මානව අයිතිවාසිකම් ගැන මහ ලොකුවට කතා කරන බ්‍රිතාන්‍යය යටත් විජිත සමයේ වලපනේ ගල්ඉඳි බැද්දේ ගල් ගුහාවකට සිංහලයන් 16 දෙනකු පණ පිටින් දමා ගල් දොර වසා ඔවුන් මරා දැමූ බව අමතක වී ඇතැයි මහින්ද රාජපක්ෂ ජනපති වලපනේ සද්ධානන්ද විද්‍යාලයයේ උත්සවයක දී අද ප්‍රශ්න කළේය.
පන පිටින් සතුරන් මැරීමේ මානව න්‍යාය ප්‍රභාකරන්ට උගන්වා ඇත්තේ බ්‍රිතාන්‍ය බව පෙනේ යැයි ද ජනපති කීවේය.
ඔවුන් එදා කළ මෙවැනි වැඩ අද අමතක වී ඇතැයි ද ජනපති සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ නිර්භීත ජනනායකතුමාට ජයවේවා! (නි)
බ්‍රිතාන්‍යය වෙල්ලස්සේ කැරැල්ල මැඩපවපත්තපු දරුණු සංහාරය බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්ථාවේ සඳහන්, මේ දරුණු සංහාරය බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරිලා තියෙනවා. කරුමේ කියන්නේ බ්‍රිතාන්‍යය කිරුළට විරුද්ධව නඩුවක් දාන්න ජගතෙක් රටේ බිහි නොවීමයි.(අ)
මමත් ඔබතුමා සමඟයි. ජයවේවා! (නි)
ඇති ගරු ජනාධිපති උතුමනි ඔබතුමා අපේ රටේ රජකමට සුදුසුයි.ආයුබෝවේවා.(අ)
අපි සැළකිළිමත් වියයුත්තේ අපේ රටේ දියුණුව සහ රටේ මානව හිමිකම් සුරැකීම පිළිබඳවයි (නි)
හැමදාම කෙළින් කතාකළ මෙතුමාට මම සැමදා ගරුකරමි (නි)
පර අදහස් තියන අය අපේ සමාජයේ තවම ඉන්නවා (අ)
ඔහුට වඩා සොඳ මහතෙක් කවරේද? (නි)
මෙතෙක් ලංකාවේ සිටි කිසිම නායකයෙක් මා දන්නා තරමින් මෙවන් එඩිතර නිර්භය වදනක් පවසා නොමැත (නි)
ඉතා හොඳ කතාවක්. ඔය කතාව ඉංග්‍රීසියෙන්ද කරමු (නි)
නියම කතාව...... (නි)
ජනාධිපතිතුමා කෙළින් කතාකිරිම අගයකළ යුතුයි. (නි)
මම සුද්දන් කළ දේ හෙළා දකිනවා. ඔවුන්ද අතීතයේ සහ වර්තමානයේ මානව හිමිකම් කඩ කරනවා. නමුත් දැන් අපි වර්තමාන සිද්ධීන් සංසන්දනය කරමින් තර්ක කළයුතුයි නේද? (නි)
ඔබතුමාට ජයවේවා (දී)
ගුණධර්ම අතින් ලංකාවේ මිනිස්සු කොහොමත් ඉන්නේ බ්‍රිතාන්‍යයට වඩා ගොඩක් ඉදිරියෙන් (නි)
අනෙක් අය වැරදි කළ පළියට අප වැරදි කළයුතු නැත. අපි අනෙක් අයට ආදර්ශවත් වියයුතුය (නි)
ලුම්බිණි, මොකක්ද දැන් මෙතන තිබෙන වැරැද්ද? (නි)
මවුබිම රැකදුන් විරුවාට ජයවේවා! (නි)
අපේ ජනාධිපතිතුමා ඉතිහාසය ගැන හොඳින් දන්නවා (නි)
ඔබගේ ඔය ඍජු ගුණයට මම සැමදා ගරු කරනවා (නි)
රොහාන්, එහෙම දෙයක් සඳහන් වෙලා තියෙන්නේ කොහේද? (නි)
ඔබතුමා උපන්බිම තනිකළේ නැහැ. ඒ වගේම අපි ඔබතුමාත් තනි කරන්නේ නැහැ. මේ අදහස මගේ පමණක් නොව මගේ මවුබිමේ උපන් සමස්ත ජනතාවගේ එකම පැතුමයි. හිතට එකඟව කරන කියන ඔබතුමාගේ සියලු කෞශල්‍යයන් වැඩිදියුණු වේවා! සියලු දෙවියන් ඔබතුමා රැකදේවා! දළදා සමිදු පිහිටයි! (නි)
ගරු ජනාධිපතිතුමනි, ඔබේ ප්‍රකාශය නිර්භීතයි.තවමත් බටහිරට ගොස් සුද්දාට කේළාම් කියන අවස්ථාවාදී දේශපාලකයින් ඉන්න රටක කොන්ද කෙළින් තබාගෙන සිටීම ගැන අපි හෙළයින් වශයෙන් ඔබට ප්‍රණාම කරනවා. (නි)
ජනාධිපතිතුමනි, අපේ සහය ඔබටයි. (නි)
එතුමා ඔය කතාව බ්‍රිතාන්‍යයට ගිහින් කවදාහරි සුද්දන්ටත් තරු විසිවෙන්න කියන බව මට හොඳටම විශ්වාසයි (නි)
ඔබතුමාට සදා ජය! (නි)
