අවසන් යුද සමයේදී 58 වන සේනාංකය හරහා හමුදාව වෙත බාර වූ කොටි සාමාජිකයින් සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් හමුදාව සන්තකයේ නොමැති බව එම සේනාංකය බාරව සිටි මේජර් ජෙනරල් කාලිංග ගුණවර්ධන මහතා මුලතිව් දිසා විනිසුරු එම්.එස්.එම්.සම්සුඩීන් මහතා ඉදිරියේ කරුණු දක්වමින් අද සදහන් කළේය.
යුද හමුදාවේ 58 වන සේනාංකය හරහා ආරක්ෂක හමුදාව වෙත බාර කළ බව කියන කොටි සංවිධානයේ ත්‍රීකුණාමලය දිසාව බාර දේශපාලන නායක සින්නදුරෙයි ශෂිදරන් හෙවත් එලීලන් ඇතුළු 15 දෙනෙකු අතුරුදහන් වීම සම්බන්ධයෙන් විභාග කෙරෙන පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී මෙලෙස කරුණු දැක්වීය.
මෙම නඩුවේ පසුගිය නඩු විභායේදී ආරක්ෂක හමුදාව වෙත බාර වූ සියලුම කොටි සාමාජිකයින්ගේ නම් ගම් ඇතුළු විස්තර අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට හමුදා මූලස්ථානය වෙත නියෝග කර තිබුණු අතර ඒ සම්බන්ධයෙන් කරුණු දක්වමින් හමුදා පාර්ශවය මේ බව සදහන් කළේය.
එලීලන්ගේ බිරිය වන උතුරු පළාත් සභා මන්ත්රීනී ආනන්දි ශෂිදරන්, ක්‍රිෂ්ණකුමාර් ජෙයක්කුමාරි, විශ්වනාදන් බාලනන්දිනී, කන්දසාමි කාන්ති, කන්දසමි පොන්නම්මා යන අය මෙම පෙත්සම වව්නියාව මහාධිකරණයේ ගොනුකර ඇති අතර මහාධිකරණය විසින් මෙහි වැඩිදුර විභාගය මුලතිව් දිසා අධිකරණය වෙත පවරා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නඩුව විභාගයට ගන්නවත් සුදුසු නැත. මේ එලිලන් කියන්නේ කවුද කියලා හැමෝම දන්නවනේ (නි)
බාරවූයේ තම කැමැත්තෙන් නම්, නම් ගම් මොනවටද? (නි)
එතකොට අතුරුදහන් වූ අහිසංක ජනතාවගේ අයිතීන් ගැන කතාකරන්නේ කවුද? (නි)
කවුරු වුණත් නීතියට එකයි. මෙන්න මෙවැනි අඩුපාඩුකම් නිසා තමයි අපි ජාත්‍යන්තරේ ඉදිරියේ නිර්වස්ත්‍ර වෙන්නේ (නි)
සෑම්, ෆසිල්, එරන්ද, ඔබේ අදහස් වලට ස්තුතියි! දැන් සිටින සිංහල ද්රෝහියනට කොටින් අතින් මැරුම් කෑ සිංහලයන් ගැන කැක්කුමක් නැහැ. යුද්ධය පැවති කාලයේ ඇඳන් යට සිටියවුන් අද කොටින්ගේ මානව හිමිකම් ගැන කතාකරනවා. (නි)
මේ අය මේ කතාකරන්නේ ත්රස්තවාදීන් ගැන. එතකොට උන් අතින් මැරුම්කාපු අහිංසක සිවිල් ජනතාව, භික්ෂුන් වහන්සේලා සහ හමුදාවේ අතුරුදන් වූ අය? එයාලා ගැන අමාරුව, කැක්කුම තියෙන්නේ එයාලගේ ඥාතිවරුන්ට සහ අපිට විතරද. බටහිර රටවල අයටයි අපේ රටේ ඉන්න ඔවුන්ගේ රූකඩ වලටයි පුදුම අමාරුවක් තියෙන්නේ කොටි ගැන. ජාතියක් විදියට පරිහානියට පත්වෙන එක අරුමයක් නෙමෙයි. (නි)
එරන්ද, කොහෙද අහිසංක ජනතාවක් හිටියේ? වැඩ සිදුවුණ ආකාරයට ඒගොල්ලෝ හැමදෙනාම හිතුවේ ඒගොල්ලන්ට වෙනම රජයක් ලැබෙයි කියලා. එනිසා ඔය අහිංසකයි කියන හැම දෙනාම වචනයෙන් හරි ත්රස්තවාදීන්ට උදවු කළා. පිටරට ගොස් සල්ලි එවන එකේ සිට ඔත්තු බලන එක දක්වා හැමදේම ඒගොල්ලෝ කළා. තුවක්කුව අතට ගත් එකා විතරක් නොවෙයි ත්‍රස්තයා. මම ත්‍රස්තයා දිහා බලන කෝණය එකයි. ඔබ එකඟද? (නි)
