(නිමන්ති රණසිංහ )

බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානය ට ජීව අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට අදාළව රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන සිටි එම පල්ලියේ සේවකයන් තිදෙනෙකු නීතිපති උපදෙස් ප්‍රකාරව නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (02) නියෝග කළාය.

ඒ අනුව මෙලෙස නිදහස් කරනු ලැබුවේ ප්‍රසාද් සිගේරා, ඉන්දික පෙරේරා සහ සංදේශ ශිවසුන්දරම් යන තිදෙනාය.

මෙම සිද්ධියට අදාළව රැඳවුම් නියෝග මත රඳවා තබා ගෙන සිටින ගෙන සිටින එම පල්ලියේ සන්ක්‍රිස්තියන් මුනින්ද්‍ර යන අය මුදාහැරීම සම්බන්ධයෙන් ඉදිරි දිනයේදී සලකා බලන බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබේ.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (02) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.