක...!
පාලකයෝ මෙහෙම කරනවා නම් රට අගාධයට යාම වළකන්න බැහැ. මේවා විසඳීමට ක්‍රම ඕනෑතරම් තියෙනවා. එනිසා ඉදිරියේදී ගෙවල් දී තිබෙන සියලු මන්ත්‍රීන් සඳහා ඉන්ධන බිල්, දුරකථන බිල්, ජලබිල්, විදුලි බිල් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වැටුප් අංශයට ගෙන්වාගෙන ගෙවල් කුලී ඇතුළු සියලු බිල් වැටුපෙන් අයකර ගැනීමෙන් ප්‍රශ්නය විසඳීමට හැකියි එහෙම නොකරන්නේ කතානායක හා පාර්ලිමේන්තුවේ මහලේකම් ඒවාට වගකිවයුතුය කියලා හිතෙනවා.
ඕවා අර මන්දිරේ පුටුවේ වාඩිවෙච්චි එක තරම් අලාභයක් නොවෙයි. පාර්ලිමේන්තුවේ මයික් පුටු කඩපු එක නම් නොසලකා හැරිය යුතු දෙයක්, පූල් එකේ සබන් ගාලා නාපු එකතරම් ලෝකෙට අපහාසයක් නොවෙයි.. ඒ රටේම මැති ඇමැතිලා බිල්වලට පොලු තියන එක..!.