තම ශ්‍රී ලංකා සංචාරයේදී නව අගමැති රනිල් වික්‍රමංසිහ මහතා හමුවීමටත්,නව ඇමති මණ්ඩලය හා සාකච්ඡා කිරීමටත් බලාපොරොත්තු වන බව බ්‍රිතාන්‍යයේ විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලීය ඇමැති හියුගෝ ස්වයර් කියයි.
ඇමතිවරයා නුදුරු දිනයකදී දිවයිනට පැමිණීමට නියමිත අතර මුල් පෙලේ දේශපාලන නායකයින් හමුවීමත් පසුව උතුරේ සංචාරය කිරීමත් ඔහුගේ අරමුණු වේ.
උතුරු සංචාරයේදී උතුරු පළාත් මහඇමතිවරයා හමුවීමටත්, විවිධ රාජ්‍ය නොවන සංවිධාන වල නියෝජිතයින් හමුවීමටත්, යාපනයේ ක්‍රියාත්මක බ්‍රිතාන්‍යය කවුන්සිලයේ වැඩකටයුතු පිළිබඳව සොයාබැලීමටත් ඔහු සැළසුම් කර ඇත.
පසුගිය සමයේ මෙන් නොව මෙවර ශ්‍රී ලංකාවට ශක්තිමක් දේශපාලන පදනමක් වැටී තිඛෙනු දැකීම සතුටට කරුණක් බව ඇමතිවරයා කියයි.මෙනිසාවෙන්ම ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට බ්‍රිතාන්‍යයයේ සහය නොඅඩුව ලැබෙනු ඇති බවද ඔහු සහතික කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා! (නි)
දැන් තමයි නිදහසේ හුස්මක් ගත්තේ (දිල්)
ඔය කට්ටිය එන්නේ ඇයි කියලා පැහැදිලියි. මේ රජය පත්කළේ අපේ මිනිස්සු නිසා මේ රටට ද්‍රෝහී වෙන මොනම දෙයක් හරි කළොත් කිසිම කෙනෙකුට ගැළවීමක් නම් නැති බව ඒකාන්තයි. (නි)
අපි තරුණ අය තමයි සමාජ ජලා හරහා ආණ්ඩුව පෙරළන්න උදව් කළේ, හැබැයි පාර වැරදි නම් පාඩම ලෑස්තියි (දිල්)
ලංකාව දැන් නිදහස් රටක්. රනිල් මහත්තයත් ජනාධිපතිතුමත් කොන්දක් ඇතිව වැඩකරන්න ඕනෑ බටහිර රටවල් සමග. (දිල්)
ආ! ඔය එන්නේ පරණ යාලුවෝ... රට සම්බන්ධයෙන් ගහන ගිවිසුම්, වෙන පොරොන්දු ගැන ඉස්සර වගේ නොකර ජනතාව දැනුවත් කරන්න වගබලා ගන්නවා නම් හොඳයි... (නි)
මහත්මා ගාන්ධි තුමා කී ලෙස සතර දෙස සුළඟට කවුළු හරිමු, නමුත් අපේ පොලොව මත අපේ දෙපයින් සිට ගමු. (ර)
යුරෝපය හා ඇමෙරිකාව ලංකාවේ ඉදිරි දියුණුවට බුධිමත් ලෙස භාවිතා කිරීමට සුදුසුම පුද්ගලයා රනිල් අගමැතිතුමා.(හේ)
රත්නායක, සුදුසුම පුද්ගලයා රනිල් අගමැතිතුමා කියලා එකපාරටම කියන්න බෑ. "මඩේ හිටවපු ඉන්න වගේ නැතිව" එයා ඒක ක්‍රියාවෙන් ඔප්පු කරන්න ඕනා. එතකොට ජනතාව පිළිගනීවි. (නදී)
මෙහෙ ඉන්නේ විදේශ ලේකම්. ඒ විලියම් හේග්. (නදී)
ඔන්න පටන්ගත්තා සෙල්ලම. (හේ)