දෙසතියකට පෙර ගාල්ල කහදූවතතේ සිය බිරිය මරා වැළලී යැයි කියන සැමියකු අත්අඩංගුවට ගත් පොලිසිය ඇය වළ දැමූ බව කියන ස්ථානය කැනීමට යයි. සැමියා වන දෙදරුපියා බාර වූ බව පොලිසිය පවසයි.
දෙසතියකට පෙර ගාල්ල කහදූවතතේ සිය බිරිය මරා වැළලී යැයි කියන සැමියකු අත්අඩංගුවට ගත් පොලිසිය ඇය වළ දැමූ බව කියන ස්ථානය කැනීමට යයි. සැමියා වන දෙදරුපියා බාර වූ බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණේ ආශ්චර්ය, බෙන්තර ගගෙන් එහානේ මේවගේ සිද්දි වැඩිපුර සිද්ද වෙන්නේ. (ස)
මේ රටේ අපරාධ වැඩි වීමට එක හේතුවක් තමයි යම් පැමිණිල්ලක් දැම්ම විගසින් පොලිසිය ඒ ගැන ක්‍රියාත්මක නොවීම. තමන්ට ජීවිත තර්ජනයක් තිබෙනවා, එහෙමත් නැතිනම් සැක කටයුතු යමක් සිදුවෙනවා කියලා පැමිණිල්ලක් දැමු විට තුට්ටුවකට ගණන් ගන්නේ නැහැ. ඒ වෙනුවට කරන්නේ අනෙත් පාර්ශවය හුරතල් කරන එක. දැන් බලන්න අර අයුතු යෝජනාවට අකමැති වීම නිසා මහා මග මරා දැමුණු කාන්තාවගේ ප්‍රශ්නය. මේ පුද්ගලයාගෙන් කරදරයි කියලා පැමිණිල්ල දැම්මම මිනීමරුවාගේ ගෙදර ගිහිල්ල තියෙන්නේ නෑදා ගෙදරක යනවා වගේ . " අනේ එයා ගෙදර නැද්ද ? එහෙනම් ඇන්ටි කියන්නකෝ අපි ඇවිදින් ගියා කියලා " ඔන්න අද පොලිසියේ තත්වය. (නදී)
අනේ අර ළමයි දෙන්නට අම්මෙක්? තාත්තා රිමාන්ඩ්. දැන් කවුරුවත් නැහැ. දරුවන් ගැන වත් දුර දිග හිතන්නේ නැති මෝඩ මිනිස්සු. (ස)
මේ අපරාධ සමහරක් වලට මුල පොලිසියට පැමිණිල්ලක් දැම්මත් ඒවා ගැන සැලකිල්ලක් දක්වන්නේ නැති කම. දැන් බලන්න අර අයුතු යෝජනාවට අකමැති වීම නිසා මරා දැමුනු කාන්තාව කල පැමිණිලි කනකට ගත්තේ නැහැ. මිනි මරුවාගේ ගෙදරට නෑගම් යන්න වගේ ගිහින් බලා තියෙන්නේ. "අනේ එයා ගෙදර නැද්ද? අපි ඇවිත් ගියා කියන්න ඇන්ටි " ඔහොම කියලා තර්ජනයක් ගැන කල පැමිණිල්ලක් විභාග කරන්න පුලුවන්ද ? (නදී)
සමහරුන්ට පේන්නෙ ම දකුණේ සිදුවීම් විතරයි බෙන්තර ගඟ මතක් වෙන්න. (ස)
සිංහල ජාතිය උතුම්ම ලොවේ උතුම්ම ජාතිය. (ස)
"මානව හිමිකම් කොමිසම " කියනවා මරණ දඩුවම ඉවත් කරලා ජීවිතාන්තය දක්වා හිර දඩුවම පමුනුවන්නලු. මිනී මරුවාගේ මානව හිමිකම් ගැන කතා කරන අය හිංසනයට ලක්වූ අහිංසකයා ගැන කතා කරන්නේ නෑ. (ස)
පේනවනේද? අපේ ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය. (අ)
