බ්‍රිතාන්‍යයේ කොල්චෙස්ටර් හයිවුඩ්ස්හි ලොරේන් ස්මිත් (26) ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ ගල්කිස්සේ හෝටලයක නතරවී සිටිය දී ආගිය අතක් නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
සාප්පු යන බව පවසා අඟහරුවාදා උදේ 6.30ට පමණ හෝටලයෙන් පිටවී ගිය ඇය සොයා විමර්ශන ආරම්භ කැර ඇතැයි පොලීසිය කියයි.
ඇගේ මුදල් සහ ගමන් බලපත්‍රය හෝටලයේ ඇති බව ද පොලිසිය පවසයි. ඇය ගැන තොරතුරක් ඇතොත් පවුලේ අයට 07800849826 අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කෙරේ.
ඇගේ අතුරුදන්වීම ලන්ඩන් පුවත්පත්වල ද පළවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේ ගියාද දන්නෙ නැහැ. (නි)
දැන් ඉතින් එහෙන් ලංකාවට යන්න එපා කියලා තහංචියක් පනවයිද දන්නෙ නැහැ (නි)
නරකද පොඩ්ඩක් යන්න ඇතැයි සැකසහිත පෙදෙස් වල හොයලා බැලුවොත්? (නි)
ඇත්තටම ඇයට කුමක් වුණාද? (නි)
රජයත් පොලිසියත් ශ්‍රී ලංකාවේ තියෙන බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයත් යන තුන් ගොල්ලම එකතු වෙලා අවංකවම මෙයා ගැන සෙවිය යුතුයි....මම ප්‍රර්ථනා කරනවා මෙයාව ඉතාම ඉක්මනින් ..දේශපාලකයෙකුගේ ගොදුරක් නොවී ..නිරුපද්‍රිතව හමුවේවා කියලා. තව එකක් ...මෙයත් අර තංගල්ලේදී වගේ ගොදුරක් වුනොත් නම්.. මදි නොකියන්න එංගලන්තයෙන් කන්න වෙනවා වෙනවාමයි...තංගල්ලේ ප්‍රශ්නය රුසියානු තරුණියක් සහ අරාබි ජාතික තරුණයෙක් ...නමුත් මෙයාගේ නම අනුව ' ඉංග්‍රීසි ජාතික ' ලඳක්. කතාවක් තියෙනවා ' ලෙයට ලෙය කකියනවා ' කියල. (ස)
ගල්කිස්සේ හෝටලේ නැවතී සිටියා නම් උදේ පාන්දර 6.30 ට ෂොපින් යන්න අවශ්‍යතාවයක් උනේ මොකද ? බොරුවක් කියා වෙන කොහේ හරි ගියා වත්ද ? (නදී)
බැරි වෙලාවත් බෙන්තර පාලම පන්නල එගොඩ වුනා ද ? (නදී)
උතුරට නෑගම් ගියාවත්ද ? (නදී)
අම්මෝ ආපහු රටට කළු පැල්ලමක් නම් ඇති වෙන්න දෙන්න එපා. ඉක්මනට මේ මනුස්සයට මොකද උනේ කියල සොයා බලන්න (නදී)
ඔව් ඉක්මනට මේ මනුස්සයට මොකද උනේ කියල සොයා බලන්න, වයසත් 26යි. අපේ කකුල් දෙකේ තිරිසන්නුට 26 ද 62 ද ප්‍රශ්නයක් නෙවෙයි. එ්ත් මේ මනුස්සයට කරදරක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා (නදී)
මෙම සිද්ධිය ගැන කණගාටුයි නමුත් මෙය කාගේ හෝ පැහැර ගැනීමක් නම් දැනටමත් ඔවුන්ගේ පහත් ආශාවල් සපුරාගෙන ඇති. (නදී)
අර කට්ටිය තවම රිමාන්ඩ් එකේ නේද? (නදී)
ලංකාවේ සංචාරක ව්‍යාපාරයට හොද ප්‍රචාරයක්. (නදී)
පාස් පෝර්ට් එක තියෙනවා නම් මේ කාන්තාවගේ ජායාරුපයක් පත්තරේ පල කරන්න. නම කිව්වට අපි මෙයාව දැකල නැහැනේ, ඉතින් කොහොමද දැක්කොත් අදුරගන්නේ ? (නදී)
මේ වෙන දේවල් එච්චර හොඳ දේවල් නම් නෙමෙයි.ශ්‍රී ලංකාවේ තිබෙන සියලුම නීති තව තවත් දැඩි කළා නම් හොඳක් වෙයි. මොකද වැරදි කරන අය දඬුවම් ලබා පැමිණ නැවතත් පෙරට වඩා නරක වැඩ කරන්න පටන් අරගන්නවා. (නි)
සංචාරකයිනුත් රට තොට ගැන හරිහැටි නොදැන ඇවිදින්න යන එක වැරදියි (නි)
පුදුමයි ඒත් ඇත්තයි. (නි)
අපොයි , ඉක්මනට සොයාගන්න ඕනෑ. මේ වතාවේ නම් ලංකාවට ගැළවීමක් නැහැ. (නි)
මම නම් කියන්නේ ඉවසීමෙන් බලා සිටිමු කියලයි (නි)
ඡායාරූපයක් පළ කර, සියලුම මාධ්‍ය වලින් මේ කාන්තාව සොයාගන්න උදව් ඉල්ලන්නත් පුළුවන්. විදේශිකයෙක් නම් හඳුනාගන්න මහජනයාට වුණත් අපහසු නැහැනේ. ඉක්මණින් තොරතුරක් ලැබුනොත් හොඳයි. (නි)
කාව හරි හම්බවෙන්න ගියාද? (නදී)
ගංවතූරට කොටු වෙලාවද්ද? (නි)
කට්ටිය ටිකක් ඉවසලා ඉන්න දවසක් දෙකක් මේ කතාවේ ඇත්ත දැනගන්නා තෙක්... (නි)