ජාතික බුද්ධි තොරතුරු සේවා බිඳ වැටී ඇති බැවින් සැඟවූ ආයුද රිසේ සේ තැන තැන ගෙන යන්නට එළියට ගනිමින් සිටින බව පෙනෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද(31) ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
බරපතල ගණයේ ආයුධ හමුවී තිබියදීත් පරණ බඩු වගයක් යැයි ආරක්ෂක ලේකම්වරයා කරන ප්‍රකාශ පිළිගත හැකි දැයි වීරවංශ මහතා ප්‍රශ්න කළේය.
ගිරිතලේ මූලික කොටගෙන නැගෙනහිර පළාත පුරා විහිද තිබූ බුද්ධි තොරතුරු බළකාය වත්මන් ආණ්ඩුව මගින් විනාශ කළේ එහි දක්ෂ නිලධාරීන් නව දෙනකු නිකරුණේ සාක්කි නැතිව සිරගත කර තබමින් යැයිද ඔහු පැවසීය.
ආයුධවලට පරණ බඩු යැයි කියන වත්මන් ආරක්ෂක ලේකම්වරයා යුද්ධය සමයේ ආරක්ෂක ලේකම්ව නොසිටියේ ජාතියේ වාසනාවට යැයිද වීරවංශ මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මහින්ද ලොක්ක ත්‍රස්තවාදය මුලිනුපුටා දැම්ම නේද? එටකොට එහෙම වුනේ නැද්ද විමලේ ? (බ)
සරත්, රුවන් කියන දේ හොඳින් අහගන්න. ඔහෙලා වගේ නිවට සිංහලයෝ නිසා තමයි මෙරට කවදාහරි පාවාදෙන්න වෙන්නේ. නිවටකම පෙන්වන්න එපා. (නි)
ආර්. වික්‍රම, ඕක ඉතින් සිංහල ජාතියේ වැරැද්දනේ (නි)
අසවු අසවු නිල්හාන් දන්නා දේවල්! (නි)
ප්‍රියන්ත හොරු කියන්නේ ජෝන්ට, මහා බැංකුවේ අධිපතිට, තලතා අතුකෝරලට, ලන්සට, රාජිතට, එස්.බී දිසානායකට එහෙම වෙන්න ඇති නේද? (බ)
මේ කියන්නේ අර චෝදනා තිබෙන බුද්ධි අංශ නිලධාරීන් කීපදෙන රිමාන්ඩ් කිරීම නිසා බුද්ධි අංශ දියවුණා කියලනේ. කුමන හෝ හේතුවක් නිසා මේ බුද්ධි අංශ නිලධාරීන් කීපදෙනා කට අරින එක නවත්වන්න කට්ටිය සෑහෙන දඟලනවා වගෙයි හිතෙන්නේ. (නි)
දැන් යුද්ධය ඉවර කළා කියලා කියල අවුරුදු 6-7ක් ඔය අය බලයේ හිටියේ? ඉතින් ඕවා හොයාගන්න එතකොට බැරිවුණේ ඇයි? (නි)
කෙසේ වෙතත් ඉදිරියේදී රටේ බෝම්බ පුපුරන්න පුළුවන්. ජනධිපති අගමැති විශේෂයෙන් ආරක්ෂා කරන්න ඕනේ. මේවා ඩීල් වෙන්න පුළුවන්. කොටිත් එක්ක තම පෞද්ගලික උවමනාවන් සදහා ගනුදෙනු කරපු දේශප්‍රේමී සළු පිලි ඇදගත් දේශ පාලුවෝ කවුද කියලා දැන් දන්නවනේ.(හේ)
අනේ විමල් මහත්තයෝ ඔබ තුමා කියන හැමදේම හරිද?(හේ)
විමල් ගැන අධිකරණය ඉදිරියේ කරුණු ඉදිරිපත් කර, මේ රටේ අහිංසක ජනතාවට අයවිය යුතු දේ ලබා ගන්නේ කවද්ද?(හේ)