දැන් කවුරුවත් මිණිමරන්න බය නැහැ මොකද උන් දන්නවා කවදාවත් එල්ලලා මරන්නේ නැහැ කියල, ජිවිතේ ඇති තුරාවට කෑම බිම ටික ලැබිල වෙලාවට නාල ඉන්න හිර ගෙදර තියෙනවනේ.., සුමන ඔයා හරි හිංසනයට ලක්වූ කෙනා ගැන කවුරුත් නිහඩ වේවි ටික දිනකින් මෙයත් අමතක වේවි...! (අ)
පැමිණිල්ලේ සාක්කි දුර්වලයි! . නඩුව එතැනින්ම ඉවරයි. (නදී)
නිමල්, එක සිදුවීමක් නිසා සිංහල ජාතිය උපහාසයට ලක්කරන්න එපා. අනෙක මේ ප්‍රවෘතියේ කිසිම තැනක කියල නෑ චුදිතයා සිංහලයෙක් කියලා. (නදී)
ගෙවල් වල ආරවුල් වලට ගෙය තුලදීම මරණ දඬුවම දී ඇති බවයි මට පේන්නේ. අලුගෝසුවන්, එල්ලුම් ගහ මෙවැනි මිනිසුන්ට උවමනා නැහැ වගේ. අද කාලේ අඩු වියදමින්- කාටවත් කරදර නොකර , වලක් හාරා ඉතාම සරලව, තමාගේ ජීවන සහකාරියගේ අවමගුල චාමෙට සිදුකරන්න ඇති. නීතියෙන් දඩුවම් දීමේ අඩුපාඩු නිසා අද අපරාද වැඩිවෙමින් පවතී. එයට වගකිවයුත්තේ කවුද? (නදී)
බිස්කට් පෙට්ටියේ කිරිකැටි බිලිදෙක් අත්හැර දමාගොස් ඇත. ගෙට ඇතුළු වූ සොරු වයසැති අහිංසක මහලු මවක් මරා දමා ඇත; නාගොඩ ගැමියෙකුගේ අතක් කපු බවට සැකකොට සමෘද්ධි නිලධරයකු අල්ලා ඇත; මට්ටක්කුලියේ කාන්තාවක් සහ මිනිසෙකු ස්ථාන දෙකකදී මර දමා ඇත; නුගේගොඩ දෙල්කද දී සහ රත්ගමදී මත් කුඩු සැකකරුවන් සමග අත්අඩංගුවට ගනී; මේ අද දින එසැන පුවත්. මිට පෙර තවත් කොපමණ ව්‍යසන අපරාද කොතෙකුත් අප අසා ඇතිද? මොකද මේ අප රටට මේ වුයේ. මට දැන් වයස අවුරුදු 58 යි. මගේ දැනුම් තේරුම් වයසේදී පාර අයිනේ කපුටෙකු මල පසු කීදෙනෙක් අනේ අනිච්චන් කියමින් කම්මුලට අත තබාගෙන රොක්වී එදෙස බලා හිටියාද කියා අද මට මතක් වේ. (ස)
දවසින් දවස රටේ වැඩිවන අපරාධ ගැන මේ පුංචි තීරයේ අදහස් දැම්මට වැඩක් නැහැ. මොකද අපරාධ වල උල්පත් තියෙන්නේ උස් කඳු මුදුන් වල නිසා. මිටි තැනින්ම තමයි වතුර බහින්නේ. නීතිය වල වැදුනහම අපරාධ කාරයෙක් වෙන්නෙත් අපරාධ වලට ගොදුරු වෙන්නෙත් බොහෝ විට අසරණ මිනිස්සු. (ස)
එල්ලුම් ගහ ගේන්න කියලා මෙතරම් මහා ජන හඬක් නො ඇසෙන විදිහට ජනාධිපති තුමා ඉන්නේ ඇයි? හිටපු ජනපති තුමිය බෙල්ජියමෙන් කඹයක් හෙම ගෙනත් එල්ලුම් ගහ ඔන්න ගෙනාවා මෙන්න ගෙනාවා කියලා ගිය ගියාමයි.එන්න එන්න අපරාධ වැඩි වෙනවා. මෙහෙම ගියොත් අපට යන්න වෙන්නේ ආස්චර්යයට නම් නෙවෙයි. (ස)