මෙරට වෙබ් අඩවි අසත්‍ය ප්‍රකාශ පළකිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (19) අධිකරණ සේවා සංගමය සංවිධානය කළ ‘විනිශ්චයකාරවරුන්ගේ වාර්ෂික සමුළුවට‘ වත්තලදී එක්වෙමින් ප්‍රකාශ කළේය.
මෙරට වෙබ් අඩවිවලින් දිනකට වැඩිපුරම නින්ද හා අපහාස ලබන පුද්ගලයාගේ වාර්තාව හිමිවී ඇත්තේ තමාට බවත් කී ජනපති අධිකරණය ද , දේශපාලනඥයන්ටද, බන්ධනාගාරයට ද පුද්ගල තරාතිරම අනුව ද විශේෂ සැලකිලි දක්වතියි ජනතාවගේ දැඩි විවේචනයක් ඇති බව ද කීවේය.
වත්තල ‘පෙගැසස් රීෆ්‘ හෝටලයේ පැවැති සමුළුවට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩඩ්ලි සේනානායක මහත්තයාගේ කාලේ තිබුනා හත්හවුල කියලා එකක්. ඒක හරිගියෙත් නැහැ. ශ්‍රීලනිප සහ එජාපය එකතුවෙලා ආණ්ඩුවක් හැදුවට එ්කත් ආඬි හත්දෙනාගේ කැඳ හැලිය වගේ. යහපාලනය නමට "යහ" ක්‍රියාවෙන් "වහ" වේගෙන එනකොට සත්‍ය වෙනුවෙන් කෙසේවෙතත් අසත්‍ය වෙනුවෙන් ආණ්ඩුවට මේ පියවර ගන්න වෙනවාමයි. ඔහොම යමු! (නි)
අදහස් දාන උදවිය, අනිත් අය දාන අදහස් ටිකත් කියවා රට පත්වී ඇති තත්වය තේරුම් ගන්නවා නම්... (නි)
එදා රජයට කිසිම පත්තරයක් උදව්වට හිටියේ නැහැ. ඒ වගේ වෙබ් තමයි මෙතුමලා වෙනුවෙන් කතා කළේ. අද මොනවද කරන්නේ කියලා මෙතුමලාම දන්නේ නැහැ. (නි)
මට හිතෙන්නේ නූතනයේ අන්තර්ජාලය කියන්නේ මොකක්ද කියලා හරි අවබෝධයක් නැතුවා වගෙයි බොහෝ අයට. (නි)
ඔබතුමා ‘දෙපිටකාට්ටුවන්ගෙන්‘ පරිස්සම් වෙන්න (නි)
උඩට ගිය ඉණිමගට පයින් ගැහන්න එපා. වෙන දේ දන්නවානේ. (නි)
මාධ්‍ය නිදහස කියන්නේ එක එක මිනිසුන්ට කුණුහරුපෙන් බැනලා අපහාස කරලා පුවත් මවන එක නෙමෙයි. ඊටත් වඩා, සදාචාරාත්මක විදියට ඇත්ත ඇති සැටියෙන්ම හොඳට හොයලා බලලා වාර්තා කරන එකයි. නීතිය හමුවේ ජනාධිපතිත් සාමාන්‍ය මිනිසත් එකයි. (නි)
ඔන්න යහපාලනයේ මාධ්‍ය නිදහස උතුරන්නයි යන්නේ (නි)
අපි කරගත්ත අපරාධයක් කියලා හිතෙනවා දැන්නම් (නි)
මුලින්ම දේශපාලකයන් බොරු කියන එක නවත්වන්න. (නි)
මොන තුරුම්පුව ගැහුවත් ඔයාලට මේක කරන්න බැහැ. එ්ක කලින්ම අපි දැනගෙන හිටියා (නි)
බොහොම හොඳයි. ජය ශ්‍රී! (නි)
