බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධ පැමිණිලි 45 ක විමර්ශන කටයුතු ඒ සඳහා පත් කර තිබෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ආරම්භ කළ බව කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා පැවසීය.
මෙම පරීක්ෂණ කටයුතුවලට අදාළ වාර්තාවන් ඇතැම් අංශ වෙතින් ලබාගත යුතුව ඇති බැවින් ඒවා ලබාගැනීමට ලිඛිත දැනුම්දීම් ඉදිරිපත් කළ බවත් ලැසිල් සිල්වා මහතා සඳහන් කළේය.
මහජන පැමිණිලි 400 ක් පමණ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත ලැබී ඇත. එම පැමිණිලි අතරින් ලැබුණ අනුපිළිවෙළට අනුව පැමිණිලි 116 ක් ප්‍රථමයෙන් තෝරා ගත්තේය. ඒ අතරින් පැමිණිලි 71 ක් මෙම පරීක්ෂණ කොමිෂමට අදාළ නොවන පුද්ගලික පැමිණිලිය. විභාග නොකරන පැමිණිලි පිළිබඳ ඒවා යොමුකළ අයට ලිඛිත දැනුම්දීම් පසුව සිදු කිරීමට නියමිතය.
දේශපාලන පදවි දැරූ හෝ තවදුරටත් දරමින් සිටින පුද්ගලයන්, රජයේ සේවකයන් සහ ව්‍යවස්ථාපිත මණ්ඩලයන්හි නිලධරයන් වශයෙන් සේවයේ නිරතවූ සහ තවදුරටත් සේවයේ නිරතව සිටින පුද්ගලයන් පිළිබඳව ඉහත සඳහන් චෝදනා සම්බන්ධව ලිඛිත පැමිණිලි සිංහල, දෙමළ, ඉංග්‍රීසි මහ ඕනෑම භාෂාවකින් යොමු කළ හැකිය. 2010 ජනවාරි මස 10 සිට 2015 ජනවාරි 10 දක්වා කාලසීමාවන්ට අයත්වන යථෝක්ත වැරදි සම්බන්ධව පැමිණිලි පමණක් ඉදිරිපත් කළ යුතුය.
2025 දෙසැම්බර් මස 04
747
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
567
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බරපතල අපරාධ ගැන සොයයි
දුමින්ද Thursday, 07 May 2015 12:08 PM
දැන් ඇති ලොකුම ව්‍යාපෘතිය පැමිණිලි කිරීම සහ බාරගැනීම පමණද? (නි)
සම්පත් වන්නිආරච්චි Thursday, 07 May 2015 12:23 PM
පිස්සුද? 1977 සිට මේ දක්වා දේශපාලනඥයින් හා නිලධාරීන් කර ඇති දූෂණ වංචා ක්‍රියා පිළිබඳව සොයා බලා වැරදිකරුවන් වන සැමට දඬුවම් කළ යුතුයි. සමහර දේශපාලනඥයින්ට හා නිලධාරීන්ට සොබාදහම මගින්ම දඬුවම් ලබා දී තියෙනවා. ඒත් සමහරු තවමත් නිර්දෝෂීන් සේ වැජඹෙනවා. 1980 වර්ජිතයින්ගේ හා 88 - 89 භීෂණයෙන් ඝාතනය කළ 60000 ක ශාපයත් ඔවුන් පසුපස එන බව කිව යුතුයි.ඒ ශාපයෙන් කිසිලෙසකවත් ඔවුන්ට මිදෙන්න බෑ. (බ)