(තරිඳු ජයවර්ධන සහ ටෝනි කරුණානායක)
ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ප්‍රදේශවාසීන්ට වෙඩි තැබූ යුද හමුදා කණ්ඩායම බාරව සිටි බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන ලබන 31 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන් පතිරණ මහතා අද (25) නියෝග කළේය.
පුද්ගලයන් තිදෙනකු ඝාතනය කිරීම,මීනීමැරීමට තැත් කිරීම හා ආධාර අනුබල දීමේ චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය විසින් දේශප්‍රිය ගුණවර්ධන මහතා අද දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.
වැලිවේරිය විරෝධතාව විසිරීම සඳහා යුද හමුදාව පැමිණ ඇත්තේ පොලිසියේ කැඳවීමකින් තොරව බවත් එම අවස්ථාවේ එම ස්ථානයේ සාමකාමී වාතාවරණයක් පැවති බවත් කලබලකාරී තත්ත්වයක් ඇති වීනම් එය විසිරවීමට පොලිස් කැරලි මර්දන ඒකකය සහ ජල ප්‍රහාරක රථ සුදානමින් තිබූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය.
මිනීමැරීම් චෝදනා යටතේ ගුණවර්ධන සුරිය ආරච්චිලාගේ දොන් අනුර දේශප්‍රිය මහතා මැයි 31 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස රහස් පොලිසිය ඉල්ලා සිටියේය.
සැකකාර බ්‍රිගේඩියවරයා අත්අඩංගුවට ගැනීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන හෙයින් බී වාර්තාවේ පිටපතක් ලබාදෙන ලෙස බ්‍රිගේඩියවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.ඊට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අවසර දුන්නේය.
2013 අගෝස්තු 01 වැනි දා වැලිවේරියේදී කළ වෙඩි තැබීමෙන් අකිල දිනේෂ් සහ රමිල රවිශාන් යන සිසුහූ දෙදෙනා සහ නිලන්ත පුෂ්පකුමාර නම් තරුණයා ජීවිතක්ෂයට පත් වූහ.
මේ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මුලින්ම විමර්ශන පැවැත්වූ අතර එම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ රතුපස්වල ප්‍රදේශවාසීහු පොලිස්පතිට සහ නීතිපතිට 2015 පෙබරවාරී 06 වැනි දා පැමිණිලි කළහ.
ඒ අනුව 2015 මාර්තු 05 වැනි දා පොලිස්පතිවරයා විසින් රතුපස්වල පරීක්ෂණ රහස් පොලිසියට පවරනු ලැබීය.
රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතා සහ උප පොලිස් පරීක්ෂක උපාලි බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ සිදු කෙරිණ.
150 දෙනකුට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගත් රහස් පොලිසිය විසින් පසුගිය අප්‍රේල් මාසයේදී යුද හමුදාවේ තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
යුද හමුදා මාණ්ඩලික සැරයන් ඩිංගිරි අරුණගේ සිරිසේන, සැරයන් ලලිත් ගේ‍්‍ර සහ කෝප‍්‍රල් ජයසුන්දර මුදියන්සේලාගේ තිලකරත්න යන යුද හමුදා සාමාජිකයෝ තිදෙනා තවමත් රිමාන්ඩ් බාරයේ සිටිති.
යුද හමුදාව වැලිවේරිය කතෝලික දේවස්ථානය තුළද වෙඩි තැබීම් සහ පහරදීම් කර ඇති බව රහස් පොලිසිය ප්‍රකාශ කළේය.
බ්‍රිගේඩියර්වරයා අත්අඩංගුවට ගත් බවට ආරංචි වී සියනෑ පරිසරය සුරැකීමේ ඒකාබද්ධ සංවිධානයේ කැඳවුම්කරු සුරේෂ් පෙරේරා ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් අධිකරණ භූමියට පැමිණ සිටියහ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතා සහ උප පොලිස් පරීක්ෂක උපාලි බණ්ඩාර මහතා පෙනී සිටි අතර සැකකරුවන් වෙනුවෙන් නීතීඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා සහ නීතීඥ චින්තක අමරසිංහ මහතා පෙනී සිටියහ.
අධිකරණය විසින් රිමාන්ඩ් කරනු ලැබූ බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා පොලිස් සහ බන්ධනාගාර රැකවල් මධ්‍යයේ බන්ධනාගාර රථයකින් රැගෙන යනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහුව රිමාන්ඩ් කරලා හරියන්නේ නැහැ. ඕඩර්ස් දුන්නේ කව්ද කියල මෙයාගෙන්ම අහගන්න.
මෙසේ වෙන්නේ තව තවත් ජනතා අප්‍රසාදයට රජය ලක්වීමයි...රණවිරුවන් රිමාන්ඩ් කිරීමට පෙර ඔහුව එතනට යැව්වේ කවුද කියා සොයා නොබලන පාලකයා කවුද ..? අවම බලය යොදවා විරෝධතාවය මැඩලීමට මුලින්ම පොලිසිය නොකැඳවූයේ අැයි...?
මේ සිද්දියට සම්පුර්ණයෙන්ම වග කියන්න ඕනේ ජනතා විමුක්ති පෙරමුණ. ඔවුන් ගම්වාසීන් ට බොරුවට උසිගන්වා රටට විදේශ විනිමය ගෙනෙන කර්මාන්ත ශාලාව වසන්න උනන්දු කරා නමුත් 2015 වසර මැදදී මෙම ජලය බීමට පිරිසිදු බව අධිකරණයට තහවරු කරලා තියෙනවා.සේවකයන් හා නිලධාරීන් අතර සුළු ප්ර්ශනයකට විසදුම් දුන්නේ මේ ආකාරයට.
විරෝදතාවයක් මැඩලීමට අදාල පොලිසියෙන් මුලිම්ම යායුතුය ...කවුරුත් කැදවන තුරු බලන් ඉන්න අවශ්‍ය නැත පොලිසියෙන්ද ප්‍රශ්න කලයුතුය
ඕඩර්ස් දුන්න කෙනා බය නැති කෙනෙක් නම් හැංගිලා ඉන්නේ නැතුව කෙලින්ම ඉදිරියට ඇවිල්ලා මේ නිලධාරියාව බේරාගන්න පුළුවන්නේ.
මේ බොරු වැඩ. මාධ්‍යට පේන්න කරන විකාර. තව මස දෙකකින් නිදහස් කරලා සල්ලිත් ගෙවයි. මෙහෙමත් දූෂිත රටක්. කොයි ආණ්ඩුව ආවත් ඉන්නේ එකම හොරු සෙට් එක. මෙව්වා දැනගෙනත් මිනිස්සු මේ හොරුන්ගේ පස්සෙම යන එකනේ වැඩේ.
ජනතා විමුක්ති පෙරමුණ කරපු තුනේ පන්තියේ දේශපාලනය නිසා තමා මේවා වුනේ. කවදත් කලේ රටේ ආර්ථික සම්පත් විනාශ කරපු එකනේ.... වුණේ. කුහකකම පදනම් කරගන තමා ඒ උදවිය දේශපාලනේ කරන්නේ....