හෝකන්දර ගුවන් අනතුරින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ නාමල් චතුරංග (26) මියගිය බව ජාතික රෝහල කියයි.

ඔහුගේ ජීවිතය බේරාගැනීමට වෛද්‍යවරුන් ලොකු සටනක් කළ බවත් ඔහුගේ පාද සහ අතක් ද කැපීමට සිදුවූ බවත් රෝහල් ආරංචි කියයි.

පසුගිය 12 වැනිදා ගුවන් හමුදාවට අයත් ඇන්ටනොව් 32 යනාය කඩා වැටී එහි සිටි භටයන් තිදෙනකු මිය ගියේය.