පොහොර පටවාගත් රෝද දහයේ කන්ටේනර ලොරියක් රක්වාන දෙනියාය මාර්ගයේ වසර දෙසියයකට වඩා පැරණි තැලවත්ත කළු පාලමේ ගමන් ගනිද්දී පාලම කඩා වැටුණේය.
රක්වාන නගරයේ සිට කිලෝමීටර පහක් පමණ සූරියකන්ද දෙසින් සුප්‍රසිද්ධ වංගු දහයට පහළින් මෙම පාලම පිහිටියේය.
පොහොර පටවාගත් රෝද දහයේ කන්ටේනර ලොරියක් රක්වාන දෙනියාය මාර්ගයේ වසර දෙසියයකට වඩා පැරණි තැලවත්ත කළු පාලමේ ගමන් ගනිද්දී පාලම කඩා වැටුණේය.
රක්වාන නගරයේ සිට කිලෝමීටර පහක් පමණ සූරියකන්ද දෙසින් සුප්‍රසිද්ධ වංගු දහයට පහළින් මෙම පාලම පිහිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලයකට පෙර ඔය කන්ටේනර් පිළිබඳව නීති රීති තදින් ක්‍රියාත්මකවුනා.ටිකෙන් ටික මේ කන්ටේනර් රියදුරන් නීතියේ සිදුරු වලින් රිංගන්න පටන් ගත්තා.ඒ කාලයේ රෑ 9 න් පස්සෙයි කන්ටේනර් වලට යන්න අවසර තිබුනේ...කාලයාගේ ඇවෑමෙන් උදේ පාන්දර ඉඳලා මේ තඩි වාහන මහා පාරවල් අරක්ගෙන...වෙලාවට රැකියාවට , පාසලට යන අයට මහා තර්ජනයක් වෙලා.පොලිසියත් බකන් නිලාගෙන ඔහේ ඉන්නවා...දැන් බලන්න මේ ඓතිහාසික වටිනාකමක් ඇති පාලම විනාශ කළා. වාහනය අයිතිකාරයාගේ වියදමෙන් පාලම නැවත අලුත්වැඩියා කල යුතුයි..ඉන්පසු ' මේ පාලම උඩින් කන්ටේනර් පැදවීම තහනම් ' කියා දැන්වීමක් සවිකළ යුතුයි.(දී)
එ්කත් අපේ කරුමේ තමයි (නදී)
වසර 200 මෙම පාලම භාවිතකරා කියන්නේ ඉහලම ප්‍රමිතියට පාලම හදාතිබෙනබවය, ඒකටත් එක්ක වර්තමානයේ ඉන්න පාලකයෝ හදන පාලම් අවරුදු කීපයක් යනවිට පාලම තිබුන ස්ථානයවත් සොයාගන්න බැහැනේද?.......අනිත් කාරනය පාලමේ වයස වසර 200 ට වැඩිබව දැනගෙනත් පාලම කඩාවැටෙනතුරු බලාසිටිය එක...... (දී)
මේක කඩන් වැටෙන වෙලාවට මේ පාලම උඩ ඉන්න තිබුනේ මහජන මුදලින් නඩත්තු වෙන ගමන් , සාමාන්‍ය ජනතාව උඩින් ද බිමින්ද ගමන් යන්නේ නොදන්නා දේශපාලකයෙක් (දී)
රියදුරා කල්පනා කරන්න දන්නෙ නැද්ද? ඇයි හිතන්න බැරි ඕකේ කන්ටේනර් වලට යන්න බැහැ කියලා (නි)
මේකටත් ඉතින් දැන් සුද්දන්ට බනියිද දන්නෙ නැහැ (නි)
අපොයි දෙවියනේ පාලම ! (දිල්)
කොහොමත් ඔය පාර හදන්න ලබන අවුරුද්දේ පටන් ගන්න තමා තිබුනේ .කොහොමත් ඒ පාලම් අයින් කරන්න වෙනවා. (අ)
අවාසනාවට මම මේ පාලම සහ දහ අට වංගු ගැන හොඳින් දන්නා කෙනෙක්.. පාරවල් හදනකොට ප්‍රමිතියක් තියනවා. ග්‍රොස් ඇක්සල් මාස් කියන එක ලෝකයේ සම්මතයක්. ටොන් පහේ ලොරියට සිමෙන්ති කොට්ට 200 හෝ රට උළු 6000 ගැසීම ලංකාවේ සාමාන්‍ය සිරිතයි. එවැනි බරකට ඔරොත්තු දෙන්න හදාපු පාරවල් ලෝකයේ කොහෙවත් නැහැ. ඒ වගේම කියන්න ඕනෑ මේක වසර 200 පරණ නැහැ.උඩරට ගිවිසුම අත්සන් කලේ 1812 කියලා මතක් කරලා දෙන්න කැමතියි. (දී)
හොදටම ඇති.මෙච්චර කලයක් තිබ්බා.බ්‍රිතාන්‍යයේන් හදපු හින්ද මෙච්චර කලයක් තිබ්බා (දී)
මෙච්චර කල් තිබුන එකත් ලොකු දෙයක්නේ, අපේ අය හදන ඒවා සමඟ බලද්දී (නි)
මෙහි වරද කාගේද? (නි)
කොච්චර පාරවල් හැදුවත් වැඩක් නැහැ. අනිත් රටවල වගේ වාහන වලට ගෙනියන්න පුළුවන් බර සීමාකරන්න ඕනෑ. මේක අඩි 20 කන්ටේනරයක්. ටොන් 12 කට වැඩිය පටවලා ඇති. පාරවල් කැඩෙන්න ප්‍රධාන හේතුව වාහන වැඩි බර රැගෙන යාම. වැඩි බර රැගෙන යන වාහන සදහා ලොකු දඩ මුදලක් පැනවිය හැකියි. (නි)
මේ තඩි ලොරිය දාන්න කලින් තේරුනේ නැද්ද මෙහෙම වෙයි කියලා (දී)
මේ මාර්ගයේ බර සීමා පනවා ඇත්නම්, ලොරි රියදුරා සම්පූරණයෙන්ම වැරදියි. (දී)
සියල්ල අනිත්‍යයි කොහොම උනත් දැනටත් සුද්දා හදපු පාරවල් පාලම් නොතිබෙන්න ... කොහොමත් දැනට රටේ සංවර්ධනය වෙනවා. පාරවල් හැදෙනවා කැඩෙනවා ඕව ඔහොම තමයි (අ)
කඳුකරයේ ඇති පැරණි පාලම් බොහොමයක් අවරුදු 200ක් වත් පරණ ඇති.මේවා අලුත්වැඩියා කරන්නේ නැහැනේ (දී)
අනේ මට හරිම දුකයි. මම ලක්ෂ වාරයක් ඔය පාලම උඩින් ගිහින් ඇති. අපි උදේට පාසල් ගියෙත් ඔය පාලම උඩින්.පාලම ඒ ආකාරයෙන්ම හදන්න පුළුවන් වෙයි කියලයි හුඟක් දෙනා හිතන්නේ (නි)
මෙවැනි ඵෙතිහාසික ස්ථානයක් මතු පරපුරටත් නැරඹීම සඳහා එතැන ප්‍රතිසංස්කරණය කරන්නේ නම් ඉතා අගනේය (නි)