ජනප්‍රිය පොප් ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් මියගොස් ඇති බවට ට්විටර් ගිණුමකින් පළ වූ පණිවුඩක් පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.
මෙම පණිවුඩය පලවී තිබෙන්නේ සෝනි මියුසික් සමාගමට අයත් ට්විටර් ගිණුම මගින්. කෙසේ වෙතත් මෙම පණිවුඩය පළ කර ඇති ගිණුම සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති බවත්, එම ට්විටර් පණිවුඩය මේවන විට ඉවත් කර ඇති බවත් සෝනි සමාගම පසුව පවසා තිබෙනවා.
මේ හේතුවෙන් බ්‍රිට්නි ගේ රසික රසිකාවියන් ගෙන් සමාව අයැද සිටින බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා. මේ සම්බන්ධයෙන් බ්‍රිට්නි ස්පියර්ස් ප්‍රතිචාර දක්වා නැතත් සිය සේවාදායිකාව සුවෙන් සිටින බව ඇගේ කළමනාකරු විසින් පවසා තිබුණා.
මේ වනවිට සෝනි සමාගමෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ සෝනි සමාගමේ ට්විටර් ගිණුම හැක් කර ඇති බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd