යක්කලමුල්ලේ කොරඟමලේ දී නිවෙස් දෙකක් අතර ඇතිවූ ගැටුමකින් 65 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මියගිය පුද්ගලයාගේ බෑණා (30) සැකපිට අත්අඩංගුවට ගත් බවත් අනෙක් පාර්ශවයේ අයෙකුයැයි සිතා ඔහු තම බිරිඳගේ පියාට පිහියෙන් ඇණ ඇතැයි සැකයක් පවතින බවත් පොලිසිය කියයි. තුවාල ලැබූ අයකු කරාපිටිය රෝහලට ඇතුලත්කරනු ලැබ සිටියි.
නෑබඩදී කරණවෑමියකු බෙහෙත් කොටන තුවක්කුවකින් වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි. සැකකරු දරුවන්ගේ අපලයකට දුන් බලු කපුටු දානය මරණකරු විසින් සමච්චලයට ලක් කරන ලදැයි කියන සිද්ධියක් මෙම ඝාතනයට හේතුවී ඇති බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාබහ කරලා නිරාකරණය කරගන්න පුලුවන්කම තිබියදී ඇයි මිනිස්සු මේ විදියට හැසිරෙන්නේ? (නි)
මින්පසු නිවෙස් අතර සටන් පවතිනවිට ඒ ඒ පාර්ශවයට නිල ඇඳුම් ඇඳිය යුතු නීතියක් පැනවීම මැනවි. මේ සඳහා එක් එක් වර්ණ අමුඩ ලේන්සු වලින් සැරසිය හැකි විය යුතුය .හේරත් හාමී හුන්නස්ගිරිය. (ස)
නිල නොලත් අවි ගබඩාවක්ද ? (නදී)