අපේ ජනාධිපතිතුමාට ජයවේවා! (නි)
ඔබතුමාගේ නොසැළෙන ගුණයට අපේ ප්‍රණාමය! (නි)
ජයවේවා මැතිඳුනි, අපි සදා ඔබ සමඟයි (නි)
පහත සඳහන් චේදය පළකළහොත් සුදු වෑන් එකකින් අවසන් ගමන් යන්න වේවි යයි ඔබට බයක් දැනේ නම් එය පළ නොකර ඇඟ බෙර ගත්තට කමක් නැහැ. ""ගුණධර්ම අතින් ලංකාවේ මිනිස්සු කොහොමත් ඉන්නේ බ්‍රිතාන්‍යට වඩා ගොඩක් ඉදිරියෙන්" කියල අයෙක් කියනවා. තංගල්ලේදී කුරම් ෂෙයික් ව මරල එයාගේ පෙම්වතිය සමුහ දුෂණයට ලක් කලෙත් ගුණ ධර්ම ඉහ වහා ගිය පුද්ගලයින් කිහිපදෙනෙක් කියලත් අමතක කරන්න හොඳ නැහැ නේද? (නදී)
බොහොම ඇත්ත ජනාධිපතිතුමනි (නි)
අතීතයේ සිදුවුණු මෙවැනි සිදුවීම් දැන ගැනීමට ලැබුන එක හොදයි. (නදී)
මමත් පිළිගන්නවා අපේ ජනාධිපතිතුමා කියන දේ (නි)
මිලානෝ-ජයන්ත මහත්මයා. කාලයකට පසු ඔබගේ ප්‍රශස්ත වැකියක් මට කියවන්නට ලැබුණා. (දී)
මමත් ඔබතුමා සමඟයි (නි)
අවුරුදු 500 පුරාවට අපගෙ රටේ සියලුම සම්පත් හූරගෙන ගිය, අපේ මිනිසුන් ගේ දරුවන් පවා උඩදමා කඩුව ඇල්ලු බ්‍රිතාන්‍යයින් ගැන වෙනම පරීක්ෂණයක් කරන්න ඕන. (දී)
ඔබතුමා හැමදාමත් කෙළින් කතාකළා (නි)
අපි සැමදා ඔබ සමඟයි (නි)
ඔබතුමා හරියටම හරි මේවා මතක් කරලා දෙන්න ඕනේ (දී)
ලංකාව කවදාවත් බ්‍රිතාන්‍යයට සමකරන්න බැහැ. (නි)
ඔබයි සදා අපේ ශක්තිය! (නි)
ජනපති තුමනි ඔබ තුමා කෙලින් කටින් සිටින නිසා ඔය අපට කරන කෙනහිලිකම් වලට හොද පාඩමක්.. (දී)
බන්දුල පෙරේරා මහත්තයෝ,ඔබ කියූදෙයට මොනවා කියනවද කියලා මට හිතාගන්න බැහැ (නි)
අපි ඔවුන්ට විරුද්ධව මානව හිමිකම් පිළිබඳව උදාහරණයක් සේ මෙයම පෙන්වා දෙමු. (නි)
සත්‍යයා කුරාම් ෂේයික් ගැන වගේම එංගලන්තයෙදි මරා දැමු ලාංකිකයා ගැනත් කතා කරන්න (නදී)
ශ්‍රී ලාංකීය නාමය ලොව දසතම පතල කළ තවත් ලක් පුතණු කෙනෙක් බිහිකළ, ලක් මාතාවගේ පනනල දෙස් විදෙස් සතුරන්ගෙන් රැකගැන්මට, ඔබට ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාවත් ආශිර්වාදයත් නිරතුරු ලැබේවා. (නි)
බන්දුල පෙරේරා,ඔයාට මොකද වෙලා තියෙන්නේ? (නි)
චීන මහා ප්‍රාකාරය හදද්දීත් කොයි තරම් මිනිස්සු මැරුවද ඒවාට මානව හිමිකම් නැද්ද (දී)
කොන්ද කෙළින් ඇති එකම ජන නායකතුමනි, ඔබට දීර්ඝායුෂ ලැබේවා! (නි)
චිත්‍රපට ශාලා හිමියනි, ඔබගේ චිත්‍රපට ශාලාවේ ගැලරිය නැවත ස්ථාපිත කරන්න. නෑ මම මේ කිවේ දුප්පත් අපටත් චිත්‍රපටියක් බලන්න සෙනඟ ඉඳීවි හොඳට. (නදී)
ඔවුන් තමයි ලෝකයම මිලේච්ඡත්වයට පත්කළේ. අපේ ජාතික වීරයින්, භික්ෂූන් වහන්සේලා මොනතරම් නම් ඝාතනය කළාද? (නි)
මොහාන්, ඔබ කියන්නකෝ එංගලන්තයේදී මරා දැමූ ශ්‍රී ලාංකිකයා ගැන. සැකකරුව අත් අඩංගුවට ගැනීමට එරෙහිව තිබු දේශපාලන බලපෑම් එහෙම. ලංකා චාර්ල්ස් කුමාරයා ගිහිල්ලා එහේ නායකයන්ට කතා කරපු ඒවා එහෙම. (අ)
ඔබට සුබ ගමන්! (නි)
හරිම හොඳ දෙයක් ඕවා මතක් කරලා දෙන එක. (නි)
අජිත්, බ්‍රිතාන්‍යයන් ලංකාවට ආවේ කොයි අවුරුද්දේද? ඔයාගේ 500 අනාගතය ගැනත් හිතල වෙන්න ඇති කියන්න ඇත්තේ! (අ)
අපි අනුන්ට කෑගහුවත්, අපි සදාචාරාත්මක විදිහට මානව සුරකම් රකිනවාද ? (අ)