පක්ෂ බේදයකින් තොරව මෙය ඉතාම භයානක තත්ත්වයක්,මේක සුළුවෙන් ගන්න එපා,මරාගෙන මැරෙන ඇදුම් හම්බ වුනේ ගෙදරක හංගලා මිසක් වල දාල නොවේ,ඒ ගැන හිතලා බලන්න (හේ)
විමල් මන්ත්‍රීතුමාට හරි සන්තෝස ඇති එල්ලෙන්න පොටක් ලැබුනට .....(කෞ)
යාරිස් ලා නම් ගොඩක් කැමති ඇති මොකද ඔය අයට අවශ්‍ය ලංකාව නැවත අරාජික වෙනවට.ඔය ජාතිය හැමදාම අවස්ථාවාදී මිනිස්සු. (බ)
ප්‍රියා නීතිය ගැන අවම දැනීමවත් හදා ගන්න ඔවුන්ව ඇප නොදී තියා ගෙන ඉන්නේ බලපෑමකින් බව ඉතා පැහැදිලියි .පොලිසිය මහේස්ත්‍රාත් උසාවියේ ඇප දෙන්න බැරි විදියට තමයි චෝදනා ගොනු කරලා තියෙන්නේ . එහෙම නැත්නම් , කිසිම භෞතික හෝ අන් සාක්ෂි නොමැතිව මිනීමැරුමක් සම්බන්ධයෙන් මෙහෙම ඇප නොදී තියෙන්නේ නැහැ .මේවා දැක්කම දැනට සේවයේ නියුතු බුද්ධි අංශ නිලධාරීන් තවදුරටත් තමන්ගේ රට වෙනුවෙන් බෙල්ල දේවි කියලා තමුන් හිතනවද ? (බ)
ඉතින් විමල්ට ආරක්ෂක ඇමතිකම දෙන්නකෝ. වැඩේ ඉවරනේ! (නි)
මැරෙනතුරු සංවාසයේ යෙදෙන්න සුදුසු කාරණාවක්! (බ)
මෙම සිද්ධියේ බරපතල බව සොයා බැලීමට අවශ්‍ය පරීක්ෂණ කටයුතු නිසිලෙස ඉටුකිරිමට අදාළ නිලධාරීන්ට කාලය ලබාදිය යුතු අතර අවස්ථාවාදී දේශපාලකයන්ට මේ තුලින් තම පටු දේශපාලන වාසි ලබාගැනීමට ඉඩ නොතැබිය යුතුය. (ර)
මේ අය පිදුරු ගහක් දැක්කත් දැන් එල්ලිලා ආපසු බලයට එන්න බලාගෙනනේ ඉන්නේ. (නි)
මේ කියන කතාව ඇත්ත (නි)
බුද්ධි අංශ දුර්වල නම් බඩු ටික හම්බවුණේ කොහොමද මහත්තයෝ? (නි)
අර හොර පාස්පෝට් ප්‍රශ්නයත් අපිට තාම මතකයි (නි)
මොකක්මහරි වැරැද්දක් අල්ලගන්න තමයි බලාගෙන ඉන්නේ (නි)
ඔන්න විමල්ට කතා කරන්න අපහු මාතෘකාවක් ඇවිල්ල බලාගෙන ඉන්නේ ජාතිවාදය අවුස්සන්න මෙයාලා ඉන්නකම් කළේ හොරකම මැරකම දුෂණය දැන් ඒවා අමතක වෙලා වගේ කතා කළාට මිනිසුනට අමතක නැහැ රටේ නිතිය බල්ලට දාපු කාලය (බ)
ශාක්ෂිත් තියෙන මෙයාව ගන්නේ කවදද ඇතුළට (බ)
ඔබ තුමාගේ කතාව ඇත්ත (බ)
පරණ බඩු අලුත් දවටන වල එතුනේ කොහොමද කියන එකත් මෙතුමා දන්නවා ඇති එහෙනම් (නි)
දැන් තියෙන්නේ යහපාලනයයි. ඒ නිසා හැමදේම වෙනස්. හොරු එළියේ නිර්දෝෂී අය ඇතුලේ. ත්‍රස්තයෝ එළියේ උන්ව මර්දනය කරපු සොල්දාදුවෝ ඇතුලේ. කවටයෝ පිරිසක් රට මෙහෙයවනකොට ඔහොම තමයි. (බ)
