(උපාලි ආනන්ද)
කලාවැව නාමල් උයන සහ ඒ අවට ප්‍රදේශවල වසර ගනනාවක් සැරිසරමින් සිටි බරණ දළ ඇතාට විදුලිය සැර වද්දවා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ අධිකරණ නියෝග මත දැනට ඇප මත මුදා හැර සිටින සැකකාර පොලිස් කොස්තාපල්වරයාගේ සේවය වාහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ බව සහකාර පොලිස් අධිකාරි නාමල් පෙරේරා මහතා පවසයි.
ගල්කිරියාගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ කරන පොලිස් කොස්තාපල් (51622) ජයසුන්දර හේරත් මුදියන්සේලාගේ අජිත් කුමාර ජයසුන්දර නමැති සැකකරු ඉකුත් 6 වන දින ගල්කිරියාගම වනජීවී කාර්යාලයට බාර වීමෙන් පසුව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවෙ ඇපමත මුදා හැරියේය.
බරණ දළ ඇතාගේ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වූ වනජීවී පශූ වෛද්‍ය ඉසුරු හේවාකෝටිටගේ මහතා ඇතාගේ මරණයට හේතුව ලෙස විදුලිය සැර වැදීමෙන් හෘර්ද වස්තුවට සිදුව ඇති බලපෑම ඇතාගේ මරණයට හේතුව වී ඇති බව තීරණය කළේය.
විදුලිය සැර වද්දවා මරා දැමුණු බරණ දළ හස්තියගේ වයස අවුරුදු 30 ක් පමණ වන බවත් බරණගේ උස අඩි නවයක් පමණ වන බවත් පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වූ වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ මහතා විසින් තහවුරු කළේය.
බරණට අඩි හතරක් පමණ දිග පිරිපුන් දළ යුගළකට හිමිකම් පෑවේය.
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බරණ ඇතාගේ ඝාතක කොස්තාපල්ගේ වැඩ තහනම්
fairoos Wednesday, 10 August 2022 01:00 PM
ඇප දීලත් ඉවරයි.. ඉතින් කොහොමද මෙවැනි අපරාද නවත්වන්නෙ?