මුලින්ම දේශපාලකයන් හැමෝම බොරු කියන එක නවත්වන්න. දේශපාලන වැඩසටහන් සහ වේදිකාවේ ඇමතිලා නිකන් හිතෙන එ්වා කියනවා. මේවා වගකීමකින් කියනවා නම් බොරු වෙබ් සයිට් වලටත් බොරු දන්නා බැහැනේ. මේක වෙලා තියන්නේ ඇමතිලා පස් දෙනෙක් බොරු පහක් එකම දේ ගැන කියනවා. කිව්වේ නැහැ, දැක්කේ නැහැ වගේ එක එක බොරු. (නි)
ඕක තමයි ලොක්කෝ පුරාණ පඩිවරු කිව්වේ බලය ගන්න ලේසියි .රැක ගන්න අමාරුයි කියලා ....බලය ගන්න කොට ඕන බොරුවක් ගහතහැකි (බ)
නොහැකියාව වහගන්න දේශපාලකයන් කියන කතාත් අපි හොඳට දන්නවා (නි)
මැතිවරණයට පෙර දුන් පොරොන්දු අනුව වැඩ කරන්න. සිංහලයාට ,බොදු උරුමයට කරන විනාශය නවත්වන්න. කාටත් අනාගතය ගැන බියකින් තොරව ජීවත්වීමට ඉඩ සළසන්න. ශ්‍රී ලංකාව කොටි හිතවතුන්ගේ පාරාදීසයක් කිරීම නවතන්න. ජනතාව බඩ වටා පටි තද කරගනිද්දී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බඩ වඩා ගැනීම්, තරකර ගැනීම් නවත්වන්න. එදාට ඔය අපහාස උපහාස නවතීවි. (නි)
ලක් මෑණියන් නරා වලට දක්කමින් ඉන්නවා (බ)
ඔබතුමාව ඔය පුටුවට ගේන්න කටයුතු කළේත් ඔය කියන වෙබ් අඩවිම තමා. ඉනිමඟෙන් ඉහළට නැඟලා තවකෙකුත් ඉහළට නඟී යන බියෙන් ඉනිමඟට පයෙන් ගැසීමක් වැනිය (නි)
යහ පාලනය මං හිතුව ඕක හරියන්නැතිවෙයි කියල. මාධ්‍ය නිදහස ට පහර වදිනව වගේ. රටක පාලකයෙකු නින්දා හා අපහාස නොලබනවානම් ඒකත් අඩුවක් (බ)
ඔය මොනවා කිව්වත් යහපාලනය ගැන ජනතාව තුළ තිබුණ යහපත් බලාපොරොත්තු, විශේෂයෙන් අගමැති ඇතුළුව ඔබතුමාලා නැතිකළා. තවදුරටත් ගමන ඔහොම නම්, පළාත් පාලන මැතිවරණයේ ඉඳන් එ්ක බලාගන්න පුළුවන් වෙයි. (නි)
ඉතා හොඳයි. (නි)
ඔහොම ගිහින් තව තව ඒවාට වැටවල් බඳීවිද කියන සැකයක් මිනිසුන් තුළ ඇතිවී තිබෙනවා. හැබැයි කටවල් වටේ ඔය මොනවත් බඳින්න නම් අමාරු වේවි. (නි)
නින්දා ලබන්නත් හේතුවක් තියෙන්න ඕනෑනේ (නි)
කළොත් කරන්නේ ඔය වගේ වැඩක් තමයි මෙතුමා! (නි)
දැන් කොහොමද තීරණය කරන්නේ මොකක්ද ඇත්ත මොකක්ද බොරුව කියලා (නි)
අපි බලමු මේ කියන දේවල් කෙරෙයිද කියලා (නි)
මම හිතුවා ඕක හරියන්නේ නැතෙයි කියාල (බ)
මුලින්ම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමති තුමාගේ කටට වැට බැඳිය යුතුයි. කට ඇරියොත් කියන්නේ බොරු. රජය මෙතරම් අපකීර්තියට පත්වෙන්න ප්‍රධාන හේතුව රජයේ තීරණ දැනුම් දෙන මාධ්‍ය සාකච්ඡා වලදී ඔහු කියන දේ දැන් ජනතාව විශ්වාස නොකරන නිසායි (බ)
ජනාධිපති තනතුරේ විධායක බලය අඩුකළා. දැන් කාටද වැට බැඳීගෙන යන්නේ? (නි)
මම හිතන්නේ මේ කියන්නේ සමහර අපකීර්තිමත් වෙබ් අඩවි ගැන වෙන්න ඕනෑ. සමහර වෙබ් අඩවි කා ගැන හෝ පුවතක් පළකරන්න කලින් එම පුද්ගලයා අමතනවා. මේවට කියන්නේ බ්ලැක් මේල් වෙබ් අඩවි කියලා. (නි)
සකුන්තලා, රටේ සහ ලෝකයේ සිදුවන දේවල් අපි දැනගන්නේ මාධ්‍ය හරහා. ඒක නිසා අපි බලාපොරොතු වෙන්නේ හරවත් සත්‍ය මාධ්‍යයක්. බොරු කියන මාධ්‍ය ඕනෑ වෙන්නේ නැහැ. ඒක නිසා මේ කරන්න යන්නේ මාධ්‍ය නිදහස නැතිකිරීමක් නොවේ, බොරුකාරයන්ට වැට බැඳීමක්. (නි)
ඔබතුමාව ඔය පුටුවට ගේන්න කටයුතු කළේත් ඔය කියන වෙබ් අඩවිම තමා. අනික ඔබතුමාට විවේචන එල්ල වෙන්නේ ඇයි කියල පොඩ්ඩක් හැරිලා බලන්න ඔබ හරිද කියල (බ)
අසත්‍ය ප්‍රකාශ පළකිරීම වැළැක්වීමට වඩා අසත්‍ය ප්‍රකාශ කරන, බොරු කියන මිනිසුන් රවටන දේශපාලකයන්ට දඬුවම් කළොත් නරකද? (බ)
බොරු වෙබ් අඩවි නතර කළා නම් මහින්ද මහත්තයා තාමත් බලයේ ඉන්නවා (ම)
එ්ක නම් ඇත්ත අද හුගක් වෙබ් අඩවි කරන්නේ බොරු ප්‍රචාරණයන් මේ නිසා ඇත්ත බොරුව හොයා ගන්න බැරි වෙලා තියෙන්නවා (බ)
රොහාන්, ඔබ සමඟ මමද එකඟවෙමි. අද සමහර වෙබ් අඩවි මඟින් ප්‍රකාශිත දේවලින් සත්‍ය අසත්‍ය වෙන්කර ගත නොහැකි තරම් (නි)
රඛිත ඔයාට වැරදිලා. මහින්ද නැති කාලේ ඇත්ත කියන වෙබ් අඩවි බොරු වෙබ් අඩවි හරිම සාර්ථක වුණා. ඒවාගේ ලණු කාලා තමයි මහින්ද පැරදුණේ (බ)
මේගොල්ලෝ බලයට ආවේත් බොරුව වපුරලානේ, දැන් කොහොමද අපු ඉනිමගට පයින් ගහන්නේ ?(ම)
හරිදේ හරියට කරන්න.එතකොට විවේචන ඉබේම නැවතී මිනිස්සු හොඳ කියාවි. (ම)
මොනවා කිවුවත් මෙතෙක් කරපු දෙයක් නම් නැහැ (නි)
මේ කරන්න යන වැඩේට නම් අපි එච්චර කැමති නැහැ (නි)
පොදු යහපත උදෙසා වැඩ කරන්නේ නැතිවුණාම මෙහෙම තමයි. ඔබතුමාලා බලය ගන්නකොට කියපු බොරු සියලුම මාධ්‍ය වල පළවුණානේ. අද මිනිස්සු එකතු වුණහම බනින විදිහ තමයි ඔය කියන අන්තර්ජාලේ පළවෙන්නේ. (නි)
අතීසාරයට අමුඩ ගැසීම කියන්නේ මේවා තමා (නි)
ලංකාවත් උතුරු කොරියාව වගේ කළා නම් වෙබ් අඩවි ඕනෑම නැහැ නේද. එතකොට ඕනෑම දෙයක් කරගෙන සද්ද නැතුව ඉන්න පුළුවන්. (නි)
