බේරුවල ප්‍රාදේශීය සභාවට අනුයුක්ත පයාගල උප කාර්යාලයේ ප්‍රධාන තාක්ෂණ නිලධාරියා (ටීඕ) රුපියල් 25000ක අල්ලසක් ලබාගනිද්දී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ වී මෝලකට හා හෝටලයකට පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබාදීමටත් පිහිනුම් තටාකයකට අනුකූල සහතිකයක් ලබාදීමටත් මෙලෙස අල්ලස් ගෙන ඇතැයි කියති.