මාතර කොළඹ ශීඝ්‍රගාමී දුම්රියෙන් වැටී බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් (18) පයාගලදී මියගිය බව දුම්රිය නිලධරයෝ කියති.
අද (29) සවස 4 ට පමණ සිදුවූ අනතුරින් මියගිය කත තවම හඳුනාගෙන නැත.
මාතර කොළඹ ශීඝ්‍රගාමී දුම්රියෙන් වැටී බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් (18) පයාගලදී මියගිය බව දුම්රිය නිලධරයෝ කියති.
අද (29) සවස 4 ට පමණ සිදුවූ අනතුරින් මියගිය කත තවම හඳුනාගෙන නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර නම් මේ අයට මෙහෙම නිදහසේ කොහෙවත් යන්න බැහැ. (නි)
අනුෂ්ක , ඔයාගේ සිතට යහපාලනයක් නැත්ද? (නදී)
හරිම කණගාටුදායක පුවතක් (නි)
ගාමිණී-කුවේට්, නියම අදහස! (නි)
මට බය වගකිවයුත්තන් ඉල්ලා අස්වෙයිද කියලයි (නි)
ගොඩක් අය කෝච්චියේ යනකොට දොරේ එල්ලිලා සුපර් මෑන් වගේ වීඩියෝ හදන්න යනවා, මම හිතන්නේ එහෙම කරන්න ගිහින් තමයි වැටෙන්න ඇත්තේ. යූටියුබ් එකේ ගොඩක් ඒ වගේ වීඩියෝ තියනවා. (බ)
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සියලුම දුම්රිය මැදිරිවල දොරවල් නැහැ හෝ දොරවල් වසාගෙන යන්නේ නැහැ. මගීන්ගේ ආරක්ෂාව සඳහා දොරවල් වසා ගමන් කිරීමට කටයුතු කළ යුතුව වෙයි.(දිල්)
යහ පාලනේ තමයි (ස)
මහින්ද ඉන්න කාලෙත් ඔය කට්ටිය කිව්වේ ආසියාවේ ආශ්චර්ය කියල නේද (බ)
මෙයත් පා පුවරුවේ ගමන් කලාද ? නෙතිනම් වැටෙන්න ක්‍රමයක් නැහැ. (ස)
එක දවසක් අලුත්ගම දුම්රිය ස්ථානයේ විදේශික කාන්තාවන් පිරිසක් සිටියා කොළඹ දෙසට යාම සඳහා දුම්රිය ටිකට් පරික්ෂා කරන නිලදාරියෙක් ඇවිත් කිව්වා දෙවන පන්තියේ මැදිරි නවත්වන්නේ ඉදිරියේ කියල ඔවුන් ඒක ගනන් ගත්තේ නෑ එවිට මමත් කිව්වා ඉදිරියට යන්න කියල ඔවුන් මට කිව්වා ඔවුන්ට දුවල නගින්න පුළුවන් කියල නමුත් ඔවුන් අප නැග්ග මැදිරියෙන් නැගල අමාරුවෙන් අනිත් මැදිරියට ගියා ඔයවගේ නහයට අහන්නේ නැති විදේශික කාන්තාවන් ඉන්න පුළුවන් (බ)
ඔව් මම දැක්ක යු ටියුබ් එකේ වීඩියෝවක් තියනවා ලංකාව ගැන එකේ ඉන්න විදේශිකයන් දුම්රියේ යන්නේ ඉතාම අනතුරුදායක ලෙස (ස)
මාර ඔලුවේ අමාරු කාරයෝ ඉන්නේ කෝච්චියෙන් වැටුනත් යහපාලනය පලි දැන්.මෝඩ කම පෙන්වන්න එපා ලෝකෙට හොදේ (ස)
මාගලී ෆොන්සේකා කේන්ති ගන්න එපා.සමහරවිට අනුෂ්ක අදහස් කරන්න ඇත්තේ දුම්රිය රියදුරුගේ පාලනය වෙන්න ඇති.බස් එකකින් කාවහරි වැටුනොත් බස් රියදුරුගේ වරද කියනවාවගේ. මාගලී වගේ අයට දැන් ටිකක් කේන්ති යනවා තමයි.තව ඉදිරියට තවත් මේ තත්වය වැඩිවේවි. අදස් ලියන අය කරුනාකර අර වචන දෙක පාවිච්චි කිරීමෙන් වළකින්න.(ස)
අනුෂ්ක වගේ අයට බඩ බුරුල්වෙලා ගියත් යහ පාලනයට බනීවි (ස)
මේක අපේ මිනිස්සුන්ගේ වැරැද්ද. හැමදේටම එක එක්කෙනාට ඇගිල්ල දික්කරන්න හොද නෑ. වැඩිහිටියෝ උනාම දන ගන්න ඕනේ මෝඩ වැඩ කරන්නේ නැතුව තමන්ව ආරක්ෂා කරගන්න. මේවා ඉතින් දියුණු රටවල වෙන්නේ නෑ මොකද කෝච්චිය යන්න ගත්ත ගමන් දොරවල් ඉබේම වැහෙනවා. ඉතින් අපේ රටත් එහෙම හදාගන්න ඕනේ. රට දියුණු කරනවා කියල පාරවල් බෝක්කු හදන්න ඉස්සර ඒවලට හරියන්න වැඩ පිළිවෙලක්, නීතියක් , රටේ මිනිස්සුන්ට අධ්‍යාපනයක් ලබල දෙන්න ඕනේ. (ස)
එයා වැටුනේ කොහොමද? සමහරවිට කෝච්චිය පිරිලා තිබුන නිසා එයා අපේ රටේ කොල්ලෝ වගේ පාපුවරුවේ ගමන් කළාද කියලා දන්නේ නැහැනේ. (නි)