හමුදාව අතින්, ත්රස්තවාදීන්ට අමතරව නිරායුධ පොදු ජනතාවත් මරාදැමු බව ජාත්‍යන්තරයට තියෙන ප්‍රශ්නයක්. හැමදෙයක්ම අපි ජාත්‍යන්තරයෙන් ඉල්ලනවා නම්, රටක් හැටියට අපි ඔවුන්ට වගකියන්න ඕනෑ. වැරැද්දක් කළා නම්, ඒ වැරැද්ද කවුරු කළත් දඬුවම් හිමිවිය යුතුමයි. ත්රස්තවාදීන්ට නීතියක් නැතිවෙන්න පුළුවන්. ඒත්, වගකිවයුතු ආණ්ඩුවකට එහෙම නැහැ. (නි)
දස දහස් ගණන් සිංහල ජනයා මොවුන් අතින් මැරුම් කාපු හැටි කොටින් වෙනුවෙන් කඩේ යන අයට පෙන්නේ නෑ..බාරවෙන වෙලාවේ මරුන කොටින්ගේ නම් ගම් දුන්නනම් එතකොටත් වගකීම ගන්න වෙන්නේ හමුදාවට නේද ? (ම)
අතුරුදහන් වෙච්ච සිංහල කොල්ලෝ කෙල්ලෝ කොච්චර ඉන්නවද? යුද්ධය දැන් ඉවරයි. පරණ කුණු අවුස්සන්නේ නැතුව හිටියා නම් තමා හොඳ. අපි හැමෝටම අයිතියක් තියනවා ඇත්ත දැනගන්න. එ්ත් රට ගැන හිතලා වැඩ කළොත් තමා හොඳ... (නි)
ටෝනි, යටත්වෙන්න කියලා ඇවිල්ලා පිස්තෝලයක් දික්කළොත් එතකොටත් කොටියට කතා කරලා නම ගම ලියාගන්නද කියන්නේ? මතක නැද්ද යටත් වෙන්න ආ අහිංසක මිනිස්සු අතරේ මරාගෙන මැරෙන කොටි බෝම්බ බදාගෙන ආපු හැටි. ටෝනි ඔතන හිටියොත් මොකද කරන්නේ? (නි)
අවසාන දවස් වල ඔය බාර වෙච්ච අය , දරුණු ගණයේ ත්රස්තවාදීන් (බ)
ටෝනි මට හිතන විදිහට හිතට එකගව නෙමෙයි කතා කරන්නේ. එහෙම නැත්නම් එය බොරු සාධාරන කතා කියන කෙනෙක් (බ)
එල්ලියන් කියන පහරය කොච්චර සිංහල මිනිස්සු මැරුවද. උගේ ගැනිත් කොටින්ට උදවුකළා මිනීමැරුම් වලට සම්බන්ධ කොටි දෙනක්. දැන්නම් දෙකටවත් ගනින්න දන්නැහැ. (බ)
ඒ කාලේ හමුදාවට තිබුන වැඩ රාජකාරි වල හැටියට ඔය බාරවෙන කොටි හපුවන්ගේ විස්තර හොය හොයා ඉන්න වෙලාවක් කොහෙන්ද. කොන්ද පණ ඇති පිළිතුරක් දී තිබෙන ජෙනරල්තුමාට අපගේ ප්‍රණාමය! (නි)
බාරවුණේ පූස් පැටව්ද දරුණු ගණයේ කොටිද කියන එක නොවේ ප්රශ්නය? යටත්වෙච්ච අයට මොකද කළේ කියන එක තමා ප්රශ්නය? ඒක තමා අද අන්තර්ජාතික ප්‍රජාව ඉස්සරහා අපි ජාතියක් හැටියට අසරණ කරලා තියෙන්නේ. කොටි ඩයස්පෝරාව අද රස කර කර තලුමරන්නේ ඒ කාලේ පාලන තන්ත්රය කරපු වැඩ නිසයි. කිරි කළයක් දොවාගන්න තිබිච්ච වෙලාවේ ගොම හැළියක් දාලා අර 83 කළු ජුලිය කරවලා කරගත්ත දේම කරගත්තා! (නි)
ඔවුන් හමුදාව වෙත භාරකළ බව ඔප්පු කිරීමට පෙත්සම්කරුවන් ළඟ ඇති සාක්ෂි ඉදිරිපත් කරන්න කියන්න. දෙවනුව හමුදාවෙන් අහන්න මේ භාරකළ අය කෝ කියලා. එහෙම නේද වෙන්න ඕනෑ. (නි)
ඇත්තටම මොවුන්ට මොකක්ද වුණේ එතකොට? (නි)
ම්ලේච්ඡ කොටි විසින් සිංහල දරුවන්, අහිංසක ගම්වැසියන්, ආරක්ෂක නිලධාරීන් අමු අමුවේ මරාදැම්ම ගැන කවුරුත් කතා කරන්නෙත් නැහැ මරපු අයගේ නම් ලැයිස්තුව ඉල්ලන්නෙත් නැහැ (නි)