(දයාරත්න ඇඹෝගම)
තම ජංගම දුරකථනය වඳුරෙකු විසින් පැහැර ගෙන ගිය බව පවසමින් බ්‍රිතාන්‍ය ජාතික තරුණියක (26) එම වඳුරාට එරෙහිව අනුරාධපුර සංචාරක පොලිසියට පැමිණිලි කොට තිබේ.
මෙම බ්‍රිතාන්‍ය ජාතික තරුණිය එරට හෙද පාඨමාලාවක් හදරා ලංකාවට පැමිණ අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෙද නිලධාරිණියක ලෙස පුහුණුව ලබන බව පොලිසිය කියයි.
මෙම බ්‍රිතාන්‍ය ජාතික තරුණිය නවාතැන් ගෙන සිටින නේවාසිකාගාරයට හිටි හැටියේම කඩා වැදුන වඳුරන් රැළක් අතර සිටි එක් වඳුරෙකු කාමරයේ මේසය මත තිබු රුපියල් 5000ක් පමණ වටිනා ඇගේ ජංගම දුරකථනය රැගෙන පලා ගිය බව ඇගේ පැමිණිල්ලේ සදහන් වෙයි.
තම ජංගම දුරකථනය නැවත තමාට ලබා දෙන ලෙස මෙම බ්‍රිතාන්‍ය ජාතික තරුණිය පොලිසියෙන් ඉල්ලා සිටියි.
මෙතෙක් ඇගේ ජංගම දුරකථනය හමු නොවු බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුරකථනය ආපසු ලැබීම නොලැබීම කොහොම වෙතත් නැතිවූ වග පොලිස් පොතේ ලියා තැබීම නුවණක්කාර වැඩක් .
අයියෝ මිස් කෝල් එකක් ගැහුවනම් වඳුරා උත්තර දෙයි කොහෙද ඉන්නේ කියල
පිටරට අයට පුහුණු වෙන්න පුලුවන් ලංකාවේ අය අවොත් තමයි වර්ජන
රු.5000 මොබයිල් ගන්නේ වඳුරෝ තමා .
සුනිල් ගීකියනගේ ගේ කතාව සම්පූර්ණ ඇත්ත. පිට රට කෙනෙක් ඇවිත් අපේ රෝහලක පුහුණු වෙනකොට GMOA නඩේගෙන් සද්දයක් නැහැ. නමුත් ලංකාවේ ළමයෙක් අපේ රෝහලක පුහුණු වුනොත් දෙපැත්තෙන් පත්තු වෙනවා. ඔය කොච්චර බෙරිහන් දුන්නත් තාම සුදු හමට බයයි!
සාමාන්‍යයෙන් අදාල දුරකථනය ගැන දුරකථන සමාගම් දැනුවත්කිරීමට TRC ආයතනය පොලිස් වාර්තාවක් ඉල්ලයි.
අපිත් ඉල්ලමු බ්‍රිතාන්‍ය වදුරෝ ලංකාවෙන් හොරාගෙන ගිය මහා ධනස්කන්දය.