මම නම් රටේ වෙන හැමදෙයක්ම දැනගන්නේ පත්තරෙන්. කොටින්ම කියනවා නම් කැබිනට් මණ්ඩලයේ කරන කියන දේවල් දැනගන්නෙත් පත්තරෙන් (නි)
සත්‍ය හැටියට පිලි ගත යුත්තේ ආණ්ඩුවට වාසි වෙන පුවත් පමණ ද? මේ එන්නේ ප්‍රකාශන නිදහසට වැඩේ දෙන්න. ඇයි අර පත්තරවල පල වෙන `වශී ගුරුකම්` වගේ ජනතාව රවටන වෙළඳ දැන්වීම් තහනම් කරන්නේ නැත්තේ?(අ)
කන්න දීපු අත හපාකන්න එපා (නි)
ඔබ පොදුවේ මිනිසුන්ට හරි දේවල් පමණක් කරගෙන යනවා නම් බොරු වලට බයවිය යුතු නොවේ (නි)
ඔන්න හොඳ වැඩක්. බොරු සහ අසහනකාරී දේවල්, නළු නිළියන්ගේ පුද්ගලික දේවල්, බොරුත් සමඟ අන් අයගේ ජීවිත එක්ක සෙල්ලම් කරන මේ වෙබ් අඩවි තහනම් කළයුතුයි (නි)
මෙතුමා නිසා පටන්ගත්ත දෙවල් නේද මේ? මේක නම් දෛවයේ සරදමක් (නි)
දැන් පේනවනේ කරන ක්‍රමය... වෙනසක් තියෙනවද? නැහැනේ! (නි)
දැන් ඔය බොරු කියන වෙබ් අඩවි නොතිබෙන්න තවමත් රටේ ජනාධිපති වෙලා ඉන්නේ හිටපු කෙනාමයි. එදා හොඳයි. අද නරකයි. (නි)
ජනාධිපති පුටුවට ගේන්න කටයුතු කළේත් ඔය කියන වෙබ් අඩවිම තමා. අනික ඔබතුමාට විවේචන එල්ලවෙන්නේ ඇයි කියලා පොඩ්ඩක් හැරිලා බලන්න. (නි)
එදා කිව්වේ මහජන මුදල් වංචා කරන අය බලු කපුටෝ වෙලා උපදිනවා කියල. එහෙම කියපු අය අද කරන්නේ මොනවාද? මේවා කාට කියන්නද? (නි)
අපි නොදැන කරගත් මේ අපරාධය අපේ හත්මුතු පරම්පරාවටම පටිසන් දෙනවා. අපි මහින්ද රාජපක්ෂගේ රජයට විරුද්ධ වෙලා මේ රජය පත්කරගෙන හත්පොළේ ගා ගත්තා වගේ දැනෙන්නේ (නි)
ඔය වෙබ් අඩවි වලට පින්සිද්ධ වෙන්න තමයි දැන් කට්ටිය බලයට ඇවිල්ලා ඉන්නේ (නි)
උඩට නැගපු ඉනිමඟට පයින් ගසන්න එපා (නි)
ජනාධිපතිතුමා කරපු එකම දෙයක් හරි කිව්වොත් මම සැබවින්ම පුදුම වෙමි. (නි)
ඔබතුමා මේ වැට බඳින්න යන්නේ ඔබතුමාව ඔය තත්වයට ඔසවා තැබීමට ක්‍රියාකාරිව, දිවි පරදුවට තබා කටයුතු කළ වෙබ් අඩවි වලටයි. සමහර වෙබ් අඩවිවල අසත්‍ය ප්‍රවෘත්ති පළවන බව ඇත්තක්. සමහර ඒවා වලින් විවේචන කරනවා. මිනිස්සු නිකම්ම විවේචන කරන්නේ නැහැ. හේතුවක් ඇතුව කරන විවේචන වැරදි වෙන්නේ කෙසේද...? ඔබතුමාලා බලයට පත්වන්නට පෙර මහජනයාට දිවුරා පොරොන්දුවී ඔවුන්ගේ වටිනා ඡන්දය හිඟාකමින් කී දේවල් අද අමතකද...? (නි)