විමල්ගේ පාස්පෝර්ට් දෙක වගේ. එකක් පරණයි කිව්වා නේද? අපිට වුණා නම් අපි හිරගෙදර. මේ බෝම්බයෙන් බලය ලබාගන්න පුලුවන්ද? රටට ආදරයටද? බලයට කෑදරේටද? (නි)
ගමගේ, එක් කෙනෙක් නම් එල්ලිලා ඉන්නේ අර කුරහන් පාට පොටේනේ. ඒක නැත්නම් ඇපත් නැහැ. ඒකනේ මේ ඔක්කොම අවුල. (නි)
ඒක තමයි වෙනස කියන්නේ.(හේ)
රජින්ද හරියටම හරි..(හේ)
එක නිසානේ තාම හොරු එළියේ (හේ)
බුද්ධි අංශ නිලධාරීන් නිදහස් කර මේ රටේ ආරක්‍ෂිත ජාලය නැවත ශක්තිමත් කරන්න .අතුරුදහන් වූ එක මිනිහෙක් අල්ලාගෙන මොකද්ද මේ නටන නාඩගම (කෞ)
ගොඩ කාලෙකින් නියම මාතෘකාවක් ලැබිල.මේ මාසෙට යැපෙන්න මේක ඇති.එත් මම බැලුව මොකද පරක්කු කියල.(කෞ)
සරත්, යාරිස්, ගමගේ, අපි යුද්ධය නිසා බැටකාපු ජාතියක්. අතීතය අමතක කරන්න එපා. ගිණිපෙනෙල්ලෙන් බැටකාපු අපි කණාමැදිරි එළියටත් බයයි. (නි)
අනේ මේ කතා දැන් අපි පිළිගනී කියලා මෙයා හිතනවා ඇති (නි)
කුහුඹුවනේ, තොපිටත් රජකේ ඇතේ! (නි)
ගමන් බලපත් වැඩේ නම් තවම පරණ නැහැ නේද? (නි)
ඔන්න බෙරේ ගහන්න පටන් ගත්තා. අපොයි! කන්අඩි පැළෙනතුරු ඕක ගහයි ඉතින්. පුරුදු දේනේ. නැද්ද මං අහන්නේ? (නි)
චාවාකච්චේරියේ හමුවූ දේ ඉතා භයානකයි. ඒවා එතනට ආ විදිහ ප්‍රශ්නයක්. විභාග කිරීමට පුහුණු නිලධාරින්ට ඉඩ දියයුතුයි. විමල් වීරවංශ කෑගැහුවට කලබල වියයුතු නැහැ. ඔහු ඉදිරිපත් කරන කරුණු අනුව මේ සිද්ධිය සම්බන්ධව පොදු විපක්ෂයට මේ සම්බන්ධව හොඳ දැනීමක් තිබෙනවා. එකට හේතුව හොයාබැලිය යුතුයි. මොවුන්ගේ ප්‍රකාශ විමර්ශන වලට හානිකරයි. (නි)
සමහරු නම් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයකුත් දකින්නේ සෙල්ලම් බඩු විදිහට. (නි)
විමල් කියන්නේ ජනතාවගේ හිත ඇදගන්න කතා නිර්මාණය කරන්න හපනෙක්. (නි)
රජින්ද, කවටයෙක් වෙන්න හදන්ඩ එපා. රසික, තව කෙනෙක්ගේ උවමනාවට වැරදිකළ එකට බුද්ධි අංශයේ කියලා සමාව දෙන්න බැහැ. විමල්ලා කෑගහන්නේ ඔවුන්ගේ අඩුපාඩු වහගන්න. පොදු විපක්ෂයේ මේ ප්‍රකාශයන් අවස්ථාවාදීන්ට හොඳ ශක්තියක්. (නි)
මෙතන ඉන්න සමහර මිනිස්සු වැරැද්ද පෙන්නාදෙන මිනිහට හිනාවෙනවා මිසක් වැරැද්ද දකින්න ඕනෑකමක් කරන්නේ නැහැ. ඔන්න ඕකයි සිංහල මිනිහට වුණේ හැමදාම (නි)