කොළඹ පාසල් කිහිපයකට දරුවන් ඇතුළු කර දෙන බව කියමින් මවුපියන්ගෙන් රුපියල් ලක්ෂ 41කට ආසන්න මුදලක් වංචා කළැයි ගල්කිස්ස හුලූදාගොඩ පාරේ මිචෙල් ටී. වැන්ඩොට් නම් කතක ගල්කිස්ස ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නිරෝෂා ප‍්‍රනාන්දු මහත්මිය විසින් ලබන දෙවැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය.
බම්බලපිටිය ශාන්ත පීටර හා කොළඹ රාජකීය විදුහල්වලට දරුවන් ඇතුළු කර දෙන බව පවසා ඇය මේ මුදල් වංචා කළැයි උසාවියේදී කියැවිණි. දෙදෙනකුගෙන් රුපියල් හය ලක්ෂය බැගින් ද, දෙදෙනකුගෙන් රුපියල් ලක්‍ෂ 11ක් හා 12ක් ද වංචා කර ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ගැන තව සෙව්වොත් මේ වැඩේට සම්බන්ධ අනෙක් අය ගැනත් දැනගන්න පුළුවන් වෙයි. (නි)
ඔන්න තියෙනවා වැඩේ (දී)
හිරේ යන්න සල්ලි අරන් (දී)
අසාධාරණ විදිහට සල්ලි හම්ම කරන්න එපා (දී)
බැරිම නිසා තමයි එච්චර අරන් තියෙන්නේ (දී)
ඔන්න පේනවනේ හොර වැඩ. මෙයා ගැන කව ටිකක් හොයලා බැලුවා නම් ළමයි පාසැල් වලට දාන සූත්තරය මෙයාගෙන් දැනගන්න පුලුවන්.(නදී)